(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ අවට ප්රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදු විය .
අද පස්වරු 4.00 ට පමණ හදිසියේම හටගත් අධික අකුණු ගැසීම් , දැඩි සුළං සහිත ධාරාණිපාත වැසි තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් මෙම ගුවන් යානා 5 ආරක්ෂිත පියවරක් ලෙස වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ .
එයින් ගුවන් යානා 4 ක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ යොමු කර තිබේ .
එනම් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි යූ.එල්.- 315 දරණ ගුවන් යානය, ඉන්දුනීසියාවේ ජකාර්තා සිට පැමිණි යූ.එල්.- 365 දරණ ගුවන් යානය සහ සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්.- 303 දරණ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 3 සහ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරණ ගුවන් යානයයි.
මෙම ගුවන් යානා පිළිවෙලින් සවස 5.12 , 5.33 , 5.51 සහ 5.59 යන වේලාවන්ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබිණි.
ඊට අමතරව ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 140 දරණ ගුවන් යානය ආපසු මදුරෙයි වෙතම හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .
මෙම කාළගුණික තත්වය නිසා ප්රදේශය පුරා විදුලිය බිද වැටී ඇති අතර , ගුවන් තොටුපළ අවට ප්රදේශයේ ගස් කඩා වැටීම් සහ කාණු පද්ධති උතුරා යෑමෙන් අපහසුතාව මතු වී තිබේ .
මේ අතර මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ ගුවන් යානා වල සිටි මගීන් කිසිවෙකුත් එම ගුවන් යානා වලින් පිටතට නොබැස්සවූ එම ගුවන් තොටුපළ බලධාරීන් අද (17) පස්වරු 6.25 සිට යළිත් එම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත් කර එවීමට කටයුතු කරමින් සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ මත්තලට ඇරියේ ඕක හැදුවේ මහින්ද මහත්තයට ගමන් බිමන් යන්නනෙ. ඒවා පලාලි වල ගොඩබස්සන්න තිබ්බෙ නැත්නම් ආපසු පැමිණි ගුවන් තොටුපොළ වෙතම හරවා යවන්න තිබ්බෙ
ඉන්දියාවට මත්තල ගුවන් තොටුපොල දුන්නාම මෙවන් හදිසි අවස්ථාවක ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවීමට ගෙවීමක් කලයුතුද?
වැස්සට හරවා යවන ගුවන් යානා මගීන්ද නොබස්සවා තාවකාලිකව නවතා තබන්න මෙපමණ ජාතික ධනයක් වැය කර සාදා තිබෙන ගුවන් තොටුපොළක් තිබෙන එකම රට අපේ ශ්රී ලංකාවයි. බොහෝ දියුණුවෙමින් පවතින දුෂිත රාජ්ය නායකයින් සිටින රටවලට චීනය ණයට මුදල් දෙනවා තම පුද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීමට. මෙම ගුවන් තොටුපොලද එහි එක ප්රතිඵලයකි.
අපරාදේ වී ගබඩාව..... ඔය ගුවන්යානා බාලා වී ගබඩාවට හානියක් කරනවා එහෙම නොවේ !
හදිසියකට විතරක් ගුවන්යානා බස්සන්න කෝටි ගණන් මුදල් වියදම් කරලා මහා පරිසර විනාශයක් කරලා ගුවන් තොටක් හදපු ඇත්තන්ට අපේ ප්රණාමය. ඔන්න මේවා ලංකාවෙන් විතරයි....
දැන් වී ගබඩා කරලා ඉවරද?