විදේශ මුදල් සහ මැණික් තොගයක් සමඟ චීන ජාතිකයකු අත් අඩංගුවට
රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද (27) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය.