(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

(බෝම්බකරු රැදී සිටි කුලී නිවස)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිවසේ හිමිකරු කවුද? ඔහු වහාම අත්අඩංගුවට ගත යුතුයි.
මෙවා පිපිරීමට පෙර සොයාගත්තා නම් ...? කවුද මෙවට වගකිව යුත්තේ ජනාධිපතිතුමා ආණ්ඩුවද??? විපක්ෂ නායකයාද..? නැත්නම් අපිද...?
අපි ! අපි ! අපි ! ජනාධිපති තුමා අන්තිම අහිංසකයි ! එයා ඔය මුක්ක්කන් කැව්මක් බදාගෙන , ජනාධිපතිකම ඇර අනිත් ඔක්කොම කරගෙන පාඩුවේ ඉන්නවා !ආණ්ඩුවත් මේකට වගකියන්න අවශ්‍ය නැහැ මොකද ආරක්ෂක ඇමති ආණ්ඩුවේ එක්කෙනෙක් නෙමි ! මුන්නහෙලා යැව්වේ අපි නෙව !
හරි හමන් නිලධාරීන් ඉහල පුටුවල නැතිකමත්, දේශපාලන නායකයන් හරිහැටි දැනුවත් නොකිරීමත්, දැනුවත් කළත් නිවැරදි තීරණ නොගැනීමත් යන කරුණු මත මෙවැනි දෙයක් සිදුවුණා. රටේ යුද්ධය නැතිකරන්න දේශපාලන මැදිහත්වීම් කොතරම් දුරකට අනර්ඝව සිදු වුණාද යන්න මෙය හොඳම උදාහරණයක්...
බුද්ධි අංශ මෙම ප්‍රහාර පිළිබඳ කලින් ලිඛිතව දැනුවත් කරලා තිබියදීත් ආරකෂක අංශ මොකද කලේ?
මරාගෙන මැරෙන්න යන අයෙක් ජංගම දුරකථනය සහ සිම්පත් විනාශ කිරීම පිටුපස විශාල දෙයක් තිබිය හැකියි. බුද්ධි අංශ මෙම තොරතුරු අනුව සියලු දේ සොයා ගනීවි යයි මගේ අදහසයි...
යම් දේපලක් කුලියකට හෝ බද්දකට දීමේදී එම ස්ථානයට පදිංචියට එන පිට පළාත්වල පුද්ගලයන් පිළිබඳව ග්‍රාමසේවක සහතිකයක් හෝ පොලිස් සහතිකයක් ලබගැනීම අනිවාර්ය කළයුතුමයි. කාගේත් ආරක්ෂාවට...
දන්නේ නැති නිසා අහන්නේ ඔය බුද්ධි අංශ ඕව ගැන හෙව්වේ හිරේ ඉඳලද? මොකද බුද්ධි අංශේ ගොඩක් අය හිරේ දාල නේද? එදා ඉඳලම බුද්ධි අංශයට කෙලවන එක කලේ ඔය මහා දන මුත්තෝ දෙන්න. දැන් ගිහින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න ඔන්න ලෝකේ ඉන්න ඕනෙම එකෙක්ට අපේ රටට ඇවිත් පහරන්න පුළුවන් කියල. 2025 විතරයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ තනතුරක් ලැබේවි.