(නිමන්ති රණසිංහ)
පුද්ගලයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට අදාලව මන්නාරම හිටපු සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ඇතුලූ සැකකරුවන් සිව් දෙනෙකු ලබන 25 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව මහෙස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (11) නියෝග කළේය.
තම සේවාදායකයා මෙම සිද්ධියට කිසිදු සබන්ධයක් නොමැති බැවින් ඔහුට ඇප නියම කරන ලෙසට සැකකරුගේ නිතීඥවරුන් කළ ඉල්ලිමක් ප‍්‍රතික්ෂේප කරමින් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ මහෙස්ත‍්‍රාත් පරික්ෂණය අද (11) පැවැත්වූ අවස්ථාවේදී බන්ධනාගාරය සැකකාර පොලිස් අධිකාරීවරයා ඇතුලූ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.
මෙහි සැකකරුවන් වන්නේ පොලිස් කොස්තාපල් අගුල්මඩුව විදානෙලාගේ කමල්, පොලිස් කොස්තාපල් හේරත් මුදියන්සේලාගේ උපුල් රන්ජන් ස්ටැන්ලි අමරසේකර, පොලිස් කොස්තාපල් විජයමුණීගේ අසංක ශාමල්, විශ‍්‍රාමික උප පොලිස් පරීක්ෂක වීරකොන්ඩ ආරච්චිගේ ජයන් ද සිල්වා, මාකවිට ගමගේ දොන් හැරී (මෙම සිද්ධියේ පැමිණීලිකරු වූ පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයා), කටුවාවලගේ දොන් ප‍්‍රසන්න නොහොත් අජිත් නොහොත් ‘ඞීන්’ සහ පොලිස් කොස්තාපල් නවරත්න යන අයවලූන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාමතා මිනී මරපු පුද්ගලයෙකුව මුදල් මත කප්පරක් මුසා කියමින් වරදින් මුදවා ගන්න වලිකන නීතිවේදී රැකියාව ඒතරම් සදාචාරාත්මක නොවන රැකියාවක් කියලයි මගේ පුද්ගලික අදහස .
වරදකට සිරකුටියක තබන පුද්ගලයාටත් ඔහුට අයිති අයිතීන් තිබෙනවා. ඒවා එම පුද්ගලයන්ට භාවිතා කිරීමට ඉඩ නොදී පොලිසිය විසින් ඔවුන්ගේ මානුසික අයිතීන් උල්ලංගනය කරමින් ඔවුනට කායික හා මානසිකව අඩත්තේට්ටම් කරනවා. එම පිරිස් බොහෝවිට නිසි අවබෝධයකින් තොර හා කාගෙවත් පිහිටක් නොමැති වීමෙන් මෙසේ පොලිස් නිලධාරීන්ගේ හිරිහැර වද බන්දන වලට ගොදුරු වෙනවා. එදා ඔය මනුස්සයා ඉතා අමානුෂික ලෙස පහරකමින් මිය යන්න ඇති. අද ඔහුගේ මිනී මරුවා ඔහු ලබපු වේදනාවට වඩා වේදනාවක් ලැබෙයිදෝ කියන භීතියෙන් මුසපත් වෙලා නීතිවේදීන් මගින් ජීවිතය යදිනවා. අන් කෙනාට රිදවන විට තමා තමාවම උපමාවට ගන්න කියා බුදුදහමේ කියා තිබෙන්නේ .