(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දෙවැනි වරට විවෘත කෙරිණි.
ඒ වෙනුවෙන් මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණේය.එය ඉදිරිපස මාර්ගයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩි ඔසවා සරසා තිබුණි.
මෙම දුම්රිය මාර්ගය ඉකුත් 08 වැනි දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු යහපාලන රජයේ ඇමතිවරුන්ගේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදි.
එම අවස්ථාවට සහභාගී වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද (10) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑවැත්වු උත්සවයට ද සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
සවස 5.30 ට පමණ මාතර ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත පැමිණී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාතර පුරපති රංජිත් යසරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පිලි ගත්තේය.මගුල් බෙර වාදන මධ්‍යයේ ඔහු දුම්රිය ස්ථානය වෙත කැදවා ගෙන ආවේය.
ඉන් අනතුරුව නව දුම්රිය මාර්ගයේ මුල් ගල් තැබීමට අදාල සමරු ඵලකය නිරීක්ෂණය කල මහින්ද රාජපක්ෂ මහතා පසුව ප්‍රවේශ පත්‍ර කවුලුව වෙත ගොස් මුදල් දී ටිකට් පතක් මිලදී ගන්නා ලදි.
පසුව මාතර දුම්රිය ස්ථානයේ පැවති ආගමික වතාවත් වලට සහභාගී වී ඒ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.
පසුව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ගොස් සමරු පොතේ සටහනක් තැබූ රාජපක්ෂ මහතා බෙලිඅත්ත බලා යන දුම්රිය පැමිණෙන තෙක් එම කාර්යාලය තුල සතුටු සාමිචියක යෙදී සිටියේය.
සවස 6.10 පමණ බෙලිඅත්ත බලා යන දුම්රිය මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයට පැමිණී පසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිස එම දුම්රියට ගොඩ විය.
එම දුම්රියේ 02 වන පංතියේ මැදිරියක අසුන් ගත මහින්ද රාජපක්ෂ මහතා මග දෙපස රෑස්ව සිටි ජනතාවට ආචාර කරමින් බෙලිඅත්ත දක්වා ගමන් කළේය.
පිලදුව,වෙහරහේන,කැකණදුර,බඹරැන්ද,වැව්රුකන්නල යන ප්‍රධාන හා උප ප්‍රධාන දුම්රිය ස්ථාන වලදී ද ඒ මහතාට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිලිගැනීමක් හිමි විය.
අතරමග දී ජනතාව ද දෑත් ඔසවමින් ඔහු වෙත ආචාර කල අතර දුම්රිය මග දෙපස රතිඥ්ඥා දල්වමින් ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වන අයුරුද දැක ගන්නට ලැබුණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,මහින්ද යාපා අබේවර්ධන,ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පියල් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න ,ජෝන්ස්ටන් ප්‍රනාන්දු ,බස්නාහිර පලාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර,දකුණු පලාත් සභා හිටපු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, බිංදු වීරසිංහ, අරුණ ගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලැජ්ජා නැතිකම විපක්ෂ නායකකමටත් වැඩිය ලොකුයි" කියලා අලුතෙන් ප්‍රස්තා පිරුලක් නිර්මාණය වුනේ නැත්නම් තමයි පුදුමේ. අර නාලිකාවල ඒ ගොල්ලන්ට අවශ්‍ය මහජන ප්‍රතිචාර එහෙම ඇතුළුව මේවා නම් පෙන්වයි මහා ඉහළින්...
උන්නැහේම දවසක් කිව්වනේ දකුණේ අයව අන්දන්න ඕනේ නැහැ... රෙද්ද පෙන්නුවම ඇති උන් කපලා මහලම ඇඳගන්නවා කියලා. ආයේ දෙකක් නැහැ මේ රෙද්ද පෙන්නනවා වෙන්න ඇති....
කවුරු විවෘත කළත් අපිට නම් කමක් නැහැ.. මේ ණය අන්තිමට ගෙවන්නේ බදුගෙවන ජනතාව.. එ්ක ඔය හැම දේශපාලකයෙක්ම දැනගන්න ඕනේ.. මහින්ද රාජපක්ෂ මේක විවෘතකළාට කමක් නැහැ.. මොකද ණය ගත්තේ එය කියලා බනිනවා නම් ඒ ණය වලින් කරපු වැඩවල වගකීමත් එයටම දෙන්න ඕනේ.. හොඳ දෙයක් මොන දේශපාලකයා කළත් අගයන්න ඕනේ.. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරන්න ඕනේ.. පිටරටින් ගෙන්වන බදුවලට ආදේශක දේශීයව නිපදවන්න ඕනේ.. කාර්ගේන්න ලංකාවේ ලොකු මුදලක් එළියට යනවා කියලා ඒවාට බදු ගහනකම් සාමාන්‍ය ජනයාට ගන්න පුළුවන් අඩු මිලට කාර් එකක් ලංකාවේ හැදුවානම් හරි .. ඉන්දියානු මෝටර් බයිසිකලයට ආදේශකයක් ලංකාවේ දේශීයව හදන්න, කිරිපිටි වලට ආදේශකයක් දැනටමත් ලංකාවේ තියෙනවා.. අපි අාහාර ගන්න දේවල් වලින් සියයට 80ක් අපිට දේශීයව නිපදවන්න පුළුවන්.. මේ ටික කළොත් ණයත් ගෙවලා... රටත් හදලා...
මේ මනුස්සයාව විහින් නෝන්ඩි කරවනවා.
බලයට මොකද මිනිසුන් මෙතරම්ම කෑදර?
ඔය කිසිම දෙයක් දේශපාලකයන්ගේ සල්ලි වලින් හදලා නෑ. හැබැයි අපේ රටේ මෝඩ ඡන්ද දායකයෝ කවදාවත් ඕක තේරුම් නොගෙන වහල්ලු වෙලා කඩේ යනවා.
අැයි මේ ලැජ්ජා නැති වැඩ... දැන්වත් පිනක් දහමක් කරගන්නේ නැතිව නටන නාඩගම්... අපි ඔක්කොම කවදා හරි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කට්ටියනේ...
ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ. මොකා විවෘත කළත් ගෙවන්න වෙන්නේ පොඩි මිනිහට ගහන බද්දෙන් කියලා ලංකාවේ මීහරක් තේරුම් නොගන්න තාක්කල් දේශපාලකයන්ට මගුල්...
"අනේ මෙහෙම තණ්හාවක්.. අනේ මෙහෙම ආශාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්..." නුගත් මෝඩ ජාතියක් සතු සර්ව පිත්තල ආශ්චර්යයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වන්න බැහැ එක අතකට? මොනා උනත් කමක් නැහැ, නැකත් වෙලාවට කෝච්චිය පිටත් උනා නම් ඒ හොඳටම ඇති?
ලෝකෙට නම් පෙන්නන්න යන්න එපා.
ලෝක සිතියමෙන් අයින් කරලා..., ලෝකෙම එකතුවෙලා ලංකාවේ අයව වෙන මන්දාකිණියකට ගිහින් දාන සීන් එකක් තියෙන්නේ...
අනේ ලැජ්ජාවක් නැහැ. දෙවරක් ජනාධිපති වෙලා හිටියත්, කාමර ඉස්සරහ රැවුල පෙන්නලා විරිත්තන්න තියෙන්නේ පුදුම ආසාවක්. මැදමුලන බූදලේ සල්ලිවලින් මේ දුම්රිය මග හැදුවා කියලා රටටම කියන්නද හදන්නේ?
"මහින්ද තැටිය රත් වුණු වෙලාවේ රොටියක් පුච්චගෙන වගේ", බල්ලෝ රැලේ යන කාලෙටත් මේවගේ වැඩ දකිනවා මහ පාරේ...
ආණ්ඩුවේ නෝන්ජල්කම තමයි ඉතින්. එ්කෙන් උපරිම ප්‍රයෝජනය මහින්ද ගන්නවා. හැබැයි එදා ආණ්ඩුව පීචන් වුණා. අමරවීරලා, චමල්ලත් ගෙන්නගෙන. අද මෙයා පීචන් වෙනවා මහජන මුදලින් හදපු එකක්... එයා ගෙදරින් ගෙනාපු සල්ලි වලින් හැදුවා වගේ දෙවෙනි පාරටත් විවෘත කරලා....
වීරකෙටිය සමූපකාර ඡන්දයට ඉදිරිපත් වනතුරු නෝන්ඩි වෙනවාමයි. තවත් සහෝදරයෙක් ඇමෙරිකාවේ නෝන්ඩි වෙලා. මෙහෙම තමයි 2015 ජනාධිපතිවරණයේත් සෙනඟ පිරිලයි. අවසානයේ මැදමූලන ජනේලයේ එල්ලන්න වුණා.
මේ වැඩේට කියක් විතර යන්න ඇතිද...ඒ සල්ලි වලින් තව කොච්චි පෙට්ටියක් ගත්තානම් ..
නොමිලේ වයිෆයි වලටයි පොඩි කාර් වලටයි රැවටිලා රටේ සංවර්ධනය රිවස් එකට හරෝපු හැට දෙලක්ශේ අද දුක් වෙනවා. අන්තිමට පැය 24 ම ලැබුන විදුලිය ජලයත් නැති වුනා. ඔබතුමාගේ ධූර කාලේ තවත් එක ව්‍යාපෘතියක් පමණයි මේක. ගොඩක් ස්තුති ඔබට මහත්මයා යුද්දෙත් ඉවර කරලා සංවර්ධනෙත් කරලා දුන්නට. කොහොමත් ලංකාව ජාතික වීරයෝ අගය කරන්නේ එයාල මැරුණම විතරයි. ඔබතුමාගේ වටිනාකම මේ මිනිස්සු දන්නේ නෑ ඔබතුම නොහිටින්න අද ප්රභාකරන් තමයි උතුරු නැගෙනහිර ජනාධිපති. ඔබට ජය.
මේ වගේ විවෘත කිරීමේ ආසාවක් තියෙන ලෝකයේ එකම රට ලංකාව විය යුතුයි.
මෙහෙමත් බලයට තණ්හාවක්.
ලැජ්ජයි
අනේ පුලුවන්නම් දවස ගානෙම විවුර්ත කරන්න.
අනේ මෙහෙම ආශාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්. කොයිතරම් නම් බණ පද අහල ඇත්ද ආශාව, තණ්හාව, බලය ගැන. නමුත් හිතන්නෙම ඒ ගැන හරිම පව්
මහින්ද මහතාටත් මේ දුම්රිය කටයුත්ත සම්බන්ධයෙන් ස්තුතිවන්ත විය යුතුමයි. ඒත් එතුමා එදා විවුර්ත කිරීමට පැමිණියා නම් මොන තරම් වටිනවාද ?
රටේ කිසිම විවෘත කිරීමකට දේශපාලකයින් සහභාගි නොවිය යුතයි.
මේ විදිහට බලපුවාම දුම්රියේ යන හැම මගියම මේක විවෘත කරනවා වාගෙයි. අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙනි මන්දිර තැනුනේ...............
ඕක හැදුවේ මහින්දගේ පුද්ගලික මුදලින්ද ?
එයගේ වත්තේ පොල් කඩපු සල්ලි වලින් තේ හදල තියන්නේ
කාටද පිස්සු කියල හිතාගන්න බැහැ..තණ්හාව ශරීරයට ජීර්ණ වුණාම ඔහොම තමයි ….
මේක මුලින් විවෘත කලේ අර්ජුන ඇමතිතුමා. ඊට පස්සේ කිසිකෙනෙක් මේක වැහුවේ නැහැනේ, එතකොට මහින්ද ලොක්ක විවෘත කළා කියන්නේ මොකක්ද?
දෙසපලුවෝ නොකළ උතු දෙකේ කොලේ වේද නේද මේවා
කෝ මේ බමුණා.....
ඔන්න ඔහොමයි වැඩකරන ජනතාව අපේ රටේ
උමා ඔය ව්‍යාපෘතිය නිසා අවතැන් වුණු මිනිස්සුන්ගෙන් සමාව ගන්න යන්නෙ කවද්ද ?
පළමුව උණුසුම් සුබපැතුම් මහින්ද මැතිතුමාට ට ජයවේවා. අන් සියලු නායකින් සැසදීමේදී ඔහු රටට ගොඩක් දේ කරපු නායකයෙක් . ඒ සියලු දේ අද අපි බුක්ති විදිනවා. සිතන්න සිරිමා බණඩාරනායක , R ප්‍රේමදාස වැනි නයකින්ගේ උදාර මෙහෙවර ගැන. රටට ආදරේ කියාගත් අය ඔවුනගේ ගමනට බදා කලා අද ඒ අපට තේරෙනවා, රටේ ඉදිරි දියුණුව පස්සට ගියා. තේරෙනවානේ ඇස පනාපිට දකින රටේ පසුබෑම.
දෙපාරක් විවෘත කරනවා ... කොච්චි පාරට ණය ගත්තේ වෙන රටකින් සිල්පර සහ අනකුත් සියලුම බඩු වෙනත් රටකින් ඉම්පෝර්ට් කරලා , ඉම්පෝර්ට් කරපු කෝච්චියයක් දුවවන්ද පොරකනව ...
දකුනේ බත්කන මී හරක්
නොදකින් ලැජ්ජකමක් නැති හැටි....
මහින්දගේ සල්ලි වලින්ද දන්නේ නෑ මේක හැදුවේ. මේවට හුරේ කියන්න වහල්ලු ඉන්න කල් දේශපාලකයෝ ඔය වැඩ කරන එක නවත්තන්න බෑ දේශපාලයකට බනින්න කලින් මිනිස්සුන්ට බනින්න ඕනේ. ඔය වගේ මෝඩ මිනිස්සු හින්ද තමයි ඔය වගේ දේශපාලකයෝ ඕනේ වැඩක් කරන්නෙ මොකද උන් දන්නවා උන් මොන කලත් ඒ මිනිස්සු උන්ට ඡන්දය දෙනවා කියල.
ලැජ්ජාව කිය දේ තියෙන්නේ වැදගත් විදියට හැදිච්ච මිනිස්සුන්ටයි.
කමක් නෑ වහල්ලු ටිකට දැන්වත් නින්ද යයි
අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
දැන් සනීපද
පාට පාට කන්නාඩි දාගෙන කතා නොකර එදා සහ අද රට දිහා බලන්න. එතකොට නිවැරිදිව ඔබ ට පෙනේවි ......
දුම්රියට නැග්ගා විතරයි.. එකත් ගිලා..ගිලාබහින්න පටන්ගත්තනේ... මෙහෙමත් නරක කාලයක්..
casmir ඇමරිකානු රොකට්වල තිබෙන්නේත් රුසියානු රොකට් එන්ජින් නම් , ඇමරිකානුවන් අඳින්නේ ලංකාවේ මහන ඇඳුම් නම් අපි අනුන්ගේ කෝච්චි වල ගියාම මොකෝ.
රොෂාන් යුද්දය ඉවර උනාම ආදායමක් නැති නිසා යුද්ද නොකර ඉන්නයි තිබුනේ, අධිවේග මාර්ග නොහදා ඉන්නයි තිබුණේ, ලක්විජය බලාගාරය නොහදා ඉන්නයි තිබුණේ නේද? රොෂාන් ඔයාගේ මොලේ මහින්දට නොතිබීම ගැන මම සතුටුවෙනවා. ඔබ හිතන විදිහට මේ ආණ්ඩුව හිතපු නිසා ඒකකය රු 12 කට ගන්නපුළුවන් විදුලි බලාගාරයක් හම්බන්තොටින් නැති උන බව ගිය ඉරිදා පුවත් පතක පලවූ ලිපියක තිබුනා කාටද ආඩම්බර රොෂාන් වගේ මිනිසුන්ට මිසක් නේද රොෂාන්. පුංචි අම්මා පල්ල!