(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල වශයෙන් ලැබෙන එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණීම අඩුවීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් මේ හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීහු පවසති.
දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන ලද එළවළු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන එන අතර වාහනවලින් එළවළු ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන්නන් ප්‍රධාන මාර්ගයේ වාහන නවතා තිබෙන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.
තමන් අස්වැන්න විකුණාගත නොහැකි වීම නිසා විශාල කාලයක් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටි බවත්, ඉතා අඩු මුදලට වෙළෙඳුන් එළවළු ඉල්ලා සිටින බවත් ගොවීහු කීහ. ඉහළ මිල ගණන් ප්‍රකාශ කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ගොඩ ගසාගෙන සිටීමට සිදුව ඇති බව ද ඔවුහු පැවසූහ.
කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබුණු ගෝවා, ලීක්ස්, බීට්රූට්, කැරට් කිලෝවක තොග මිල රුපියල් 35 සිට 55 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බවත් වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, පතෝල, වම්බටු, පහතරට ගෝවා ආදී කිලෝවක් රුපියල් 20ත් 50ත් දක්වා මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් මිලදී ගත්තද ප්‍රමාණවත් තොග අලෙවි නොවන බවත් ගොවීහු කියති.
සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කළ එළවළු සඳහා මිලක් නොමැතිවීම නිසා ගොවීන්ට ආර්ථික වාසි ලැබී නැතැයි ඔවුහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් දැකගැනීමට හැකියාව ලැබුණු අතර එළවළු තොගවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න බැරී ආණ්ඩු මොකටද? එක පැත්තක එළවලු විකුණා ගන්න බෑ තව පැත්තක එළවලු ගිනි ගණන් ගොවියා හැමදාම දුකේ...
දඹුල්ලේ පමනක් මිලට ගැනීමේ ආර්ථික මධ්‍යස්ථානයක් ඇතිකර තිබීම නිසා සියලු එළවලු දඹුල්ලට පැමිනෙන බවක්නේද සිදුවන්නේ. එනිසා දුම්රිය නැවතුමක් අසල මිලට ගැනීමේ ස්ථානයක් ඇතිකර විවිධ ප්‍රදේශවලට බෙදාහරින ක්‍රමයක්වහා ඇතිකල යුතු අතර වගාවන් කිරීමේදී උත්සව කාල අරමුණුකර වගා නොකිරීමට ගොවීන් දැනුවත් කිරීමද කරන්න එසේ නොමැතිනම් එළවලු කල්තබා ගැනීමට හැකි ක්‍රමයක් සකසන්න
අගනුවර එන්න. පාලකයින්ට ගොවියන් විඳින දුක තේරෙන්නේ නැහැ.
මෙවර එළවලු අස්වැන්නේ වැඩි වීමට ප්‍රධාන හේතුව නම්, පසුගිය මහ කන්නයේ හොඳින් වර්ෂාව ලැබීමය. මේ තමා කෘෂිකර්මාන්තයේ හැටි. කෙසේ නමුත්, චමින්ද සදහන් කල පරිදි දුම්රිය නැවතුමක් අසල මිලට ගැනීමේ ස්ථානයක් ඇති කිරීමෙන් මේ ඵලදාව කොළඹ සහ වෙරළබඩ දුම්රිය මාර්ගයේ මාතර දක්වා බෙදා හරිය හැකියි. එයින් යම් ප්‍රමාණයකට ගොවීන් අතරමැදියගේ සුරා කෑම වලක්වා ගත හැකියි.
මෙයට ගැලපෙන විසදුමක් අනුර කුමාර දිසානායක කෘෂි ඇමති කාලේ ගෙනාවා.
ගොවියෝ එකතු වෙලා i ඔය එළවලු ආර්ථික මධ්‍යස්ථානයටම උස්සගෙන යන්නේ නැතුව ලොරියක පටවාගෙන කොළඹ දිශාවට ඇවිත් නාගරික ජනතාව ජිවත් වන ප්‍රදේශයක පාරක් අසල නවත්වාගෙන සහන මිලකට විකුණුවොත් පාරිභෝගිකයෝ මිලදී ගනීවි, ඔය ප්‍රදේශයේ දේශපාලකයන්ගෙන මේ ප්‍රශ්නෙට විසදුම් බලාපොරොත්තු වෙන්න බැහැ, එකට හේතුව ඔවුන්ගේ ඡන්දෙට එළවලු මාෆියා කාරයෝද වියදම් කරන නිසා .