අද උදෑසන ඇති වු පිපිරීම් සමඟ රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
මේ අතර පොලීසියේ ඇතුළු ආරක්ෂක අංශයන්හි නිවාඩුද අවලංගු කර තිබේ.
අද උදෑසන ඇති වු පිපිරීම් සමඟ රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
මේ අතර පොලීසියේ ඇතුළු ආරක්ෂක අංශයන්හි නිවාඩුද අවලංගු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි අංශ මොනාද කලේ මෙච්චර බෝම්බ ගහනකන් රට පුරා
බුද්ධි අංශ ඉන්නේ හිර ගෙදර. ඒවායේ ප්‍රතිපල තමයි මේවා.
ලංකාවේ හිර ගෙදර ජේලර් ගෙන් පටන්ගත්තම ලංකාවේ ඉහලම පොලිස් නිලධාරීන් දක්වා හැමෝම අල්ලසට යටයි. ඉතින් ඕන සංවිධානයකට ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් කලහැක
දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ප්‍රහාර ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට සම්බන්ධ බවයි පෙනී යන්නේ. එය එසේ වේනම් මේ තත්වය එල්ටීටීඊ සංවිධානය ගෙන ගිය ත්‍රස්තවාදී ක්‍රියාවට වඩා සිය දහස් ගුණයකින් භයානක එකක් වෙනු නොඅනුමානය. එය අවසන් කිරීමට රජය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සාමය ප්‍රාර්ථනා කරන සියලුම දෙනා එකතුව අප්‍රමාදව අවශ්‍ය පියවර ගත යුතුව ඇත. වාර්ගිකව බෙදී ඇන කොටා ගැනීමට හෝ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් එක එක්කෙනාට ඇඟිලි දික්කිරිමට මෙය අවස්තාවක් නොවේ. සියලුදෙනා සිහි බුද්ධියෙන් සහ ප්‍රවේසමෙන් යුතුව කටයුතු නොකළහොත් අපේ රට නැවතත් බිහිසුණු අඝාදයකට ඇද වැටෙනු ඇත.
අප මීට පෙර පැවසුවාක් මෙන් නැවතත් පැවසීමට තියෙන්නේ අපගේ ආරක්ෂක අංශ වල ඉදිරි දැකීම දුර්වලයි.
කව්ද දුර්වල කරේ ? යුද්දය ඉවර වෙලා අවුරුදු කියද ගියේ. තාමත් පාඩමක් ඉගෙන ගෙන නැති වීම ගැන කණගාටුයි. වගකිවයුතු සියලු උදවිය හොද පුළුල් සාකච්චාවක් ඇති කර වැරදුනු තැන් ඇතොත් ඒවා නිවැරදි කර අඩු පාඩු තැන් සකස් කර නිසි ක්‍රමානුකුල ආරක්ෂක උපාය මාර්ග ගෙන නැවත ශ්‍රී ලංකාවට අලුත් පණක් දිය යුතුයි.
බොහෝ ලංකික සිංහල ජනතාවට අමතකව ගිය දෙයක් නැවත මතක් කිරීමක් ලෙසයි මට හිතෙන්නේ. ඒ අය මේ ගැන අදහස් දක්වන්න. නමුත් මා මේ කියන දෙය දේශපාලනයට ගාවා නොගෙන අවබෝදයෙන් යුක්තව කටයුතු කරන්න .
ඇඳිරි නිතිය නිසා දැන් වන්දනාවේ ගිහින් මොකද වෙන්නේ?
මමනම් කියන්නේ මේ මොහොතේ ජාති ආගම කුල පක්ෂ බෙදා ගෙන නොසිට සැවොම ලක් මෑණියන්ගේ දරුවන් යයි සිත හදවතින් නොව මොලයෙන් තීරණ ගෙන කටයුතු කල යුතු බව සහ ජාති භේද පක්ෂ භේද ඉවතලා සැවොම එකාමෙන් එකිනෙකාට උදව් කර ගත යුතුයි සැබෑ අපරාධකරුවන් සොයාගැනීමට. එමෙන්ම ඉදිරියට මෙවැනි අපරාධ වලින් රට බේරාගැනීමේ වගකීම සියල්ලන් සතුයි. අපි එක්ව අපේ රට රැකගනිමු.
ව්‍යසනයකදී එකිනෙකාට ඇඟිලි දිගුකරගන්නේ නැතුව විපතට පත්වුණ අයට පිහිටවෙන්න බලමු. ඡන්දයකදී හොදින් මොලේ කලපනාකර නිවැරදි තීරණයක් ගමු.
ආරක්ෂක අංශ වල ඉදිරි දැකීම දුර්වල බුද්ධි අංශ ඉන්නේ හිර ගෙදර හේතුවෙන්. ඒවායේ ප්‍රතිපල තමයි මේවා.
එතකොට බුද්ධි අංශ සේරම හිර ගෙදරද? මේ ඉන්න අය විශ්‍රාම ගිය කාලෙක සේරම ඉවරද? ඒක නෙවෙයි අපේ රාජ්‍ය සේවයේ අලසකම හැර වෙන මොනවත් නෙවෙයි. ජනතාවත් ඒකටම හරියනවා. තමන්ගෙ ගෙදර කුණු පාරට ගෙනත් දාන ජාතියක ඉරණම තමයි මේ
රටේ නායකයෝ රට ගැන අංක එකට සිතිය යුතුයි. නැවත බලේට එන්න න්‍යාය පත්‍ර හදනාවට වඩා...
මෙම ම්ලේච්ඡ ප්‍රහාරවලින් කෙනෙක් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අපැහැදිලි කරුණකි. රටක ආර්ථිකය, විදේශ හිතවත්කම්, පාලන තන්ත්‍රය අකර්මණ්‍ය කිරීමෙන් පරාජය ලැබෙනුයේ අන් කිසිවෙක් නොව රටේ අහිංසක එදාවේල යාන්තම් හම්බකරගෙන ජීවිකාව ගැටගහගෙන ඉන්නා ජනතාවයි. මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයන් පිළිකුලෙන් යුතුව හෙළාදකිමු. එ් වගේම මේවායින් සතුටුවන සංවිධානයක් ඇත්නම් දසදහස්වරක් සාපවේවා...!!