උද්ඝෝෂණයෙන් ටවුන් හෝල් අවහිර වෙයි සරසවි සිසුන්ගේ උද්ඝෝෂණ පා ගමන හේතුවෙන් කොළඹ පුරහල අසල මාර්ගයේ දැඩි වාහන තද බදයක් පවති. 31 October 2018
අගමැති මහින්ද අගරදගුරුතුමන් හමුවෙයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් හමුවී ආශීර්වාද ලබාගත්තේය. 31 October 2018
ලෝටස් පාර වහයි උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත සහ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය වසා දමා ඇතැයි පොලීසිය පවසයි. 31 October 2018
ත්‍රී රෝද රථ ගාස්තු හෙට සිට අඩුකරයි ත්‍රීරෝද රථ දෙවන කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව හෙට (1) සිට රුපියල් 5.00 කින් අඩු කිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝ රථ සම්මේලනය තීරණය කර තිබේ. 31 October 2018
එස්ටීඑෆ්-දඩයක්කරුවන් අතර ගැටුමකින් අයෙක් රෝහලේ විශේෂ කාර්ය බළකාය හා දඩයම් කරුවන් අතර උඩවලට රක්ෂිතයේ දී ඇති වු වෙඩි හුවමාරුවකින් එක් පුද්ගලයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 31 October 2018
‘එජාපයේ ඉඳන් අගමැති මහින්දට සහයෝගය දෙනවා ‘ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය ශක්තිමත් කිරිමට උපරිම දායකත්වය ලබාදෙන බව වනජීවි හා සංචාරක කටයුතු අමාත්‍යංශයට අභිනවයෙන් පත්වූ වසන්ත සේනානායක අමාත්‍යවරයා අද (31) පැවසීය. 31 October 2018
බීමතින් මෝටර් රියක් සොරකම් කළ ලාංකිකයා ජපානයේ දී අත්අඩංගුවට ජපානයේ දී බීමතින් පැමිණ කුලී මෝටර් රථයක් සොරකම් කිරීමේ චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයකු එරට පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ජැපෑන් ටුඩේ පුවත්පත අද (31) වාර්තා කළේය. 31 October 2018
මුදල් අමාත්‍යංශයට නව ලේකම්වරයෙක් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්.ආටිගල මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ ඇත. 31 October 2018
‘ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘- නීතීපති අගමැති ධුරය වෙනස් වීම රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා කතානායක කරුජයසුරිය මහතා වෙත අද (31) දැනුම් දී තිබේ. 31 October 2018
අගමැති කාර්යාලයේ සේවකයන්ට ස්ථාන මාරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු සේවකයන්ට මේ වනවිට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 31 October 2018
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අලුත් ඇමතිවරු ඇතුළත් කෙරේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් තිබෙන බව එහි නිලධාරියෙක් පැවසීය. 31 October 2018
ඩොලරය 176 ත් පනී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (31) රුපියල් 176 සීමාව ඉක්මවා ගියේය. 31 October 2018
දේශපාලන වෙනසට විරෝධය පා දිල්ලියේ සරසවි සිසුහු විරෝධතාවයක ශ්‍රී ලංකාවේ පැන නැගී ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වයට විරෝධය දක්වමින් ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි දකුණු ආසියානු විශ්ව විද්‍යාලයන් හි ඉගෙනුම ලබන ලාංකික සිසුන් පිරිසක් නිහඩ විරෝධතාවයක නිරත වී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත්පත අද (31) වාර්තා කළේය. 31 October 2018
‘බදු එකතු කිරීමේදී ආණ්ඩුව ජනතාවට බරක් නොවිය යුතුයි‘ බදු එකතු කිරීමේදී ආණ්ඩුව ජනතාවට බරක් නොවිය යුතු බවත් බදු එකතු කිරීමේ ක්‍රමය සරල විය යුතු බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (31) පැවසීය. 31 October 2018
අගමැති ආරක්ෂක කොට්ඨාසයට අලුත් ස්ථානාධිපතිවරයෙක් අගමැති ආරක්ෂක කොට්ඨාසයේ දැනට සිටින ස්ථානාධිපතිවරයා ඉවත් කර වෙනත් පොලිස් නිලධාරියකු එම තනතුරට පත් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කර තිබේ. 31 October 2018
දකුණු සුපිරි මඟේ අනතුරකින් ලක්ෂ 30 ක අලාභයක් හම්බන්තොට සිට කොළඹට රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනර් රථයක් අද (31) පැල්පොල දී ආරක්ෂිත වැටේ ගැටී සිදුවු අනතුරින් ලක්ෂ 30 කට අධික හානි ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 31 October 2018
ජාත්‍යන්තරය පිළිගන්නේ රනිල්ව බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අද (30) පැවැසීය. 30 October 2018
එක්සත් රාජධානියේ ආසියානු ඇමතිගෙන් තදබල නිවේදනයක් කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කරන බව එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 30 October 2018
පුපුරණ ද්‍රව්‍ය තොගයක් හම්බන්තොටින් සොයාගනී නීති විරෝධී හා අනාරක්ෂිත අන්දමින් නිවසක ගබඩා කර තිබූ ඩෙටනේටර්, ඇමෝනියම් නයිට්රේට් සහ ඩයිනමයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරින් විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය. 30 October 2018
‘16 වැනිදා පාර්ලිමේන්තුවේදී බහුතරය පරීක්ෂා කරන්නේ නැහැ’ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය එළඹෙන 16 වැනි දා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය. 30 October 2018
‘‘අතුරු අයවැය පරාජය වුනොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි‘‘ නව ආණ්ඩුව ලබන නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය යම් ආකාරයකින් පරාජයට පත්වුවහොත් ඒ මෙහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලතල ලැබී ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. 30 October 2018
නාවික හමුදාපති නව අගමැති හමුවෙයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. 30 October 2018
ශක්තිමත් ජාතික රජයක් හදන්න ශ්‍රීලනිප ප්‍රධානීන්ට ඇරයුම් නායකත්ව මණ්ඩලයක් හරහා තීන්දු තීරණ ගන්නා පුළුල් පෙරමුණක් යටතේ ලබන සිකුරාදායින් පසු ස්ථාපිත කරන ජාතික රජයට එක් වන්නැයි ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට ආරාධනා කරන බව හිටපු ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක සහ වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරු පැවසූහ. 30 October 2018
දුනේෂ් ගන්කන්දට රාජ්‍ය ඇමැති පුටුවක් මහවැලි , පරිසර හා ඉඩම් රාජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 30 October 2018
‘‘එජාපයේ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට එනවා ‘‘ ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් විසි දෙනකු ළඟදීම එන බව සංචාරක හා වනජීවී නියෝජ්‍ය ඇමැති ආනන්ද අළුත් ගමගේ මහතා පැවැසීය. 30 October 2018
අමාත්‍යාංශ 12 කට නව ලේකම්වරු පත් කරති කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. 30 October 2018
‘ජනපති බලතල අනුව අගමැති තනතුර වෙනස් කළ හැකියි’ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හා තමන් වෙත පැවරී තිබෙන බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. 30 October 2018
රජයේ ආයතනවල සාමය රැකගන්න කැපවෙන්නැයි ජනපති ඉල්ලයි රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් අද (30) විශේෂ ඉල්ලීමක් කර ඇත. 30 October 2018
’රජයක් බිහිකර ගන්නා තුරු පවතින රජයක් මේක’ ‘‘අලූතින් මැතිවරණයක් තියලා ජනතාව විසින් අලූත් රජයක් බිහිකරගන්නා තුරු පවතින රජයක් මේක. මේ නව ආණ්ඩුවේ කිසිම තනතුරක් මම භාරගන්නේ නැහැ. දැන් අලූත් අමාත්‍ය මණ්ඩලයක් යටතේ ජනතාවට සහන දීලා ආණ්ඩුව කරගෙන යන්න ඕන. ඊට පස්සේ ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තෙන් රජයක් බිහි කරගන්නවා.’’ 30 October 2018
‘පක්ෂනායක රැස්වීම කැඳවුයේ නීත්‍යනුකූලව නොවන බව කතානායක පැවසුවා‘ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් තමන් කැඳවූයේ නීත්‍යනුකූලව නොවන බව එම රැස්වීම අතරතුර කිහිපවරක්ම කතානායකවරයා පැවසූ බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය. 30 October 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026