යුද හමුදාවෙන් 200 ක් මාලි රටට මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ප්‍රථම වතාවට යුද හමුදා සාමාජිකයන් 200 ක පිරිසක් මාලි දිවයින බලා පිටත්ව යන බව හමුදාව කියයි. මෙම පිරිස අතර නිලධාරීන් හා සෙසු නිලයින් ද සිටින බව හමුදාව ස`දහන් කරයි. 08 November 2017
ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නලු අන්තර්ජාලය ඔස්සේ ඉතා පහත් හා අසභ්‍ය ලෙස ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගතහොත් රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කළ හැකි වනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 08 November 2017
සිවිල් ආරක්ෂක බළකායේ වංචාවක් ගැන පැමිණිල්ලක් සිවිල් ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් කරන ලදැයි කියන වංචාවක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද(8) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 08 November 2017
ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරැඹෙයි තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ 50වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද(8) තැපැල් ඇමැති එම්.එච්.අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, තැපැල් මූලස්ථානයේ දී ආරම්භ විය. 08 November 2017
ගම්පහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ටී 56 ගිනි අවි තුනක් හා මැගසින් 7 ක් සමඟ ගම්පහ නගරයේ දී සුභෝපභෝගී මෝටර් රථයක් අතහැර යාමේ සිද්ධියේ එම මෝටර් රථය පැදවු බව කියන රියදුරු අද (8) ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 November 2017
සයිටම් අහෝසි කළ බව නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තුවට කියයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය. 08 November 2017
පෙට්‍රල් අර්බුදයට තෙල් සංස්ථාව වගකිව යුතුයි පෙට්‍රල් අර්බුදයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් වගකිව යුතු යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 08 November 2017
මීතොටමුල්ලේ අවතැන් වුවන්ට නිවාස මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් අවතැන් වු ජනතාව වෙනුවෙන් ඉදිවූ කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ තෙවැනි අදියරේ නිවාස ඒකක 396 ක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (8) ජනතා අයිතියට පත්කෙරිණි. 08 November 2017
ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අඩුවෙයි අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු හා හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අඩුකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද(8) මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 08 November 2017
ත්‍රී රෝද රිය ගලඔයට වැටෙයි බිබිල බදුල්ලගම්මන ප්‍රදේශයේ පාලමකින් වැටුණු ත්‍රී රෝද රථයක් ගල ඔයේ ගසාගෙන ගොස් ඇති බව බිබිල පොලිසිය කියයි 08 November 2017
ගලේවෙල අනතුරකින් අයෙක් මරුට ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරය ආසන්නයේ අද(8) ගුවන් හමුදාවට අයත් කැබ් රථයක් පා පැදියක් ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇති බව පොලීසිය කියයි. 08 November 2017
නාලන්දාවේ රකිඳු ලක්මව රිදියෙන් සරසයි නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති හයවැනි ආසියා පැසිපික් තරුණ විද්‍යා සමුළුවේදී බකිනි ගසේ පලතුරු මදයෙන් ගර්භාෂ බිත්ති පිළිකා ප්‍රභේදයක් විනාශ කළ හැකි බව ඉදිරිපත් කළ කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න ජීව විද්‍යා අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත්විය. 08 November 2017
ලංගම බසයට බෝම්බ ගැසූ කොටියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ඉලක්ක කොට ‘ක්ලේමෝ’ බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට 30දෙනකු ඝාතනය කොට තවත් 42කට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද(8) නියම කළේය. 08 November 2017
දුම්රිය වර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරු අද(8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය නියාමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි. 08 November 2017
වැව් බැම්මෙන් ටී56 උණ්ඩ මතු වෙයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවේ ගල්පර අතර තිබී ටී.56 ජීව උණ්ඩ 126 ක් අද (08) සොයාගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 08 November 2017
පොලිසියේ මැදිහත්වීමෙන් සිසුන් පාසලෙන් ඉවතට කිසිදු පූර්ව දැනුම්දීමකින් හා හේතු දැක්වීමකින් තොරව ඌරුබොක්ක ජාතික පාසලේ 12වන ශ්‍රේණිවලට නිවාඩු දී ඇති බවත් අද (08) පාසලට ගිය 12 වැනි ශ්‍රේණියේ දරුවන් පොලීසියේ මැදිහත්වීමෙන් විදුහල් පරිශ්‍රයෙන් ඉවත්කළ බවත් දෙමාපියෝ කියති. 08 November 2017
බැඳුම්කර කොමිසමක් පත් කළාට ආණ්ඩුවේ අයත් මට ගහනවා‘ - ජනපති මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(8) මාදුළුවාවේ සෝභිත හිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරු උළෙලදී පැවසීය. 08 November 2017
අඹගමුවෙන් ශ්‍රීපාදය ගැලවීම ගැන දෙවියන්ට කියති එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන අමාත්‍යංශය විසින් අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කඩා වෙන් කිරිමේදි ශ්‍රී පාදස්ථානය අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් වෙන් කර මස්කෙළිය ප්‍රාදේශිය සභාවට ඇතුළු කිරීමට මෙරට පාලකයින් කටයුතු කර ඇති බව පවසමින් මස්කෙළිය සමන් දේවාලයේදි අද (8) කන්ද උඩරට ප්‍රගතිශිලි ජනතා ව්‍යපාරය මගින් විශේෂ සමන් දේව පුජාවක් පවත්වනු ලැබීය. 08 November 2017
හිටපු ඇමැතිවරයකුගේ බලපෑමට බස්නාහිර සබේට වාහන 19 ක් කුලියට අරන් බස්නාහිර පළාත් සභාවට කුලී පදනම යටතේ වාහන දහනවයක් ගැනීම සඳහා කෝටි දහනවයක් ගෙවන්නට සිදුව ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ (07) බස්නාහිර පළාත් සභාවේදී පැවැසීය. 08 November 2017
ව්‍යවස්ථා සංශෝධනයට නොව රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමුඛත්වය දිය යුතුයි මේ අවස්ථාවේදී ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නොව රට හමුවේ ඇති ප්‍රශ්න විසඳීමට යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කියා සිටී. 08 November 2017
පෙට්‍රල් පෝලිම අදත් පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් අදත් (08) රටපුරා පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි. 08 November 2017
බගවන්තලාව නිවසක මළ සිරුරක් බගවන්තලාව ටින්සින් වතුයායේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි තිදරු මවකගේ(63) මළ සිරුරක් අද (08) සොයාගත් බව බගවන්තලාව පොලිසිය කියයි. 08 November 2017
වෙල්ලමුල්ලිවයික්කාල් ඉඩමකින් බෝම්බ හමුවෙයි මුලතිව් අවසන් යුද ගැටුම් පැවති වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වැසියකු වළක් හාරන අවස්ථාවේදී වළදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් ඊයේ (07) සවස හමු වී ඇති බව මුලතිව් පොලීසිය පවසයි. 08 November 2017
මාතර පෙට්ට්‍රල් ජාවාරමක් ඉන්ධන පිරවුම්හල්වලට පෝලිමේ ගොස් පෙට්‍රල් ලබා ගෙන ඒවා පිටතට රැගෙනවිත් වැඩි මිලට විකිණීමේ ජාවාරමක් මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත. 08 November 2017
අයවැයට පෙර ආණ්ඩුවෙන් සහන පැකේජයක් විශේෂ සහන පැකේජයක් හෙට (08) දිනයේ රජය විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 November 2017
තෙල් නැතිව ඇමැති මණ්ඩලය ඇවිලෙයි ඛනිජතෙල් අර්බුදය හේතුවෙන් අද දහවල් පැවැති කැබිනට් රැස්වීමද දැඩි උණුසුම්කාරී වී ඇත. 07 November 2017
වාහන වලට පමණක් පෙට්‍රල් ගැසීමේ නීතිය ඉවතට වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කර තිබූ නියෝගය ඉවත් කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි. 07 November 2017
පාගමනක් ගියැයි කුලියාපිටිය සිසුවකු අස්කරලා ආදර සම්බන්ධතාවක් ඇතැයි කියමින් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පාසලෙන් අස් කර ඇතැයි කියමින් කුලියාපිටියේ පාසලක 13 ශ්‍රේණියේ සිසුවකු පොලිසියට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. 07 November 2017
මන්ත්‍රී රවීගෙන් නීතිපති නිලධාරියකුට අභියෝගයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(07දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාට අභියෝගයක් කළේය. 07 November 2017
විදේශීය චිත්‍රපට - ටෙලිනාට්‍ය - වාණිජ වැඩසටහන් බද්ද ඉහළ දමයි පිටරටින් ආනයනය කර හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය ,චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරන ගාස්තුව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 90000 සිට 150 000 දක්වා වැඩිකර තිබේ. 07 November 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026