(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට හෙට (18) ප‍්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ට වැඩි ගිගිරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැවසුවාය.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව, මන්නාරම දිස්ත‍්‍රික්කවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද ඇය සඳහන් කළාය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන ප‍්‍රදේශවල පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් කෙටිකාලීන තද සුළං සහ ප‍්‍රබල අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බවද ඇය ප‍්‍රකාශ කළාය.
මීට අමතරව දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල ද තද වැසි ඇතිවිය හැකි අතර එම අවස්ථාවලදී මුහුදු ප‍්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව ද එම ප‍්‍රකාශකයා කියා සිටියේය.
මේ අතර අද (17) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 105.8ක වර්ෂාපතනයක් කොළඹ දිස්ත‍්‍රික්කයේ හංවැල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත.
ඊට අමතරව දෙනියාය ප‍්‍රදේශයෙන් මිලිමීටර 88.5ක්, නුවරඑළිය හෝප් වතු යාය ප‍්‍රදේශයෙන් මිලිමීටර 62ක්, කිරිඳිවැල ප‍්‍රදේශයෙන් මිලිමීටර 60.7ක්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ හොරගස්ආර ප‍්‍රදේශයෙන් මිලිමීටර 58ක් වශයෙන් වැසි වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහිනවද? එපා වෙනවා.