(ඩයනා උදයංගනී)
පිපිරීම් සිද්ධීන්ගෙන් මියගිය අයගේ මළ සිරුරු තැන්පත් කර ඇති රෝහල් වෙත වහාම ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ දේහ කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා කටයුතු කළ යුතු බැවින් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු තැම්පත් කර ඇති රෝහල් වෙත ගොස් පරීක්ෂණ කටයුතු සිදු කර දෙන ලෙස අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂකවරුන්ට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd