(නිමන්ති රණසිංහ)
අයිස් නමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත්තැයි වරද පිළිගත් නීතීඥවරයකු සහ තවත් සැකකරුවකු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද(17) නියෝග කළේය.
මෙම සැකකරුවන් දෙදෙනා සමඟ කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු ලබන 25වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ද අධිකරණය නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහැරුණේ අයිස් නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුත්තලම පදිංචි අබ්දුල් කරීම් මොහොමඩ් අස්නි(38) සහ නීතිඥවරයකු වන මොහොමඩ් ඉක්බාල් ක්‍රිස්නෙයි ආයස්(38) නමැත්තන්ය. මත්පෙති ළඟ තබාගත් අබ්දුල් හසීඩ් තස්ලිම්(33) නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන නීතීඥ උසාවි යනවා ඇත්තෙත් මත්වී වෙන්නැති. මොහුගේ සේවය ලබාගන්නා සේවාදායකයින්ට කාගේ පිහිටද?
මෙයාගේ නීතිඥ බලපත්‍රය අහෝසි කලයුතුයි.