(නිශාන්ත කුමාර)

මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී අද (17) සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත නිදහස් කිරීමට මහියංගන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බස් රථයේ රියදුරුට සැප්තැප්තැම්බර් මස 05 වැනි දින යළි උසාවිය හමුවේ පෙනී සිටින ලෙස  මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත පිටත්කර යවා තිබේ.

මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) මහියංගනය රෝහලේදී සිදු කරනු ලැබූ අතර සවස 6.00 පමණ වන විටත් එම කටයුතු අවසන් නොවූ බව මහියංගනය පොලිසිය සඳහන් කළේය.

අනතුරට පත්වූ වෑන් රථයේ සිටි පිරිස මඩකලපුවේ සිට ජා ඇල සිටින ඥාතීන් පිරිසක් බැහැදැකීමට ගොස් නැවත සිය ගම් පෙදෙස බලා එමින් සිට ඇත.