නෝර්වුඩ් ගැටුමේ දෙන්නෙක් 11 දක්වා රිමාන්ඩ්
නොර්වුඩ් වතුකරයේ ප්රධාන දේශපාන පක්ෂ දෙකක ආධාරකරුවන් හා ප්රාදේශිය සභා මන්ති්රවරුන් පිරිසක් අතර ඇතිවු ගැටුමට සම්බන්ධ බවට සැකකෙරෙන එම දේශපාලන පක්ෂ දෙකෙහිම ආධාරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත්රාත් ටි. සරවනරාජා මහතා වෙත ඉදරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.