‘උතුරේ නායකයන්ට ආරක්ෂාව දුන්නේ සිංහල පොලිස් නිලධාරීන්’ හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සිංහල පොලිස් නිලධාරීන් පළාතෙන් ඉවත් කර ඒ වෙනුවට දෙමළ ජාතික පොලිස් නිලධාරීන් යෙදවිය යුතු බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළත් අවසානයේ දී විග්නේෂ්වරන් මහතා ඇතුළු උතුරේ සියළුම දෙමළ දේශපාලන නායකයින්ට ආරාක්ෂාව සැලසුවේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. 01 November 2018
ඩොලරය 177ත් පනී ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (1) 177 සීමාව ඉක්මවා ගියේය. 01 November 2018
මොරටුවේ එජාප මන්ත්‍රීවරු කළුපටි පැළඳ සභා ගැබෙන් පිටවෙති මොරටුව මහ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරු කලු පටි පැළැඳ විරෝධතා පුවරු රැගෙන මාසික සභාවට පැමිණ විරෝධය දක්වා සභා ගැබෙන් පිටව ගියහ. 01 November 2018
පාර්ලිමේන්තුවේ අගමැති අසුන ඇතුළු වරප්‍රසාද මහින්දට පාර්ලිමේන්තුවේ අගමැති ආසනය සහ සියලු අගමැති වරප්‍රසාද නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කථානායක කරූ ජයසුරිය මහතා එකඟතාව පළ කර තිබේ. 01 November 2018
පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 01 November 2018
ජනබලය 5 වැනිදා කොළඹට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත. 31 October 2018
පින්නදූව ඉන්ධන පිරවුම්හල කොල්ලකති මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු අද (31) රාත්‍රී ටි 56 ගිණි අවියකින් අහසට වෙඩි තබා පින්නදූව ඉන්ධන පිරවුම්හලේ පොම්කරු සතුව තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි. 31 October 2018
පොලිස් ලොක්කන් 53කට දුන් වැරදි ස්ථාන මාරු කොමිසමෙන් නවත්වයි පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් 53 දෙනකුට හදිසියේම ලබා දුන් ස්ථාන මරු නියෝග වහාම අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (31) දැනුම් දුන් බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. 31 October 2018
මහින්දට සහාය දෙන්නැයි ජනපති මෛත්‍රී කතානායකගෙන් ඉල්ලයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය සහාය සලසන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (31) පස්වරුවේ ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. 31 October 2018
කතානායක හමුවෙන්න ගිය පූජිත මහින්දත් හමුවෙයි කතානායක කරු ජයසූරිය මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා අද (31) සාකච්ඡාවක් පවත්වා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 31 October 2018
ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති දේශපාලන අවිනිශ්චිත බව රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් සියලු පක්ෂ එක්ව වත්මන් අර්බුදය විසඳාගන්නැයි වාණිජ මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. 31 October 2018
සිසු උද්ඝෝෂණයේදී යකඩ බටයක් කකුලට වැටී පොලිස් පරීක්ෂක රෝහලේ අන්තර් විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාව අතර තුර සිසුන් ප්‍රතිපාදන කොමිසමේ ගේට්ටුව සොලවමින් ගේට්ටුව බලෙන් විවෘත කිරීමට උත්සහ කිරීමේ දී එම ගේට්ටුවේ ආරක්ෂාවට යාදා තිබු යකඩ බටයක් ආරක්ෂාවට සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ කකුල මතට වැටීමෙන් ඔහු තුවාල ලැබීය. 31 October 2018
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන්ට ඉවත්වන්නැයි දැනුම් දෙයි විසුම්පායේ පිහිටි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් පිරිසක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් වන ලෙසට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ. 31 October 2018
‘මම ඉන්නකම් ෆෙඩරල් නෑ‘ ‘මම මේ පුටුවේ ඉන්නකම් උතුරු නැගෙනහිර එකතු කරන්නෙත් නැහැ, ෆෙඩරල් කරන්නෙත් නැහැ.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත. 31 October 2018
රනිල් යළි අගමැති වුණොත් පැයක්වත් පුටුවේ නොසිටින බව ජනපති කියයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත. 31 October 2018
තබ්බෝවේ වාන් දොරටු දෙකක් යළි විවෘත කරයි පවතින වර්ෂාවත් සමඟ තබ්බෝව ජලාශයේ ජලමට්ටම යළිත් ඉහළ යෑම හේතුවෙන් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදුවූ බව පුත්තලම වාරිමාර්ග ඉජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය. 31 October 2018
වත්මන් දේශපාලනය පිටුපස කිසිදු විදේශ බලවේගයක් නෑ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ රටක් සිටින බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් නැතැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (31) පැවැසීය. 31 October 2018
අන්තර් ජාතික ක්‍රිකට් සභාවෙන් සොයිසාටත් චෝදනා 3ක් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නීති සංග්‍රහයේ උල්ලංගණය කිරීම් තුනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස සේවය කරන නුවන් සොයිසා මහතාට අන්තර් ජාතික ක්‍රිකට් සභාව චෝදනා කර සිටියි. 31 October 2018
ගැටුම් විසඳගන්න’යි ඕස්ට්‍රේලියාවෙන් ආයාචනයක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වයන් සාමකාමීව විසඳා ගැනීමට ගැටුම් හා ප්රචණ්ඩත්වයන් වැළකී සිටීමට සියලූ පාර්ශවයන් දිරිගැන්විය යුතු බවත් , පාර්ලිමේන්තුව හරහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අභිමතයට ගරු කරන ලෙසත් ඕස්ටේ්රලියාව නිවේදනයක් නිකුත් කරමින් අද ( 31) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. 31 October 2018
අගමැතිගේ පාර්ලිමේන්තු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස මාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා පත් කර ඇත. 31 October 2018
දුමින්ද - බැසිල් හමුවෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර අද (31) විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 31 October 2018
සරසවි සිසු උද්ඝෝෂණය විශ්ව විද්‍යාල සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා බාධකද කඩා දමා අයතන පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ස්ථානයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ. 31 October 2018
පිලිපීනයේ ගංවතුර-නාය යෑමෙන් 11 මියගොස් 23 ක් අතුරුදන් පිලිපීනයේ උතුරු දිග කඳුකර පෙදෙසේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නාය යෑම් ඇතිවී 11දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 31 October 2018
වික්‍රමබාහුලා වර්ජනයක් හා කැරැල්ලක් සංවිධානය කරන්න සැරසෙති ව්‍යවස්ථාවට පටහැනි ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරිම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරිමට ජනාධිපතිවරයා ගත් තිරණයට දැඩි විරෝධය පළ කරමින් මහා වැඩ වර්ජනයක් සහිත කැරැල්ලක් සංවිධානය කරන බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී පැවැසීය. 31 October 2018
එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතවරිය- ජනපති අතර හමුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුව තිබේ. 31 October 2018
ඇෆ්ගනිස්ථානයේ යුද හමුදා හෙලිකොප්ටර් අනතුරකින් 25 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ නිරිත දිග කඳුකර පෙදෙසකදී යුද හමුදා හෙලිකොප්ටරයක් අනතුරට පත්වීමෙන් 25දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 31 October 2018
වහාම මැතිවරණයකට යාම අවශ්‍යයි නව රජය පිළිබඳ යම් ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගැනීම සඳහා යා යුත්තේ ජනතාව හමුවට මිස ජනතාව ප්රතික්ෂෙප කළ පුද්ගලයින් යොදා හැදු පාර්ලිමේන්තුවෙන් නොවේ යැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේය. 31 October 2018
සරසවි සිසුහු ගේට්ටුව කඩා යකා නටති විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදරිපිටට පා ගමනින් පැමිණි විශ්ව විද්‍යාල සිසුහු කොමිෂන් සභාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා බාධකද කඩා දමා අයතන පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ස්ථානයේ ආරක්ෂාව මේ වන විට දැඩි කර තිබේ. 31 October 2018
‘විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශවලින් කුමන්ත්‍රණය පැහැදිලියි‘ පසුගිය 26 වැනි සිකුරාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණඩායම් රැස්වීමට පැමිණ ජනාධිපති කළ දේ නීතී විරෝධි යැයි පැවසු විජයදාස රාජපක්ෂ මහතා දැන් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දී ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්නට හැකි යැයි පැවසීමෙන්ම මෙම කුමන්ත්රණයේ ස්වරූපය තේරුම්ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පැවසීය. 31 October 2018
ජනපති-කතානායක අතර හමුවක් අද සවස අද සවස 5ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව ආරංච් මාර්ග කියයි. 31 October 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026