දිස්ත්‍රික්ක දහයක වසම් හැත්තෑවක් හුදකලා කරයි දිස්ත්‍රික්ක දහයක ග්‍රාම සේවා වසම් හැත්තෑවක් අද අලුයම සිට හුදකලා කිරීමට තිරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 17 May 2021
‘‘දුම්රිය වර්ජනයක් නෑ‘‘ කිසිදු ආකාරයකින් දුම්රිය වර්ජනයක් නැතැයි දුම්රිය ලෝකමතිව් උපරේටින් ඉංජිනියරින් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 17 May 2021
‘‘සාරභූමි‘‘ ණය මහජන බැංකුවෙන් පොහොර,පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මහජන බැංකුව ‘‘සාරභූමි‘‘ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. 17 May 2021
ටෙලිකොම් ලාභ ලබයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා පවසයි. 17 May 2021
අදත් මරණ 21ක් වාර්තා වෙයි කොරෝනා මරණ 21 අද වර්තා වෙයි. මෙයින් මරණ 20 මැයි 11 සහ 16 අතර කාලයේ වාර්තා වී ඇති අතර 21 වැනි මරණය පෙබරවාරි හත් වැනි දා වාර්තා වුවකි. එම මරණය ප්‍රමාද වී වාර්තා වි ඇත. 17 May 2021
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල පුහුණු මධ්‍යස්ථානයේ 18 කොරේනා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින් වැහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන පුහුණු මධ්‍යස්ථානයේ 18 දෙනකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කුරුණෑගල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 16 May 2021
හිටි හැටියේ දුම්රිය වර්ජනයකට යන ලකුණු කිසිදු දුම්රියක් අද(17) දින ධාවනය නොකෙරෙන අතර කාර්යාල මගීන්ගේ පහසුව සඳහා අමතර ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 16 May 2021
මත්පැන් සාදයක් පැවැත් වූ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හතක් අල්ලයි නීරෝධායන නීති උල්ලංඝණය කරමින් රාජගිරිය නගරයේ නවාතැන් පොළක මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාදයක පැවැත් වූ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත්බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය කියයි. 16 May 2021
සංචරණ සීමා අවසන් වුණත් ගමන් හඳුණුම්පත් අංකයට දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා හෙට (17) අලුයම.4.00 ට ඉවත් කළද ලබන 31 වැදි දින දක්වා එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නා ජනතාව හැඳුනුම්පත් අංක පිළිවෙළ අනුව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 16 May 2021
අසාදිතයෝ අදත් 2000 ඉක්මවති කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 480 දෙනෙක් අද (16) දිනයේ දී වාර්තාවූහ. 16 May 2021
පාර්ලිමේන්තුවේ සේවකයෝ දෙදෙනෙක්ට කොරෝනා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කාර්යාලයේ සේවකයෙකුට හා පාර්ලිමේන්තු පිළිගැනීමේ නිලධාරිනියකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසුව එම අංශවල සේවකයෝ පිරිසක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. 16 May 2021
කකුල තුවාල වී අලි පැංචා අතරමං වෙලා පාදයකට වූ තුවාල නිසා ඇවිදගත නොහැකි වල් අලිපැටවකු මීගලෑව කත්නෝරුව පොතානගම කැඩි වැවක් අසල සිටියදී සොයාගත් බව වනජිවි නිලධාරීහු පවසති. 16 May 2021
වැරැල්ලවත්තේ ඉදිකෙරෙන කොරෝනා මධ්‍යස්ථානය බලන්න නාවික හමුදාපති යයි කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ, වැල්ලවත්තේ ඉදිකෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එහි ගියේය. 16 May 2021
සැමියාගේ පොලු පහරින් බිරිය නොඑන ගමන් යයි අඹු සැමි යුවලක් අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා බිරිඳගේ හිසට එල්ල කළ පොලු පහරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි 16 May 2021
කොරෝනා නිසා රෝහල් ගත වන්නට සිදු වුණොත් ගෙන යා යුතු දේ ඔබ කුමන වයසක පසු වුවත් රෝහල්ගත වන විට සාමාන්‍යයෙන් රැගෙන යන බඩු ප්‍රමාණයට වඩා සීමිත ප්‍රමාණයක් එහි රැගෙන යා යුතු වන්නේ කෝවිඩ් වැනි බෝවන රෝග සමසමයකදී රෝගීන් බහුලව රෝහල්වල සිටින හෙයිනි . 16 May 2021
කොරෝනා ආසාදිතයන් 1732ක් වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1732 දෙනෙක් අද (16) දිනයේ දී වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,42,203 ක් දක්වා ඉහළ ගොස් ඇත. 16 May 2021
කොළඹ වරාය නගරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනිද්දා මැතිසබයට කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට අනිද්දා(18) දැනුම් දෙන බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පවසයි. 16 May 2021
දඹුල්ලෙන් සහ තඹුත්තේගමින් එළවළු කිලෝ ලක්ෂ තුනක් මිලට ගනී ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථාන දෙකක් වන දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථාන දෙකෙන් රජය සහ යුද හමුදාව එළවළු කිලෝ ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ. 16 May 2021
‘‘රිෂාඩ් - ප්‍රේමලාල් කැමති නම් මැති සබයට ගේනවා‘‘ විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඔවුන් එකඟ නම් පමණක් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. 16 May 2021
සිසුන්ට නොදන්වා නේවාසිකාගාරය ප්‍රතිකාර මධ්‍යස්ථනයකට දීලා කොළඹ විශ්ව විද්‍යාලයට අයත් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය සතුව තිබූ මොරගස්මුල්ල කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරය හදිසි කොවිඩි - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර දේශපාලනාඥයන් පිරිසක් එය නැවත විවෘත කර ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව චෝදනා කරයි. 16 May 2021
නගර රැසක තවමත් ගංවතුර දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි හා සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට බලපෑ ආපදා තත්වයෙන් පවුල් 12,177 කට අයත්, 48,300 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි. 16 May 2021
ව්‍යාපාරික පුතාගෙන් මිතුරන්ට මත්කුඩු සාදයක් රාමසාන් අවුරුදු සමරා මදිපාඩුවට පසුදින කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු මාවනැල්ල කොට්ටවත ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය සාදයක් වටලා සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත්බව පොලිසි පවසයි. 16 May 2021
පළමු වසරට ඇතුළත් කර නොගත්තාට සිසුවියට ලක්ෂ පහක වන්දි ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුල් නොකිරීමේ සිද්ධියක් හේතුවෙන්,වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබීමෙන් සිදුවූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අගතියට පත් එම සිසුවියට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත. 16 May 2021
තැපැල් සේවකයන්ට කොරෝනා එන්නත් ඉල්ලයි බිම් මට්ටමේ සේවාවන්හි යෙදෙන තැපැල් සේවකයන්ට ප්‍රමුඛත්වය දී එන්නත් ලබා දීමට වහා පියවර ගන්නැයි තැපැල් වෘත්තිය සමිති ඉල්ලා සිටියි. 16 May 2021
දුරගමන් බස් සේවා තවදුරටත් සීමා කරයි සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ තවදුරටත් දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 16 May 2021
කොළඹට හෙට විශේෂ දුම්රිය පහක් රජය පළාත් අතර සංචරණ සීමා පැන වුවත් රජයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා දුර බැහැර සිට පැමිණෙන මගින් සදහා පමණක් විශේෂ දුම්රිය පහක් හෙට(17) සිට යොදවා ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 16 May 2021
’’අස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශය යොදවා හෝ මිලදී ගන්නවා’’ අස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශය යොදවා හෝ මිලදී ගන්නා බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය. 16 May 2021
රෝහල් අඩුපාඩු සකසන්න උදව් කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලයි රෝහල්වල අඩුපාඩු සහ පහසුකම් සපුරා ගැනීමට උදව් වන්නයි තමා මෙරට දානපතියන් ගෙන් ඉල්ලීමක් කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය . 16 May 2021
‘‘පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ට නිවාඩු දෙන්න‘‘ පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් රෙඩ් සංවිධානය ඇතුළු වෙළඳකලාප ආශ්‍රිතව වැඩ කරන ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ඉල්ලීමක් කර ඇත. 16 May 2021
නිතිපතිගේ චෝදනාව ගැන මහජන ආරක්ෂක අමාත්‍ය කරුණු විමසයි පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට අදාල සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව තහවුරු කර නැති බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා එම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා ඇත . 16 May 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026