නිමල කොඩිතුවක්කු
ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ අංශ භාර නිලධාරීන් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(21) උපදෙස් දුන්නේය.
ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන්නේය.
ගංවතුර තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙසත් එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධව ආපදා සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙස පළාත් සභා හා ප්‍රදේශීය සභා ජනතා නියෝජිතයන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ. ඒ. එන්. සිල්වා මහතා ජනතාවට සහන සැලසීමට අදාළ නිලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළේය. සහන සැලසීමට අවශ්‍ය තරම් ප්‍රතිපාදන දිසාපතිවරුන් සතුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සහන සලසන්නේ දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට විතරයි. සිංහල මිනිස්සුන්ට නම් ඉතින් දෙවියන්ගේ පිහිට තමයි. අඩුම තරමේ අර ලක්ෂ 62ට වත් සහන සැලසුවොත් ඇති... මොකද ඉතින් මේ ගොල්ලන්ව පත් කරපු කට්ටියනේ. ඒ ගොල්ලන්ගෙන් අහන්න තියෙන්නේ දැන් සතුටුද කියල තමා...
දැන් මේ ගොයියන්ට රට සංවර්දනය නොකළාට 2020 වෙනකම් කියන්න මේ හේතුව ඇති... රටකට ජල ගැලීම්, නියං, දුර්භික්ෂ, එන්නේ කාලකන්නි පාලකයෝ රට පාලනය කරන විටයි.
තිබුන සහන නැති කරපු මහා බැංකුවත් මංකොල්ල කාල විකාර දොඩවනවා.සුනාමියක් ඇතිව ,ත්‍රස්තවාදයෙන් හා සෑම අතින්ම විනාශ වූ රටක් තමයි මහින්ද මහත්මා එදා ජය ගැනීමට නායකත්වය ගත්තේ ඒ රට 2015 ආප්පයත් සමග ගොඩ නැගුනු හංස ගීතයෙන් විනාශ කල ජඩ පාලකයින් තමන්ගේ නිරුවත නොදක විකාර දොඩවනවා.
ඔයා කියන කම් නරුම දේශපාලුවෝ බලා හිටියට දුක වේදනාව දන්නා දුප්පත් ජනයා තම සහෝදර ජනයාට උදවු කරවී . දැන් ජනතාවගේ ඉහ මොළ හුරගන කපු නුබලා ද මේ කතා කරන්නේ . නුබලට දුප්පත් ජනතාවගේ දුක වටහෙනවද ? මහා බැංකුවේ හොරාකාපු සල්ලි දැන්වත් එලියට අරගෙන් අසරණ වූ ජනතාවට උදවු කලා නම් නරකද ? නැතිනම් වැහි නැති අකුණු නුබලගේ ඔලුවලටම වදීවි මොකද ඔලුවෙන් දේවල් ප්ලෑන් කරන නිසා .
ඕක නම් අපලේම තමයි. නැතිනම් කිරි නිෂ්පදනේ වැඩිකරන්න කොළඹ ලොකු හෝටලේක උත්සවයක් අරන් පටන්ගත්ත විතරයි. ණයට ගත්තු සල්ලි සේරම කාබාසිනියා වෙලා යන්න මුරුගසන් වරුසාවක් වැස්සුවනේ? ආයෙත් පාරක් තිරුමාලා ගියොත් නරකද වේට්ටියක් කාරිය ඇඳගෙන. මොකද අපේ ත්‍රිවිද හමුදාවටත් දැන් සිරුඑන් ඉඳලම එපාවෙලා ඇතිනේ. සතියක් පහසුවෙන් ඉන්නකොට මාසයක් සීරුවෙන් ඉන්න වැඩක් වෙනවා. කාගේ කරුමෙද මන්ද.
මහා බැංකුව කොල්ල කල ඒවා පියව ගන්න බඩුමිල වැඩි කරන රනිල් තව කොහෙද සහන සලසන්නේ ......නිස්සෝ සුදුස්සෝ ඉන්දැද්දී නොහැකි දුබල උන් ඇවිත් ඉහලට ...සෙතක් වෙඉද එහෙම රටකට ඔයි