මාරාන්තික උපවාසයට වෛද්‍ය සංගමයේ සහාය මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කළහොත් ඊට පූර්ණ සහාය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. 06 November 2017
අල්ලස් ගත් සැරයන්ට වසර 24ක සිර දඬුවමක් රුපියල් 25,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 23,000/-ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු කැකිරාව පොලිසියේ සැරයන්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 06 November 2017
ඇමැති පාඨලී තෙල් මාෆියාව ගැන හෙළි කරයි ඛණිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්රවල දිගින් දිගටම මාෆියාවක් ක්‍රියාත්මක වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 06 November 2017
වර්ණ සංඥා නොතකා යතුරු පැදිය ධාවනය කළ ලාංකිකයා මරුට කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙක් (31) මාර්ග නීති උල්ලංඝණය කරමින් පදවා ගෙන ගිය යතුරුපැදියක් අනතුරට ලක් විමෙන් මියගොස් ඇතැයි එරට තානාපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි. 06 November 2017
තුවාලකරුවන් ගෙනෙද්දී ශල්‍ය වෛද්‍යවරුන් රෝහලේ නෑ මදුරන්කුලිය බස් රථ අනතුර සිදුවී රෝගීන් පුත්තලම මූලික රෝහලට ගෙන යන විට එහි ශෛල්‍යය විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ සේවයේ නොසිටී බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 06 November 2017
මඩාටුගම දැරියට ජාතික පාසලක් සමඟ නිවසක් නිරාහාරව පාසල් පැමිණ සිටියදී වමනය කිරීම නිසා, ගැබ් ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කරන ලද කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ සිසුවිය අද (6) සිට අනුරාධපුර නගරයේ ජාතික පාසලක් වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබී තිබේ. 06 November 2017
උඩුවේ හිමිගේ නඩුව ජනවාරි 05 සිට පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමය තුළ අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් විවිධ තැටි ප්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 05 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (06) තීරණය කළාය. 06 November 2017
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් ගලහදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද සයිටම් විරෝධී උද්ගෝෂණයක් අද (06) ගලහ මංසන්දියේදී පැවැත්විණි. 06 November 2017
අයවැයට ශ්‍රීලනිප යෝජනා බාරදෙයි ලබන වසරේ අයවැය ලේඛනය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත බාරදුන් බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 06 November 2017
විදුහල්පතිවරයකු ඉල්ලා විරෝධතාවයේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලට නව විදුහල්පතිවරයකු ඉල්ලා අද (06) එම පාසලේ සිසුන්ගේ දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ. 06 November 2017
ඕස්ට්‍රේලියානු අගමැති පාර්ලිමේන්තු සගයින්ගේ පුරවැසි භාවය සොයයි පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන් තමන් ද්විත්ව පුරවැසියකු ද නැද්ද යන වග අනාවරණය කළ යුතු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි. 06 November 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ රස පරික්ෂක වාර්තාවක් ඉල්ලයි උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පරිගණකය ඇතුළු නඩු භාණ්ඩ 11 ක් සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (6) නියම කෙරිණි. 06 November 2017
සයිටම් ගැටළුවට තවත් කමිටුවක් සයිටම් ගැටළුව සම්බන්ධයෙන් වූ අවසන් තීරණයේ ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් නව කමිටුවක් පත් කිරීමට ජනපතිවරයා තීරණය කර ඇත. 06 November 2017
ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම් දිවයින පුරා ඉන්ධනහල් රැසක මේ වනවිටත් දිගු පෝලිම් දැකිය හැකිය. 06 November 2017
බෞද්ධ සම්මේලන සාමාජිකයෝ අටමස්ථානය වන්දනා කරති අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයේ සමාජිකයෝ අද(6) අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනිමට එක්වුහ. 06 November 2017
හිරුණිකාගේ නඩුවේ 8 ක් වරද පිළිගනිති පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 කට පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 8 දෙනෙක් අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඔවුන්ට දඬුවම් නියම කිරිම 24 වැනි දා දක්වා කල් තැබිය. 06 November 2017
උප විදුහල්පති ඇතුළු 27කට තහනම් නියෝගයක් ජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් මහජන සාමයට බාධාවන හා දේපලවලට හානිවන අයුරින් දින 30ක් තුළ උද්ඝෝෂණ නොපත්වවන්නැයි ඌරුබොක්ක ජාතික පාසලේ නියෝජ්‍ය විදුහලපතිවරයා ඇතුළු 27 දෙනකුට මොරවක වැඩබලන මහේස්ත්‍රාත් සී.එස්. දිසානායක මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. 06 November 2017
හිටපු කොටි පිරිසක් නව පක්ෂයක් පිහිටුවති පුනරුත්තාපන වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් එළැඹෙන සියලු මැතිවරණ සඳහා උතුරු නැනෙහිර පළාත්වලට ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සභාපති සුන්දරපිල්ලෙ සිවකුමාර් කියා සිටියේය. 06 November 2017
සයිටම් සිසුහු ජනපතිට ලියති මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා රජය විසින් නිකුත් කරන ලද විසඳුම් මාලාව මගින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට තුළ අඛණ්ඩව කරගෙන යාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අගය කරන බව සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් පවසයි. 06 November 2017
පුත්තලමේ බස් අනතුරකින් හතක් මරුට පුත්තලම - කොළඹ මාර්ගයේ මදුරන්කුලියේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් හත් දෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 06 November 2017
ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 26 ක් මරුට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 06 November 2017
ලෝක බලවතුන්ගේ තවත් මූල්‍ය ගනුදෙනු රැසක් හෙළිවෙයි එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු ලොව ප්‍රමුඛතම ව්‍යපාරිකයන්ගේ රහස්‍ය ගනුදෙනු ඇතුළත් මූල්‍ය ලිපි ලේඛන රැසක් අනාවරණය වී තිබේ. 06 November 2017
අවසාන සිරුරු දෙකත් සොයා ගනී තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් සෙනසුරාදා (4) අතුරුදන් වු පිරිස අතරින් අවසන් දෙදෙනාගේ සිරුරු පැය 40 කට පමණ පසු අද (6) සොයා ගත් බව පොලිසිය පවසයි. 06 November 2017
සිවශක්ති ආනන්දන් ස්වාධීන වෙන්න යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ. 05 November 2017
සුළි කුණාටුවකින් වියට්නාමයේ 27ක් මරුට වියට්නාමයේ දකුණු හා මධ්‍යම ප්‍රදේශවලට බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් 27දෙනකු මියගොස් 20ක් පමණ අතුරුදන් වි ඇතැයි වාර්තා වේ. 05 November 2017
දණවටක් තිබූ වතුර පාර මොහොතකින් වැඩි වුණා මුලින් දණහිස ගාවට තිබූ වතුර මට්ටම සුළු මොහොතකින් සැඩ ජල පහරක් ලෙස වැඩි වූ බව මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ වැද්දාපැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිට මියගිය කිංස්ලි රත්නායක මහතාගේ බිරිය දුලීකා මාරසිංහ මහත්මිය පැවසුවාය. 05 November 2017
මෙහෙයුම් කමිටු වාර්තාව ගැන මත විමසයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ජනතා අදහස් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. 05 November 2017
තෙල් නැව භාර නොගන්නා බව අමාත්‍යංශය කියයි ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 05 November 2017
ලංගම බසය පෙරලී 28කට තුවාල ඩයගම සිට හැටන් දක්වා ධාවනය කරමින් තිබු ලංගම බස් රථයක් ෆොඩයිස් - එන්සි තේ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 80 ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව හැටන් පොලිසිය කියයි. 05 November 2017
පිටරට කිරිපිටිවලට සීමා - ජනපති ළදරු කිරිපිටිවලට සහන ලබා දෙන අතර පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 05 November 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026