( ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
රංගන ශිල්පී රයන් වැන්රොයන් මහතා ලබන 25 වැනිදා තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ආරියසේන පනංගල මහතා අද (11) නියෝග කළේය.
දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් සමග ඩුබායි හී දී අත්අඩංගුවට පත් ඔහු එරටින් පිටුවහල් කිරිමෙන් පසු පොලීසිය සැකපිටඅත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව එම සැකකරු ඉකුත් 05 වැනි දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත්කළ අවස්ථාවේදී අද (11) වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු මාතර අධිකරණය වෙත කැදවා ගෙන විත් ඉදිරිපත් කළේය.
සැකකරුට අයත් බව කියන මෝටර් රථය තුළ තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 5750 ක ප්‍රමාණයක් පොලීසිය සොයා ගෙන තිබුණි.
එම මෝටර් රථය ඩුබායිහීදී අත් අඩංගුවට පත් අමිල ප්‍රසංග හෙට්ටිගේ නොහොත් සන්ෂයින් සුද්දා යන අයට අයත් මිරිස්සේ හෝටලයක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන තිබුණි.
අදාල මෝටර් රථය ලියාපදිංචි කර තිබුණේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට බව පොලීසිය සදහන් කරයි.
මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුව කකුල්දෙකෙන් එල්ලන්න ඕනේ .....
මෙයා සහ අමල් ඇතුළු මදුෂ්ගේ ගජයෝ මීට වඩා මෙම ජාලයේ භූමිකාවක් කරන්න ඇති බව මගේ අදහසයි. කෙසේ වෙතත් ගායකයන්ගේ සහ නළු නිළියන්ගේ ගෙවල් සහ වාහන ක්ෂණික පරීක්ෂාවට භාජනය කිරීමෙන් සමහර විට කුඩු තොග හොයා ගන්න බැරි වෙන එකකුත් නැහැ.
සමාජ පිළිල රටින් අතුගා දැමිය යුතුයි.
මෙයා ළඟ තිබ්බ ඩිජිටල් තරාදිය පිටි කිරන්ට වෙන්ට ඇති තියාගෙන හිටියේ. මේ අය ඔක්කොම දැන් හැසිරෙන්නේ බබාලා වගේ.
රංගනය යනු සමාජ පිළිලයක් නොවේ
මම නම් මේ පුද්ගලයා නළුවෙක් කියල දන්නෙත් නැහැ. මොහු කළා ක්ෂේත්රයට කුඩු බෙදා හරින කුඩු ඒජන්තවරයෙක්. මෙවැනි කුඩු මුදලාලිලාගෙන් අප රටේ දක්ෂ තරුණ කලාකරුවන්ව බේරා ගත යුතුයි. කෙසේ උවත්, දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සිට මොවුන් මෙලෙස සාමාන්‍ය මගීන් ලෙස කඩින් කඩ, මේ රටට පැමිණීම ගැන නම් මා හට ඇත්තේ දැඩි කුකුසක්?
"රයන්ගේ " භාර්යාවයි.. දෝනියන්දැයි කැමරාව ඉදිරියේ කියාසිටියේ.. රයන්ට මත්ද්‍රව්‍ය සමග කිසිම සම්බන්ධයක් නැති බවයි ... එ්ත් අද ඒවා ඔක්කොම කණපිට හැරිලා ... අද "රයන්" කියන්නේ මත්ද්‍රව්‍යවලට පමණක් ඇබ්බැහි වුණු ලොකු ජාවාරම්කාරයෙක්...!!!
අනේ අපේ රටේ කලාකාරයන්ට මොකද මේ වුනේ ? ඉස්සර හිටපු විජය කුමාරණතුංග , ගාමිණී ෆොන්සේකා , එඩි ජයමාන්න වැනි කලාකරුවන් සමාජයට විශාල සේවයක් කලා, දැන් ඉන්නේ කුඩු බිස්නස් කරන පාතාල මිනීමරුවන් සමග ගනුදෙනු කරන මිනිස්සු ,