IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ගම්පහින් ආසාදිතයෝ 597 හඳුනා ගැනෙති

(තිලකරත්න දිසානායක)

කොරෝනා ආසාදිතයින් 597 දෙනකු  ගතවූ පැය 24 ක කාලයක් තුල ගම්පහින් හමුව ඇති බවත් මෙය ඉතා අහිතකර තත්ත්වයක් බවත් ජනතාව දැඩි අවදානයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.

ගතවූ එම කාලය තුල 69 දෙනකු වන ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බව සදහන් කළ අධ්‍යක්ෂවරයා, ගම්පහ දිස්ත්‍රික්කයෙහි , සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුව ඇති බවද කීය.

බියගම කොට්ඨාසයෙන් - 63 ක් , සීදූව - 55ක් , මහර - 49 ක් , මීගමුව - 48 ක් , කටාන - 49 - ක් , කැලණිය - 45 ක් , රාගම සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් 33 දෙනෙකු බැගින්ද , වත්තල - 22 ක්, මිනුවන්ගොඩ - 20 ක් , ජාඇල - 15 ක් සහ අත්තනගල්ල කොට්ඨාසයෙන් 14 දෙනෙකු වශයෙන්ද වාර්තාවී ඇත.

 

 



අදහස් (0)

ගම්පහින් ආසාදිතයෝ 597 හඳුනා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 40 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 254 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site