IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘විදුලි අර්බුදයට දින 52 ආණ්ඩුව වගකිව යුතුයි’

(නිමල කොඩිතුවක්කු)

සෑම වසරකදීම මෙම කාලය තුළ විදුලිය අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තිබුණ ද  සැලසුම් සහගතව ක්‍රියාකිරීමෙන් පසුගිය වසරවල එම තත්වය මඟහරවා ගත් බවත්  දින 52 ආණ්ඩුව හේතුවෙන් මෙම වසරේදී ඒ සඳහා සැලසුම් සකස් කිරීමට නොහැකි වීමෙන් රටට විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවූ බවත් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී පැවැසීය.

දිගුකාලීන හා මහාපාරිමාන විදුලිබලාගාර ඉදි වෙනතුරු තාවකාලික පියවර ගනිමින්  විධිමත් විදුලි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාව තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ කාර්යාලයේ අද (8) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීය.

“ දැන් විදුලි අර්බුදයක් ගැන අපිට චෝදනා කරනවා. විදුලි අර්බුදය ගැන විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා ඒ ප්‍රශ්නය සොයා බලමින් ඉතා ඉක්මණින් විසඳුම් ගනිමින් සිටිනවා.

හැම අවුරුදුදකම රටේ මේ වගේ තත්වයක් ඇතිවෙනවා. අපි 2016, 2017 සහ 2018 වර්ෂවලදී කල් ඇතිව සූදානම් වෙලා ඒ අභියෝගය ජයගත්තා. දිගුකාලීන හා මහාපරිමාණ විදුලි බලාගාර ඉදි වෙනතුරු තාවකාලික පියවර ඒ සඳහා ගත යුතුයි.

මේ විදුලි අර්බුදයට සූදානම් වන්නේ ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාල වකවානුව තුළයි. මේ වසරේදීත් ඒ සඳහා සැලසුම් සකස් කරමින් තිබුණා. 2018 වසර අවසානයේ ඇතිවූ දේශපාලන අස්ථාවරභාවය නිසා ඒ පියවර ගැනීමට වූ ප්‍රමාදය මේ අර්බුදයට හේතු වි තිබෙනවා” යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

 



අදහස් (0)

‘විදුලි අර්බුදයට දින 52 ආණ්ඩුව වගකිව යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site