(ඉන්දික අරුණ කුමාර)
රට තුළ උද්ගතව ඇති අර් බුධකාරි තත්ත්වය හමුවේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල නැරඹීම තාවකාලිකව නවතා ඇතැයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය නිවේදනය කරයි.
 
එහි මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා අද(21)  කියා සිටියේ ආරක්ෂක හේතුන් යටතේ ප්‍රධාන වාරි වේල්ල නැරඹිම මහජනතාවට විවෘත නොකරන බවයි.
 
කෙසේ වෙතත් මොරගහකන්ද ජලාශය ආසන්නයේ පිහිටි නැරඹුම් මධ්‍යස්ථානය තුළින් ජලාශය නැරඹිමට මහජනතාවට බාධාවක් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.
 
ශ්‍රීලංකා මහවැලි අධිකාරිය විසින් නැවත දැනුම්දෙන තුරැ මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල නැරඹිමට මහජනතාවට අවස්ථාව නොලැබෙන බවත් මෙය ජලාශයේ ආරක්ෂාව සදහා ගත් තාවකාලික පියවරක් බවත් දයානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.