(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
දිවයින පුරා මුස්ලිම් පාසල් 916 ක දෙවන පාසල් වාරය අද (17) වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
එහෙත් නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් 450 අතරින් ජාතික පාසල් පමණක් එදින ආරම්භ වූ අතර නැගෙනහිර පළාත් සභාවට අයත් මුස්ලිම් පාසල් එදින වසා දමා තිබුණි.
මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කාල සටහන අත්තනෝමතිකව වෙනස් කිරීමක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
නැගෙනහිර පළාත් සභාව එම පළාතේ මුස්ලිම් පාසල් පමණක් පාසල් දින දසුනට පටහැනිව අපේ‍්‍රල් 22 දින ආරම්භ කිරීමට තීරණය කර ඇත.
අපේ‍්‍රල් 22 පාසල් ආරම්භ වීම නිසා අපේ‍්‍රල් 27 සහ මැයි 4 සෙනසුරාදා දිනවල හිලව් සැසි පැවැත්වීමට ද නැගෙනහිර පළාත් සභාව තීරණය කර ඇත.
පාසල් වැසීමේ තීරණයක් ගැනීමේ අයිතිය රේඛීය අමාත්‍යාංශය සතුවන බවත් මේ ආකාර තීරණ ගැනීම තුළ පාසල් පද්ධතියේ බරපතල ව්‍යාකූලත්වයක් පැන නගින බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
නැගෙනහිර පළාතේ හැර සෙසු පළාත්වල මුස්ලිම් පාසල් මෙන්ම නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතික පාසල් අද දෙවන පාසල් වාරය සඳහා ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභාවට තව තවත් බලය බෙදාහරිමු. පොලීස් ඉඩම් බලතලත් දුන්නොත් මොකද්ද වෙන්නේ?
කොයි රටට ගියත් මෙයාලට ඒ රටවල පවතින සහ මිල බැසගත් නීතියට හෝ සංස්කෘතියට අනුව ජීවත් වෙන්න බැහැ මෙයාල තමයි ප්‍රශ්න හදන කට්ටිය.. ඒ වගේම තමයි උතුරේ ඉන්න සමහර දෙමල මුලධර්මවාදීන්, අනවශ්‍ය දේවල් වලට තම ප්‍රශ්න හදන්නේ.. වරක් වාහන ලියාපදිංචි කරනකොට ඇති ශ්‍රී අකුර අයින් කරන්න කියල රණ්ඩු වුණා.. දැන් ඒකට ඉරක් ගැහුවා දැන් දෙමල ජනයාගේ අයිතීන් ලැබුනද? දැන් උතුරේ දුප්පත්කම හෝ කුල ගැටුම් නැති වුනාද? මේවගේ බොලද වැඩ කරනකම් මිනිසුන්ට දැනෙන සංවර්ධනක් කරන්න බැරි ඇයි හැම පළාත් සභාවකින්ම...
මෙයාලට අවුල් ගිහින් තියෙන්නේ 22 පටන් ගන්න එකකට නොවේ. සෙනසුරාදා දින දෙකකදී හිලව් සැසි තියෙන එකට.
හරිනේ ඉතින්. එයාල වෙනමනේ ඉන්නේ. ඉතින් එයාල වෙනම තම තීරණ ගන්නේ. එහෙම නීති වෙනස්. ජෝසප් මහත්තය දන්නේ නැද්ද ඒක ?