විනීතා එම් ගමගේ
කෘෂි රක්ෂණය වෙනුවෙන් ගොවින් ගෙන් අයකළ අක්කරයකට රුපියල් 1350 ක මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරමින් ඒ මුදල රජයෙන් දරන්නට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ගොවින්ට රුපියල් 40000 ක කෘෂි රක්ෂණයක් නොමිලේ ලබා දීමට රජය කටයුතු කරන බව ද අමරවීර මහතා කීය.
මේ සඳහා මිලියන 5228 ක් රජය දරන බව ද හෙතෙම කියා සිටියේය. පොහොර සමඟ ගොවීන් වෙත මේ අනුව රක්ෂණය ලබා දීමට රජය පියවර ගෙන ඇති බව කී අමාත්‍යවරයා මේ සහනය වී මෙන්ම බඩඉරිඟු, සෝයා, ලොකු ලූණු, අර්තාපල්, යන බෝග සඳහා ද ලැබෙන බව කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෘෂීකර්ම අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලමින් අයදුම්පත් 3500 ක් පමණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි ද හෙළි කළේය.
එයින් සමහර අයදුම්පත් සඳහා අවසර දිය යුතු වන ඒවා බව ද හෙතෙම කියා සිටියේය. උදාහරණයක් ලෙස කූඹුරු පනත අනුව ඉඩමක නමක් දෙණිය, පිල්ලෑව, කමත ,කූඹුර යන වදන්වලින් අවසන්ව ඇත්නම් ඒ සඳහා ද ඉදිකිරීම්වලදී අවසර ගත යුතු බැවින් එම ඉඩම් සඳහා ද අවසර ඉල්ලූ අයදුම්පත් මෙහි ඇති බවත් ඒවා නිදහස් කළ යුතු බවත් අමරවීර මහතා කීය.
එමෙන්ම සමහර කුඹුරුවල වී වගාව අසාර්ථක බව තහවුරු වී ඇත්නම් එහි වෙනත් වගාවකට අවසර දීමට නිර්දේශ කරන බවත් ඒ වාර්ෂික බෝග සඳහා පමණක් බවත් ඔහු පැවැසීය. අනෙක් අයදුම්පත් පිළිබඳව ගැඹුරින් සළකා බලන්නට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන 5228ක් අච්චු ගැහැව්වාද අපේ බදු මුදල්ද? අැයි කප්පරක් බදුගහලා හරියට අම්මගේ අප්පාගේ බූදලෙන් දෙනවා වගේ කෘෂි රක්ෂණට, පින් ගෙවල්වලට, සමෘධියට නිකන් සල්ලි දෙනවා. වගා පාලු වුණාම කෘෂි රක්ෂණයෙන් ගොවියාට අපේ බදු සල්ලි ගෙවනවා. ඊට පසු අපි කිලෝව රුපියල් 130ක් හාල්වලට ගෙවනවා. ඔය මොන මගුලක්වත් නැහැනේ ඉන්දියාවෙන්... රු 80 ගන්නේ හාල්කිලෝව ගෙන්වා අපිට දෙනවා නම් කෘෂි රක්ෂණ ඕනෙත් නැහැ. වතුර ප්‍රශ්නත් නැහැ. වාරිමාර්ග ඕනෙත් නැහැ. ග්ලයිපොස්පෙට් ප්‍රශ්න නැහැ. කෘෂි රසායන ප්‍රශ්න නැහැ. කෘෂිකර්ම ඇමතියෙක් ඕනෙත් නැහැ. ඔය මුකුත් නැතිව රු 80 හාල් ලැබෙනවා. නරකද?
අර කෘෂිකර්ම ගොඩනැගිල්ලට අවුරුදු ගාණක් කෝටි ගාණක් නිළි රැජිනකට ගෙව්වා නිකන් බොරුවට. ඒ වගේ කාබාසිනියා වැඩ නිසා බදුමුදල් අපතේ යනවා. වෙන රටක නම් ඇමති ගෙදර. ඒකට මෙහෙ ඇමති රජ ගෙදර. කාට කියන්නද මේ අවනඩු?
පොහොරත් , රක්ෂණ වාරිකෙත් , බිජත් , කුඹුර සකස් කරන්න අවශ්‍ය ට්‍රැක්ටර් , ගොයම් කපන යන්ත්‍ර , කුඹුරුකෙටිම වැනි වියදමුත් රජයෙන්ම දීල , කුඹුරු කරවන්න , අපි මෝඩ පාරිභෝගිකයෝ ඉන්නවනේ බදු ගෙවන්න , ගොයම් කපන කාලෙට සහල් මිල වැටුනොත් රටින් ගෙන එන සහල් මිල බදු වැඩිකර ඉහල දමන්න , මෙහෙම ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති ,
පෙරදිග ධාන්‍යාගාරය යයි විරුදාවලි ලත් මගේ මව්බිම අද දවසේ පෙරදිග ශුන්යගාරය යයි හැඳින්වීම නුසුදුසු අදහසකියි නොසිතමි. දිවයින පුර පැතිරී ඇති බොහොමයක් වැව අමුණු කැඩී බිඳී ඇත. වැසි ජලය ගංවතුරක් වී විනාශයම් ඉතිරි කරමින් ගලා යයි.නියගය,ඉඩෝරය,ගංවතුර එකක් පිටුපස එකක් පැමිණෙයි.රටට බත සපයන ගොවියා කුසගින්නේය. ගොවියාට හැකි පමණ සහන සලසා ඔහු දිරිමත් කල යුතුය. පිටරටින් සහල් ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කල හැකිය, යහපත් යෝජනාවකි.