එළිමහනේ වෙසක් සමරන්න බෑ දැනට පවතින තත්වය අනුව වෙසක් උත්සවය වෙනදා සැමරූ විදියට එළිමහනට ගොස් සැමරීමේ හැකියාවක් නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 May 2021
ඇඟලුම් හලේ අවුරුදු උත්සවයෙන් කොරෝනා පොකුරක් නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට කළ පී.සී.ආර් පරීක්ෂණවලින් 33කුට කෝවිඞ් ආසාදිත බව 14දා තහවුරුවීමෙන් පසු එම කම්හල වසා දැමූ බව සෞඛ්‍ය බලධාරීහූ පවසති. 14 May 2021
කොරෝනා තරමක අඩුවක් ජූනි වන විට කොවීඩ් ආසාදිතයන්ගේ තරමක අඩුවක් ලබන ජුනි මුල් සතිය පමණ වන විට අපේක්ෂා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 14 May 2021
‘‘සංචරණ සීමා නිසා පිිරිසක් දුෂ්කර තාවයට‘‘ එදිනෙදා හම්බ කරගෙන ජීවත්වෙන විශාල පිරිසක් රට මේ ආකාරයට වසා දැමීම ගැන දැඩි විරෝධය මතු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 14 May 2021
කොරෝනා නැතැයි කියා මල්ශාලාවට රැගෙන ගිය සිරුර නැවත රෝහලට කොරෝනා මළ සිරුරක් වැරදීමකින් මුදාහැර මල්ශාලාවේ එම්බාම් කරන අතරතුර නැවත පානදුර මූලික රෝහලට රැගෙන යාමේ සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි 14 May 2021
ගම්පහට ගංවතුර තත්ත්වයක් අත්තනගලු ඔයෙහි ජල මට්ටම දූනමලේ ජල මාපකයෙහි මීටර් 5 දශම 58 දක්වා ඉහළ යාම මත මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. 14 May 2021
දක්ෂිණ අධිවේගයේ වැසූ දොරටු අටක් අද විවෘත කරයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු කොට්ටාව සහ කඩුවෙල පිවිසුම්වලදොරටු අටක් අද සිට විවෘත කෙරුණු බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 14 May 2021
ඌරාපොළ - රුවන්වැල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි දැඩි වර්ෂාවත් සමග අද (14) අළුයම ඌරාපොල රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේ කන්දක් නාය ගොස් විශාල ගල් සහිත පස්කන්දක් මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා ඊයේ (14) දහවල් පැවසීය. 14 May 2021
අම්මටයි තාත්තටයි කොරෝනා නම් දරුවන්ට පරිවාසයේ ආරක්ෂාව මව්පියන් දෙදෙනාම කෝවිඞ් ආසාදිත බව තහවුරුවී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවුන පසු ඥාතීන්ගේ හෝ වෙනත් විශ්වාස කටයුතු කිසිවකුගේ ආරක්ෂාවක් නැති දරුවන් සබරගමු පළාතේ පරිවාස දෙපාර්තමේන්තුවේ බාරයට පත්කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. 14 May 2021
යුද හමුදාව රුවන්වැල්ලේ කොටුවූ පිරිසක් බේරාගනී නොකඩවා ඇද හැළෙන තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ කොටුව සිටි කුඩා දරුවන් 14 දෙනකු යුත් පිරිසක් බේර ගැනීමට යුද හමුදාව කටයුතු කළේය. 14 May 2021
රත්නපුරයට ගංවතුර අවදානමක් කලූගඟ,කුරු ගඟ, නිරිඇලි ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා තවදුරටත් තද වැසි ඇතිවුව හොත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2021
රටම පාළුවට යයි මුළු දිවයිනටම ඊයෙ (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා සංචරණ සීමා පැනවිය එත් සමග කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයක්ම ජනතාවගේ හිස් වූ පාළු සොභාහවයක් ගත් බව අප වාර්තා කරුවෝ පවසති. 14 May 2021
තවත් වසම් 42ක් හුදකලා කරයි කොරෝනා පැතිරීම සැලකිල්ලට ගෙන මඩකලපුව ,ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 43ක් අද සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 May 2021
අදත් තද වැසි ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද (14) දිනයේත් තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2021
‘‘සංචරණ සීමා යටතේ ආනයන කටයුතු පවත්වාගනෙ යනවා‘‘ පවතින සංචරණ සීමා යටතේ වුවද කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන නැව් ගත කිරීම, අමුද්‍රව්‍ය ආනයනය වැනි අත්‍යාවශ්‍ය කාර්යයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සම්පාදනය කර ඇතැයි එම මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි. 14 May 2021
මෙරට කොරෝනා මරණ 892 දක්වා ඉහළට මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 892 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. අවසන් වරණ වාර්තා වූ මරණ 24 ත් සමග මරණ ගණන 900 ආසන්නයට පැමිණ තිබේ. 14 May 2021
කොපමණ කීවත් තවත් පිරිසක් නිරෝධායන නීති කඩයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 282 ක් ගතවු පැය 24 තුළ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 May 2021
උසස් පෙළ සිසුන්ට අන්තවාදි දේශන දුන් අයෙක් අල්ලයි 2018 වසරේ අ. පො .ස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සිසුනට අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයෙක් මුතූර් ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 May 2021
මාදම්පෙන් ආසාදිතයෝ 26 මාදම්පේ සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා වයිරසය අසාදනය වූවන් 26 දෙනකු හඳුනා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කුලරත්න අතපත්තු මහතා පවසයි. 13 May 2021
මුහුදෙන් රට පනින්න ගිය දහයක් අල්ලති මුහුදු මගින් විදේත වීමට සූදානම්ව සිටි උතුරු නැගෙනහිර පදිංචි දස දෙනෙක් හලාවත ඉරණමඩු මුහුදු තීරණයේදී නාවික හමුදාව විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබූහ. 13 May 2021
කොරෝනා වයිරසයෙන් හිමි නමක් අපවත්වෙති අනුරාධපුර සාරානන්ද පිරිවෙන් ආචාර්ය තලංපිටියේ මෙත්තානන්ද හිමියෝ කොරෝනා ආසාදනය වීමෙන් අපවත් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 13 May 2021
තබ්බෝවේ දොරටු හතරක් අරි තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද සවස හතර අඩි එකහමාර බැගින් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි. 13 May 2021
ගාල්ලට තද වැසි:නාය යෑමේ අවදානමක් ගාල්ල දිස්ත්‍රික්කයට පවතින ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතක් නාය යාමේ අවදානම් කලාප ලෙස නම්කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පවසයි. 13 May 2021
ගම්පහින් ආසාදිතයෝ 597 හඳුනා ගැනෙති කොරෝනා ආසාදිතයින් 597 දෙනකු ගතවූ පැය 24 ක කාලයක් තුල ගම්පහින් හමුව ඇති බවත් මෙය ඉතා අහිතකර තත්ත්වයක් බවත් ජනතාව දැඩි අවදානයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි. 13 May 2021
අදත් ආසාදිතයෝ 2000 සීමාව පනිති කොරෝනා ආසාදිතයන් තවත් 1174 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි. 13 May 2021
සේරුවිල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඉන්දියාවේදී සිදු කරයි චෙන්නායි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි කොවිඩ් 19 ආසාදනය විම නිසා අපවත්වු සේරුවිල මංගල රජමා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝණායක හිමිගේ ආදාහන කටයුතු ශ්‍රි ලංකා වෙලාවෙන් ඊයේ (12) පස්වරු 07.30ට චෙන්නාහිදි සිදු කර ඇත. 13 May 2021
ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් රෝහල් කරයි ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් වයිරස ආසාදිතයින් වෙනුවෙන් වූ රෝහල් බවට පත්කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 13 May 2021
ලලිත් අඹන්වල දිවි ගමනට සමු දෙයි හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල මහතා අද අභාවප්‍රාප්ත විය. 13 May 2021
සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර ඉල්ලා බහු ජාතික සමාගමක් ඇමැති හමුවෙයි ග්‍රෑම් 24 ෂැම්පු සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඉල්ලා ප්‍රකට බහු ජාතික සමාගමක් තමන් හමුවී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 13 May 2021
60 වැඩි අයට සංකූලතා නැත්තනම් සිනොෆාම් එන්නත ලබා දෙනවා අවුරුදු 60 ට වැඩි එහෙත් සංකූලතා නොමැති පුද්ගලයින්ට ද චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාදීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍යසේවා සහ කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය. 13 May 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026