හිඟ මාත්‍රා ගන්න රටවල් තුනක් සමග සාකච්ඡා මෙරට ජනතාවට හිඟ පාඩු වී ඇති අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය ,නොර්වේ හා ස්වීඩනය යන රටවල නායකයන් සමඟ ඒ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සාකච්ඡා කරගෙන යන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති . 15 May 2021
කොරෝනාවෙන් මියගිය ලංවීම සේවකයාගේ බිරියට රැකියාවක් ’කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කින්නියා විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ රියදුරුගේ බිරිඳට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියාවක් ලබාදෙන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 15 May 2021
පාදයේ තුවාලයෙන් වේදනා විඳින දළ ඇතාට බුදුපුත්හු උවටැන් කරති. වව්නියාව කනගරායන්කුලම් පුදූර් රක්ෂිතයේ කැලෑවක තුවාල ලබා ඇති දළ ඇතෙකුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සහයක නිරත වන බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි. 15 May 2021
ගම්පහ දෙදෙනෙක් කොරෝනා ආසාදනය වී නිවෙස්වලම මිය යති ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වලව්වත්ත සහ බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙදෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 15 May 2021
කොරෝනා එන්නත් කරණය ඉතා සාර්ථකව කොරෝනා මර්දනය සඳහා සිදු කරන එන්නත් වැඩසටහන බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ඉතා සාර්ථකව දිනවල සිදු කරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 15 May 2021
මෙරට කොරෝනා මරණ 900 සීමාව පසු කරයි මෙරට කොරෝනා මරණ ගණන 900 සීමාව ඉක්මවා ගියේය. මැයි 9 වැනි දා සිට මැයි 14 දක්වා සිදු වූ දක්වා කාලය තුළ මරණ 29 වාර්තා වී ඇති අතර එම මරණ සමග මුළු මරණ සංඛ්‍යාව 921 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. 15 May 2021
පළාත් රැසකට අදත් තද වැසි බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 May 2021
කොරෝනා ආසාදනය වී නිවෙස්වල මිය යන සිරුර රහසිගතව භූමිදානයට කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි. 15 May 2021
මොරටු පොලිසියෙන් සත්කාරයක් කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීමත් සමග මොරටුව නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණා. ජනතාව නොගැවසීම හේතුවෙන් කුසගින්නේ සිටින වීදි සුනඛයන් හට ආහාර ලබා දීමට මොරටුව පොලිසිය කටයුතු කළේය. 15 May 2021
කොරෝනා නීති කඩා 253ක් අමාරුවේ වැටෙති ගතවූ පැය 24 තුළ දී නිරෝධාන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 253 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 May 2021
පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ කුඩු පැකට් 1000ක් අල්ලයි පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ පසුගිය දින දහය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. 15 May 2021
‘‘නිරෝධායනය කඩන්නන් කුදලාගෙන යන්න එපා‘‘ මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 15 May 2021
සංචරණ සීමා ගැටලු නිරාකරණයට මධ්‍යස්ථානයක් සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රජය විසින් සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවනු ලැබ ඇත. 15 May 2021
දිස්ත්‍රික්ක හයක නායයෑමේ අවදානමක් පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක හයක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 14 May 2021
ආපදාවෙන් හතරක් මරුට:11542ක් පීඩාවට දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි, අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් මරණ හතරක් සිදුව ඇති අතර දිස්ත්‍රික්ක හතක පවුල් 2750කට අයත්, 11,542 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 14 May 2021
කොරෝනා වැළඳුණු අම්මා දරුවාට ජීවිතය දී නෙත් පියාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. 14 May 2021
සරුංගලයෙන් ආ මාරයා තිදෙනකු බිලි ගනී ගාල්ල මකුලුවේ තෙමහල් නිවසක වහලය මතට නැගී සරුගල් අරිමින් සිටි තිදෙනකු වහලයේ තහඩුවක් කඩාගෙන බිමට වැටිමෙන් අද සවස මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 14 May 2021
පිටපළාත්වලට ඉදිරියේ කොරෝනා එන්නත් බස්නාහිර පළාතට අමතරව ඉදිරියේදී මහනුවර,කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ජනතාවට ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 14 May 2021
වැඩබිම්වලින් බඩු ඉස්සූ අයෙක් අත් අඩංගුවට ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානවල සේවයේ යෙදෙමින් එහි ඇති යන්ත්‍රෝපකරණ සොරා ගන්නා ලද පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසයි. 14 May 2021
කොරෝනා රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කරයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 889 දෙනෙක් අද දිනයේ දී වාර්තාවූහ. 14 May 2021
‘‘ආර්ථිකයට පෙර ජන ජිවිත ආරක්ෂා කරගනිමු‘‘ කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මෙි මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. 14 May 2021
පෑලියගොඩ වෙළෙඳපොළේ බඩු ගොඩ ගැසේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට සහ මැනිං වෙළෙඳපොළට සාමාන්‍ය පරීදි එළවළු සහ මාළු තොග වශයෙන් පැමිණියත් ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා එම තොට වෙළෙඳපොළේ ගොඩ ගසී ඇතැයි වාර්තා වෙයි. 14 May 2021
මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳුදා විවෘතයි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සඳුදා (17) විවෘත කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි. 14 May 2021
කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක් ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් කන්කසන්තුරය, සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2021
‘‘දඹුල්ලේ එළවළු - පලතුරු තොග ගොඩ ගැහිලා‘‘ දඹුල්ලේ තොග වෙළෙඳපොළේ එළවළු පලතුරු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගසා තිබූ බව මාතලේ දිස්ත්‍රික් සමගිජන බලවේග මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහතිමිය පවසයි. 14 May 2021
වර්ෂාවෙන් පන්නල පවුල් 42ක් අවතැන් මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දෙකකට අයත් පවුල් 42 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි. 14 May 2021
ගම්පහ 1385ක් වැස්සෙන් අවතැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක දෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 1385 කට අයත් සාමාජිකයින් 6119 දෙනකු අද සවස 5 වනවිට පීඩාවට පත්ව සිටි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා පවසයි. 14 May 2021
අපනයන පාලකවරයාගේ උපදෙසින් රසායනික තොගයක් නිදහස් කරයි රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ආනයනික රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරන ලෙස ආනයන සහ අපනයන පාලකවරයා උපදෙස් දී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 14 May 2021
ඉන්දුනීසියාවට ඔබ්බෙන් භූමිකම්පාවක්: සුනාමි අනතුරක් නෑ ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතට ඔබ්බෙන් මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හට ගත්තේය. 14 May 2021
තිරප්පනේ ඇඟලුම් කම්හලකට 13කට කොරෝනා තිරප්පනේ ඇඟලුම් කම්හලක සේවකයනට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ආසාදිතයින් 13 දෙනකු වාර්තා වු බව තිරප්පනේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 May 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026