(සුමතිපාල දීයගහගේ )
දකුණු පළාත් සභාවේ නිල කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඒ සම්බන්ධ ගැසට් පත්‍රයට දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් අත්සන් කර තිබේ.
යළි පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන තෙක් දකුණු පළාත් සභාවේ පාලන කටයුතු ආණ්ඩුකාරවරයා වෙත පැවරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන බලන්න යන්න වෙයිද?
නැවත ඡන්දයක් එනකන් මේ අයට නේද බලය තියෙන්නේ.? වසලා හමාරයි.
අනේ සාදු. අනෙකුත් සියලුම වර්ගයේ සභා වලටත් එම භාග්‍යයම උදාවේවා!!! තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් නැවත කිසිදා මෙවන් විපත්තිදායක ඉරණම් වලට අපේ රටේ ජනතාවට මුහුණ දීමට සිදු නොවේවා...!!!
දකුණු පළාත් සභාවේ කාලය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී එක්තරා අමාත්‍යවරයෙක් හතර වටේ රස්සා බෙදමින් සිටින කතාවක් දැන් මේ ආරංචි වී ඇත. අඟහරුවාදා සවස 6ට පමණ ලබාගත් බව සඳහන් ඡායාරූප ඇතුළත් එවැනි වාර්තාවක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්කර ඇත. එම වාර්තාවේ මෙසේ දැක්වෙයි. "ඔහු මේ රස්සා නිකම් බෙදන්නේ නැත. එක රස්සාවක් රුපියල් 50,000 සිට රුපියල් 1,50,000 දක්වා මිලකට අලෙවි කරයි. පසුගිය සති දෙක තුන පුරාවට සමාජයෙන් වසන් කර මධ්‍යම රාත්‍රියේ සම්මුඛ පරීක්ෂණ සඳහා විවිධ ප්‍රදේශවලින් කැඳවූ පිරිස් මාතර කාර්යාලයකදීද පරීක්ෂණ පවත්වා ඇති බවත් එහිදී එම ඇමතිවරයා “අධ්‍යාපන සුදුසුකම් මට අවශ්‍ය නෑ. මට මැතිවරණයේදී වැඩ කළ අය පමණක් ඉන්න. අනෙක් අය යන්න..” කියා ඇත. රැකියා නොලැබුණු අයට කියා ඇත්තේ රස්සාවල් දෙන්න බැරි වුනේ ආණ්ඩුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී නැති නිසා බවයි."
පළාත් සභා යනු යුද සමයේ ඉන්දියාව විසින් අප රටට බලෙන් පටවන් ලද සංකල්පයකි. අද බොහෝ පළාත් සභාවල නිලකාලය අවසන්ව ඇතත් රටේ කටයුතු ඇනහිට නැත. මේවායේ නඩත්තුවට මිනිසුන්ට බදු ගෙවීමට සිදුවී ඇති අතර, කුඩා රටක් වන ලංකාවට "ආණ්ඩු" කිහිපයක් අවශ්‍ය නැහැ. එබැවින් මා සිතන්නේ මේ සුදුඅලි දැන් අවලංගු කිරීමට කාලය පැමිණ ඇති බවයි.
මේක හොරගුහාවක්. මහමොලේ වටා හිටිය ලේකම්ලායි කියාගත් පිරිස කළ ජඩ හොරකම් හෙට අනිද්දා හෙළිවේවි. ලොක්කා මේවා දන්නේ නැහැ.. ලොක්කා එන ඡන්දේදි පරද්දන්නේ මේ කේවට්ටයින් ටිකබව නොකියා බැහැ..