(එච්.එම්.ධර්මපාල)
රටේ ඇති වු කළබලකාරී තත්ත්වය සමඟ ඊයේ වසා දැමුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද(22) යළි විවෘත කර තිබේ.
සුපුරුදු පරිදි උදෑසන 8.30 සිට සවස 6 වන තුරු සත්වෝද්‍යානය විවෘතව තැබෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.
ආරක්ෂිත හේතු මත පැමිණෙන සියළු නරඹන්නන් ශරිර පරීක්ෂාවකට ලක් කර සත්වෝද්‍යානයට ඇතුළු කර ගනු ලබන බව පැවසු අධ්‍යක්ෂ ජනරාල්වරිය, ගමන් මලු රැගෙන ඒමෙන් වළකින ලෙසද නරඹන්නන්ගෙන් ඉල්ලීමක්ද කළාය.
සත්වෝද්‍යානය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර පොලීසිය යොදවා ඒ අවට ආරක්ෂාවද සළසා ඇතැයි ප්‍රකාශ කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ අවස්ථාවේදී බැලිය යුත්තේ මහජනතාවගේ ආරක්ෂාව මිස මුදල් ඉපයීම නොවේ. සත්ත්ව උද්‍යායනයට ඇතුළුවීමට පළමුවත් එම ප්‍රදේශයේ විශාල ජනකායක් එහි තුළට යාමට බලාපොරොත්තුවෙන් රැස් විය හැක. හරිහැටි මෙම සිදුවීම් මාලාව ගැන තොරතුරු අනාවරණය වන තෙක් තාවකාලිකව තවදුරටත් මෙවැනි ආයතන වසා තැබීම නුවණට හුරුය.