(මුදිතා දයානන්ද)
රාජිත සේනාරත්න ඇමතිවරයා රජයේ නිල මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කියන දේවල් රජයේ නිල ප්‍රකාශ නොවන්නේ නම් වහාම ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයය ගම්මන්පිල මහතා අද (21) පැවසීය.
ගම්මන්පිල මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
වේලූපිල්ලේ පිරබාහරන් මහත්මයෙකු කරමින්ද කොටි ත්රස්තවාදීන් සිය පුතු චතුර සේනාරත්නගේ සහෝදරයින් කරමින්ද, දෙමළ සංහාර දිනය සැමරීම වරදක් නැතැයි කියමින්ද රාජිත සේනාරත්න ඇමතිවරයා කළ ප්රකාශ්ය ආණ්ඩුවේ නිල මතය නොවේ යැයි ඇමතිවරු ප්‍රකාශ කරන්න පටන් අරන්.
රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශය නිල ප්‍රකාශයක් නෙවෙයි කියලා කියන්න මේ ඇමතිවරු කවුද? රාජිත ඇමතිවරයා තමයි රජයේ නිල ප්‍රකාශකයා. රජය වෙනුවෙන් නිල අදහස රටට කියන ප්‍රකාශකයා. ඒ නිසා ඔහු කියන දේවල් නිල ප්‍රකාශ නෙවෙයි කියාල කාටවත් කියන්න අයිතියක් නැහැ. එහෙම කියනවා නම් කිව හැක්කේ රටේ ජනාධිපතිට හෝ අගමැතිවටයි. ඔවුන් එසේ කියනවා නම් පළමුව කල යුත්තේ රාජිත ඇමතිවරයා නිල මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් කිරිමයි. එසේ නොකරන තාක් ඔහුගේ ප්‍රකාශ තමයි රට පිළිගන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන් පොල් ගැහැව්වා නම්.. විශ්වාස භංගයක් ගේන්නත් පුළුවන් නේද? විපක්ෂයේ කට්ටියට මේ වැඩ හොඳට පුළුවන්... නමුත් මහන්සිය විතරයි.
මෛත්‍රිපාල සිරිසේනව ඉවත් කෙරුවත්, රාජිතව ඉවත් කරනවා බොරු. මොකද රාජිත එජාප කාරයා වුණාට ජනාධිපති උපදෙස් ගන්නේ රාජිතගෙන්නේ...
ඔබගේ ප්‍රකාශ දෙබිඩි විපක්ෂයේ නිල ප්‍රකාශද?
මහින්දව හෙට බලයට ගේන්නකෝ... ඊළඟ දවසේ ඉඳන් රාජිත කැබිනට් ඇමති. නිකං වැඩකට නැති පල්හෑලි දොඩවන අයට වඩා තැනක් එදිනට රාජිතට ලැබෙනවා.
අපට නම් මේ රෙද්දේ පිටින් විතරක් පිවිතුරු හෙළ කරුමයන්ව පේන්න බැහැ. ඕනදේටයි, එපාදේටයි කොයි වෙලාවේත් බෙරිහන් දෙන මේ කයිවාරුවල කිසිම රසයක් නැහැ. කිසිම ඡන්ද පදනමකුත් නැහැ. ශ්‍රීලනිපයේ 16කල්ලියට මෙයාවත් දැම්මා නම් නියම මොළ ටික. පොහොට්ටුවේ කට්ටියගේ ඡන්ද අඩු කරන්න තමයි මේ අයට පුළුවන්. කරන දෙයක් හරියට කරලා තමන් ඉන්න පැත්තට යහපතක්නේ කරන්නට ඕනේ. ඒත් හැම වෙලාවේම කටින් බතල කොළ හිටවනවා.
"කොටි ත්රස්තවාදීන් සිය පුතු චතුර සේනාරත්නගේ සහෝදරයින් කරමින්ද," හලෝ රාජිතගේ කතාවල හැටියට ඒ සහෝදරකම රාජිත හොඳින් දන්නා එකක්. ඔබ එ්කට කලබල වෙන්න එපා...
ඉක්මනට බොරු දොඩලා ආණ්ඩුව පෙරලගන්න. එතකොට ඕස්ට්‍රේලියාවේ නඩුව ඉවරයි.
මහින්දගේ කෙනා කියන මෙම ප්‍රකාශ මහින්දගේ නිල ප්රකාශයන්ද?
මිනිසුන්ට ජලය ගලලා උන්හිටි තැන් නැතිවෙලා ..මේ අධමයින් මොවුන්ගේ යටි අරමුණු ඉටුකරගන්න මාන බලනවා
පරාජිතගේ ප්‍රකාශයන් තවම සිරිසේන මහතා දැකල නැහැ.ගංවතුර නිසා පත්තරේ ලැබිල නැතුව ඇති.රට විනාශ කරන දේශපාලුවෝ ඇට නැති දිව කබරයෙකු සේ එහෙ මෙහෙ හරවයි.