සේවාමුක්ත භටයින් හා පොපි මල් සැමරුම් උත්සවයෙන්
සන්නද්ධ හමුදාවන්හි සේවයේ නියුතුව සිටි සේවා මුක්ත භටයින්ගේ අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම අද (11) උදේ කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි සැමරුම් ස්මාරකය ඉදිරියේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් කථානායක කරු ජයසූරිය මහතාද, විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය.