නීතීඥ අජිත් ප්‍රසන්නගෙන් පැමිණිල්ලක් කොල්ලූපිටිය අරලියහග මන්දිරය ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන දෙදෙනකු නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 01 November 2018
නව අගමැතිට ඕමාන හා පලස්තීන තානාපතිවරුන්ගෙන් සුබ පැතුම් නව අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ඕමාන හා පලස්තීන තානාපතිවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක් කර ඇත. 01 November 2018
‘‘කුමන්ත්රණකාරී රජය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමට නියමිතයි‘‘ නීතිවිරෝධී රජයක් යටතේ නීතිවිරෝධී පත්වීම් ලැබූ පිරිසක් මේ වන විට රටේ නීත්‍යානුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල නිවසින් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් දරන බවත් ජනබලයක් නැති මෙම කුමන්ත්රණකාරී රජය පාර්ලිමේන්තුව තුළඳී පරාජයට පත්වීමට නියමිත යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අද (01) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 01 November 2018
‘‘ප්රජාතන්ත්රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ‘‘ පාලකයා විසින් ප්රජාතන්ත්රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (01) පැවැසීය. 01 November 2018
‘මොන ආණ්ඩුව ආවත් මම ඇමැති‘ මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද (01) පැවසීය. 01 November 2018
සන්ධානයේ මන්ත්‍රීවරු 95 දෙනාම මහින්ද - මෛත්‍රී සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 95 දෙනාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රජය සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (01) පැවසීය. 01 November 2018
පාර්ලිමේන්තුව 16 වැනිදාට පෙර ලබන 16 වැනිදා දක්වා කල් දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 16 වැනිදාට පෙර කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 01 November 2018
එස්. බී. ඇමති තනතුරු එපා කියයි නව රජයේ ඇමතිධූර බාරගැනීමේ කිසිදු සූදානමනක් නොමැති බවත් පසු පෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (01) පැවසීය. 01 November 2018
පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන්නේ නැතැයි සුසිල් කියයි පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 01 November 2018
පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසියි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබීමත් සමඟ පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 01 November 2018
අගමැති කාර්යාලයේ දුරකථන භාවිතයට සීමා ආරක්ෂක හේතුන් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකථන භාවිතයෙන් වළකින්නැයි එහි සියලුම නිලධාරින්ට අද දැනුම් දී ඇත. 01 November 2018
බොරු සාක්කි දුන් පොලිස් සැරයන් රිමාන්ඩ් කුඩු ජාවාරම්කරුවකුට පක්ෂපාති වන අන්දමට අධිකරණය හමුවේ පරස්පර සාක්කි ලබාදුන් බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය. 01 November 2018
පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවසීය. 01 November 2018
‘ව්‍යවස්ථාවට ගරු කරන්න මුල් පුරවැසියා ඉගෙන ගන්න ඕනෑ’ හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරිම ද්‍රෝහී ක්‍රියාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරිමට රටේ පළමු පුරවැසියා ඉගෙන ගත යුතු බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය. 01 November 2018
කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ දෙවැනි අදියර අද සවස කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම අද (01) සවස සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 01 November 2018
‘බහුතර බලය ගැන බිය වෙන්න එපා‘ පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳ කිසිඳු සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට අද (01) දැනුම් දුන්නේය 01 November 2018
ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය කලමනාකරු යළි රිමාන්ඩ් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙත විදෙස් රූපවාහිනී ආයතනයකින් ලැබිය යුතු රුපියල් කෝටි තුනකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ එම ආයතනයේ ප්‍රධාන මූල්‍ය කළමණාකාරවරයා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (01) නියෝග කළාය. 01 November 2018
වසන්ත සේනානායක අස්ගිරි මහ නාහිමියන්ට දුක කියති ජනපති මෛත්‍රී හා අගමැති මහින්ද හමුව රටට යහපත් එකක් වනු ඇතැයි විශ්වාස කරන බවත් එජාප නායකත්වයට රට ගැන හෝ ජනතා ප්‍රශ්න පිළිබඳව හැඟීමක් නොතිබූ බව අස්ගිරි මහනායක වරකාගොඩ ඤාණරතන නාහිමියෝ පැවසූහ. 01 November 2018
’රටේ ප්‍රශ්න විසඳන හැටි ලෝකයාට කියන්න ඕන නෑ’ ජනාධිපතිවරයා ලෙස රටේ පවතින ප්‍රශ්න විසඳීමට තමන් ගන්නා පියවර සියල්ලක්ම ජාත්‍යන්තරයට කීමට අවශ්‍ය නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා වටහා ගත යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 01 November 2018
ජේ.ආර්ගේ 22 වැනි ගුණ සැමරේ දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 22 දෙවැනි ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් කොළඹ පිහිටි ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී අද (1) පැවැත්විණි. 01 November 2018
‘එජාපයේ හෙලවුණ දත් වැටී අවසන්‘ එක්සත් ජාතික පක්ෂයේ හෙලවුණ දත් ටික වැටී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 01 November 2018
‘ජනපති ඉල්ලා අස්වුණොත් කරන්න ඕනෑ දේ අපි දන්නවා‘ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා පැය දෙකකින් ජනාධිපතිවරයා ඉල්ලා අස් වු පසු ඊළඟ ජනාධිපති අනුප්‍රාප්තිකයා කවුදැයි ඉතා පැහැදිළි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය. 01 November 2018
ලොකු ලූනු-අර්තාපල් බද්ද තවත් මාසයක් දීර්ඝ කෙරේ ලොකු ලුනු සහ අර්තාපල් ආනයන කිරීමේදී කිලෝවක් කිලෝවක් සඳහා පනවා තිබු රුපියල් 40 ක් වන විශේෂ භාණ්ඩ බද්ද බලපැවැත්වෙන කාල සීමාව අදින් අවසන් වුවද අද (01) සිට තවත් මසකින් දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 01 November 2018
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අරී පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 2 බැගින් අද (1) දහවල් වනවිට විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය කියයි. 01 November 2018
බළන්ගොඩ නගර සභාවේ බලය අල්ලන්න රහස් මෙහෙයුමක් අගමැතිවරයාගේ වෙනස්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි බළන්ගොඩ නගර සභාවේ පාලන බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අත්පත් කරගැනීමේ අවදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. 01 November 2018
බලන්ගොඩ කසල ට්‍රැක්ටර් රියදුරෝ සේවයෙන් ඉවත්වෙති බළන්ගොඩ නගර සභාවේ කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක රියදුරෙකුට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් එම නගර සභාවේ කසළ ප්‍රවාහන රියදුරන් අද (01) පෙරවරුවේ කසළ පිරවූ ට්‍රැක්ටර් නගර සභා කාර්යාලය ඉදිරිට නවත්වා විරෝධතාවක් අරඹා ඇත. 01 November 2018
දෙමළ ජාතික සන්ධානයේ මත බෙදීම් දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය. 01 November 2018
බසයක-ත්‍රිරෝද රියක් ගැටී අයෙක් මරුට බේරුවල ගාලූ පාරේදී තංගල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ත්‍රීරෝද රථයක් ගැටී සිදු වු අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි. 01 November 2018
හිටපු විදේශ ඇමතිවරු වැඩට බසිති රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ. 01 November 2018
දෙමළ ජාතික සන්ධානයේ තීරණය පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු උද්ගතවී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන ආකාරය පාර්ලිමේන්තුව රැස්වූ පසු තීරණය කරන බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය. 01 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026