සිසුවිය බලෙන් අඹුකමට තබාගත් අයෙක් අත්අඩංගුවට 15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අඹුකමට තබාගෙන සිටි 20 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. 07 November 2018
දෙමළ ප්රගතිශීලි සන්ධානය ජනපතිට බෑ කියයි දෙමළ ප්රගතිශීලී සන්ධානය ජනාධිපතිවරයා මුණගැසී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට සහාය නොදක්වන බව දන්වා සිටි බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. 07 November 2018
‘අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී මමයි‘ අරලියගහ මන්දිරයේ ඔක්තෝම්බර් 26 වැනිදා වනවිට සේවය කරන ලද ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරින් සියලුම දෙනා නැවත එයට අනුයුක්ත කර නැවත කැඳවන ලද සිය කාර්ය මණ්ඩලය හා පහසුකම් ලබාදෙන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතාට ලිපියක් යොමු කර ඇත. 07 November 2018
ජනමාධ්‍ය ජනපති යටතට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 07 November 2018
මන්නාරම මිනී වලෙන් හමු වු සිරුර කොටස් ඇමෙරිකාවට මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ කරන කැනීම් වලින් අද (07) උදෑසන වන විට සිරුරු ඇටසැකිලි 232 ක් හමුවී ඇති බවත් ඒවායේ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට කටයුතු කරන බව කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 07 November 2018
කණ්ඩලමත් වාන් දමයි මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව වාන් දැමීමට පටන් ගෙන තිබේ. 07 November 2018
තබ්බෝවේ වාන් දොරටු 4 ක් යළි විවෘත කරයි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද(7) උදෑසන වනවිට නැවත විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි. 07 November 2018
නේවි සම්පත් යළි රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග කළේය. 07 November 2018
වෙන්නප්පුවේ මූල්‍ය ආයතනයක ඇති වු ගින්න නිවා දමයි වෙන්නප්පුව නගරයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක දෙවන මහලේ අද (07) උදෑසන ඇති වු ගින්නකින් එම ආයතනයේ දෙවන මහලේ පිහිටි පරිගණක හා විදුලි උපකරණ රැසක් විනාශ වි ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 07 November 2018
කලාවැවේ - දඹුළු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරේ ගල්කිරියාගම හා කලාවැව අවට ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ අද (06) කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ. 06 November 2018
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නෑ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධි නැතැයි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පැවැසීය. 06 November 2018
අලුත් ආණ්ඩුවට අසුන් පැනවීම 12 වැනිදා නව අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ලබන 12 වැනිදා සිදුකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 06 November 2018
රංජිත් මද්දුම බණ්ඩාරගෙන් නිලධාරීන්ට අවවාද නව පාර්ශ්වය විසින් රජයේ සේවකයින්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා බල රහිත බවද ඒවා නොපිළිපැදිය යුතු බවද දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට , ආයතන ප්‍රධානීන්ට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දන්වා යවා ඇත. 06 November 2018
සමහර සහන ජනවාරියේ සිටයි නව රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ජනතාවට ලබා දුන් සහන මල්ලේ අඩංගු ඇතැම් සහන ක්‍රියාත්මකවනුයේ ලබන ජනවාරි මස පළමු වැනිදා සිට යැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 06 November 2018
අනිද්දා තෙක් තද වැසි දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑමෙන් අනිද්දා (8) තෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ දිවයින වටා මුහුදු ප්‍රදේශයන්හි තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 November 2018
මුදලට පක්ෂ මාරු කළේ නෑ - වඩිවෙල් සුරේෂ් මුදලට පක්ෂ මාරුකළ බවට තමන්ට චෝදනා කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව වැවිලිකර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අද (6) පැවසීය. 06 November 2018
ඇමෙරිකා තානාපතිනිය විපක්ෂ නායක හමුවෙයි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නව තානාපතිනි ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද (6) පැවැත්විණි. 06 November 2018
හිටපු අගමැතිට මහා සංඝ රත්නයේ ආශිර්වාද ‘ප්රජාතන්ත්රාවදයට ගරු කරමු’ යනුවෙන් කොළඹ පැවැත්වෙන මහා සඟ සමුළුවට සහභාගී වීමට පෙර මහා සංඝ රත්නය අරලියගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ. 06 November 2018
තරුණ සේවා සභාවේ සභාපති මනුල චමල් පෙරේරා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ලෙස මනුල චමල් පෙරේරා මහතා පත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියයි. 06 November 2018
එක්සත් අරාබි එමිරේට්ස් හි රැදී සිටින ලාංකික ශ්‍රමිකයින්ට පොදු සමාකාලය දීර්ඝ කෙරේ නීත්‍යනුකූලව වීසා බලපත්‍ර නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලූම විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය ලබන දෙසැම්බර් 01 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කර ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ශ්‍රී ලංකා කොන්ස්ල් ජනරාල් කාර්යාලය සඳහන් කර සිටී. 06 November 2018
‘ආර්ය අෂ්ටාංගික මාර්ගය සූත්‍ර පිටකය’ කෘතිය එළිදකී මහාචාර්ය ඔලිවර් අබේනායක විසින් රචිත ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය සූත්‍ර පිටකය’ ග්‍රන්ථය එළිදැක්වීම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ශාලාවේදී අද (06) පැවැත්විණි. 06 November 2018
‘ ලංකාවට අවශ්‍යනම් සහය දීමට සූදානම්‘- පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකා රජය සහ එරට ජනතාවට අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවකදී සහාය දීමට සූදානම් යැයි පොදු රාජ්‍ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 06 November 2018
මහසංඝ සමුළුවට භික්ෂුහු පාගමනින් වැඩම කරවති ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව පැවැත්වීම සඳහා කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසළට රැස් වු මහා සංඝ රත්නය කොළඹ නව නගර ශාලාව බලා පා ගමනින් වැඩම කළහ. 06 November 2018
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති. 06 November 2018
ඩී.ඒ රාජපක්ෂ 51 වැනි ගුණ සමරුව දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පනස් එක් වැනි ගුණසමරු උත්සවය අද (06) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී පැවැත්විණි. 06 November 2018
දේශපාලන නායකත්වය නොමැතිවීමෙන් රාජ්‍ය නිලධාරින් අපහසුතා රැසක පවතින දේශපාලන හැල හැප්පීම් හමුවේ රාජ්‍ය නිලධාරින් බරපතල අසීරුතාවන්ට මුහුණ දී සිටින බව පැෆරල් සංවිධානය පවසයි. 06 November 2018
ඊ.පී.ආර්.එල්.එෆ් තීරණය පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය කිසිසේත් රටේ ප්රජාතන්ත්රවාදී යහපැවැත්මට හේතු නොවන බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අර්බුදකාරීත්වයක් නිර්මාණය වනු ඇති බවත් ඊළාම් ජනතා විමුක්ති පෙරමුණේ(ඊ.පී.ආර්.එල්.එෆ්) නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 06 November 2018
මනූෂ ඉල්ලා අස්වෙන්න පෙර අරලියගහ මන්දිරයට ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 06 November 2018
ගාල්ලේ ක්‍රිකට් තරගය අතරතුර විරෝධතා පුවරු ප්‍රදර්ශනයට වාරණයක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන අද(6) සිට 10 වැනි දින දක්වා කාලය ඇතුළත විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා සිදු කිරිම වළක්වාලමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (06) වාරණ නියෝගයක් නිකුත් කළේය. 06 November 2018
ශ්‍රී ලංකා නව ඇමෙරිකානු තානාපතිනිය කතානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී ඇත. 06 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026