(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
2019 නුවරඑළිය වසන්ත උත්සව සමයට සපැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය හාවාඑළිය මුත්තුමාරි අම්මන් දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන තේරු උත්සවය හෙවත් පෙරහැර මංගල්‍යය සමාරම්භක අවස්ථාවට සහභාගී විය.
මුත්තුමාරි අම්මන් දේවාලයේ දායක සභාවේ සභාපති විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය වී රාධාක්‍රිෂ්නන් මහතා ඇතුළු දේවස්ථානයේ කාර්ය මණ්ඩලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසව ඉතා පිළිගත්හ.
තේරු උත්සවයට සංවිධානය කර තිබු පත්තින දෙවියන්, ගණදෙවියන් හා කතරගම දෙවියන් සඳහා වෙන් වෙන්ව සකස් කර තිබූ පෙරහැර සංදර්ශන රථ වෙත ගමන් කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගත්තේය. දෙවොලේ දායක සභාවේ සභාපති අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා විසින් සමරු තිළිණයක් විපක්ෂ නායකවරයා වෙත ප්රදානය කළේය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය සී. බී. රත්නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්. රාජාරාම්, නුවරඑළිය මහා නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙක්ද සහභාගී වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාලායන්න අදහසක් ඇත්තෙම නැහැ..
බුදුහාමුදුරුවො දේශනාකල බුද්ධ දර්ශනය පිළිගන්න පිරිසිදු බෞද්ධයන්ට දේවාල සමඟ තිබෙන පංගුකාරකම කුමක්ද ?දන්නෙ නැති නිසා අහන්නෙ.
පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමැති, අගමැති, ජනාධිපති, හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, විපක්ෂ නායක... අයියෝ බල තණ්හාවක තරම... මැතිඳුනි තම නම රැකගෙන සිටියා නම් ඔබතුමා තවත් බැබලෙන්නට තිබුණා කියා සිතෙන්නේ මට විතරද?
සුජීව කියන කතාව ඇත්ත. ඔයාටත් එම උණ තියනවා. නැත්නම් මොන උනටද ඔයා නිව් යෝර්ක් කියා නම වෙනස් කලේ? අපි නම් ඉන්නේ ලංකාවේ... අපි කොළඹ 7 හිටියත්, වන්නියේ හිටියත් නමට ගම එකතු කරන්නේ නැත. ඔය අැමෙරිකා තියා මොන දීපංකරයට ගියත්, ලංකාවේ තියෙන සුන්දරත්වය නැත. කතා කරන්න හිතවතෙක් නැත. ලංකාව දමා ගියාට කම් නැත. ඒත්, එමගින් දැන් පොරක් කියාලා හිතන එක ගැන තමා අපට දුක... මොකද, ඔයාත් සමග ලංකාව දමා ගිය සියලු දෙනා වෙනත් රටවලට සංක්‍රමණය වුනේ, අපවන් දුප්පත් ශ්‍රී ලාංකිකයන් ඔබ සියලුදෙනාහට නිදහස් අධ්‍යාපනය තුළින් උගත් පුද්ගලයකු කළ නිසාය. සුජීව කිව්වා මෙන්, ඉන්න රටේ නම දමා පොරවෙන්න හදනකොට ඔබලාව උගතුන් බවට පත්කළ දුප්පත්, තවමත් ලංකාවේ ජීවත්වන අපට ඇතිවන්නේ ඉතාමත් දුකකි...
ඒ අස්සේ අර අපේක්ෂා රෝහල වෙනුවෙන් දියත්කර ඇති බෝසත් ව්‍යාපාරයට ඔලුව දාලා එ්කත් දේශපාලන වාසියට හරවා ගත්ත එක නම් ටිකක් අබිලික්... " රුපියල් 50ක් ඉල්ලුවාම ලක්ෂ තුන, හතර.." පරිත්‍යාගකළ මිනිස්සු එහෙම කලේ ප්‍රචාරයක් බලාගෙන නොවුණත් නාමල් මන්ත්‍රීවරයා එක මාසෙක පඩිය පරිත්‍යාග කරලා ලක්ෂ ගණනක් වටිනා ප්‍රචාරයක් ලබාගත්තා නේද?
අවංකවම ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබගේ නම පමණක් සඳහන් කලොත් රටක් වටිනවා. විදේශයක ඉන්නවා කියලා මට නම් හැඟීමක් නැහැ. ඉස්සර නම් ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ ඉන්නවා කිව්වොත් ලොකු දෙයක් තමයි. දැන් එහෙම කියන්න ගියොත් වෙන්නේ " මගේ පුතත් ඉන්නේ ඕමානයේ, එහෙම නැත්නම් ජෝර්දානයේ" කියල අහගන්නයි. කවුරු වුණත් කමක් නැහැ. අපේ රට කියලා හැඟීමක් ඇති කර ගත්තොත් හොඳයි. හැබැයි එකක් කියන්නම් රජයේ ආයතනයකට තම වැඩක් කර ගන්න ගිහින් නම් ඉන්න රට ගැන කියන්න එපා. ඒ අයට පුදුම කැසිල්ලක් ඇති වෙන්නේ... සමහර විට වැඩේ නොකෙරෙන්නත් පුළුවන්.
හිටපු ජනාධිපතිතුමා රට බේරාගත්තා. අපි එතුමාට ගරුකළ යුතුයි. උගත් දෙමල අය රටවල් බෙදන්න සහ යුද්ධ කරන්න කැමති නැහැ. නූගත් මිනිස්සු තමයි ඒවා කරන්නේ. උගත් අය ඒවාට උදව් කලේ බලපෑම් වලටයි. සැලකිය යුතු: ඔබ ජීවත්වන ප්‍රදේශයේ නම දැමීමෙන් අදහස් කරන්නේ ලොකුකම නොව, ලොව පුරා/රටපුරා ඉන්නා පුද්ගලයින් අදහස් ප්‍රකාශ කරන බවයි.
ජේ ආර් ජනාධිපති වුනේ අවුරුදු 71 දී අයින් වුනේ 1989 දී. අවුරුදු 11ක් මුල් පුටුවේ හිටියා. මහින්දට අවුරුදු 73ක් වුනාට පෙනුම 55ක් විතර. ඒ නිසා තව අවුරුදු 20ක් විතර ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්න පුළුවන්.
සමාවෙන්න. මෙතන බොහොමයක් අදහස් මාතෘකාවට අදාලව නෙමෙයි. මේවා මාධ්‍ය සංදර්ශන සහ දේශපාලන ප්‍රචාරයන් පමණයි. නැතුව වැදගත්කමක් ඇත්තෙම නැහැ. කැමතිනම් බැලුවා නැතිනම් නොබලා ඉන්නවා. එච්චරයි. පොඩ්ඩක් හිතන්න අදහස්වලින් වාග් ප්‍රහාර දෙන්න අපි ඒ අයගෙන් යැපෙනවද? අපෙන් යැපෙනවා හැරෙන්න...
කෝවිල්, දේව පූජා නම් මහින්ද එතන තමයි...
සමාවෙන්න.... මෙතන බොහොමයක් අදහස් මාතෘකාවට අදාලව නෙමෙයි. මේවා මාධ්‍ය සංදර්ශන සහ දේශපාලන ප්‍රචාරයන් පමණයි. නැතුව වැදගත් කමක් ඇත්තෙම නැහැ. කැමතිනම් බැලුවා නැතිනම් නොබලා ඉන්නවා. එච්චරයි. පොඩ්ඩක් හිතන්න අදහස් වලින් වාග් ප්‍රහාර දෙන්න අපි ඒ අයගෙන් යැපෙනවද? අපෙන් යැපෙනවා හැරෙන්න.
ඔහොම ගියොත් අපේරට... ශ්‍රී ලංකාව කියන නම අහකට දාල ඩී.එස්. සේනානායක කියන නම දාගන්න සිද්ද වෙයි.! මොකද, ඩී.එස්. සේනානායක..නේ අපේ රට සුද්දාගෙන් බේරාගත්තේ ...
සුජීව, දරන අදහසට මමත් එකඟයි. පිටරටක ඉන්නවයි කියනඑක ලොකු කමක්ද මන්දා? නමුත් අපි කොහේ හිටියත් ශ්‍රී ලාංකිකයෝයි කියන එක අමතක කරන්න එපා. මමත් දැන් අවුරුදු 28ක් මෙල්බර්න්වල ජීවත්වෙන්නේ. එ් වුණාට මම කවදාවත් ඉන්න රට මගේ රට කරගන්න සුදානම් නැහැ.
අනේ මෙහෙමත් මිසදිටුවන්.....
නත්තිමෝ සරණං අඤ්ඤං.. බුද්ධෝ මේ සරණං වරං