යාපන පාසල් දැරියගේ ඝාතකයින්ට නීතිය ඉල්ලා විරෝධතාවයක් යාපනය සුලිපුරම්හි ඝාතනය කෙරුණු 06 හැවිරිදි පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ට උපරිම දඬුවම වූ මරණ දඬුවම ලබාදිය යුතු බව පවසමින් අද (3) මන්නාරම මාන්තෙයි නැගෙනහිර විරෝධතාවක් සංවිධානය කෙරිණි. 03 July 2018
20 ගැන දැනුම්වත් කරන්න අත්පත්‍රිකා බෙදති ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහජනතාව දැනුම්වත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (02) සවස සිදුකෙරිණි. 02 July 2018
වතුකම්කරුවෝ කතරගමට පාද යාත්‍රා කරති කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ උත්සවය සඳහා මේ දිනවල දිවයිනේ නන් දෙසින් හින්දු බැතිමතුන් පාද යාත්‍රා මගින් සහභාගී වීම සිදු කරනු ලබයි. 01 July 2018
අංගම්පොර ශිල්ප දක්වමින් ඇදුරිඳුට උපහාර වසර පන් දහසක පමණ ඉතිහාසයකට නෑකම් කියන දේශීය නර්තනය හා බැඳුණු අංගම්පොර සටන් කෞශල්‍යය පුරා වසර පනහක් තිස්සේ දැයට දායාද කළ ගුරු පියෙකුට උපහාර දැක්වීමේ අංගම්පොර සටන් කලා සංදර්ශනයක් පසුගියදා වේයන්ගොඩ තල්ගස්මොටේ ග්‍රාමයේදී උත්සවාකාරයෙන් පැවැත්විණිි. 30 June 2018
දේශපාලනයේ තිත්ත ඇත්ත දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැතැයි යන්න ප්‍රකට කතාවකි. දේශපාලනය කරන සියලු දෙනා අතරේ එක්වීම්, වෙන්වීම්, විරසකවීම්, නැවත ලංවීම් අමුතු දෙයක් නොවේ. 30 June 2018
මහා බෝධි සංගමයේ නියෝජිත පිරිසක් අගමැති හමුවෙයි මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දියානු මහා බෝධි සංගමයේ නියෝජිත පිරිස අද (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 29 June 2018
කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය ඇරඹේ ’’කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2018 ’’ වෙළෙඳ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අද (29) කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි . 29 June 2018
ආචාර්ය සමන් කැලේගමගේ ගුණ සැමරේ ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී අද (29) පැවැත්විණි. 29 June 2018
රාවණා බලයෙන් ජනපතිට සංදේශයක් රටේ මාධ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව විකිණීම නවතා දමන ලෙස හා ඊලාම වෙනුවෙන් සටන් වැදුණු ඊලාම්වාදීන්ට වන්දියක් ගෙවීමේ යෝජනාවට එරෙහිව විරුද්ධත්වය පළ කරමින් රාවණා 29 June 2018
කාර්මික දෝෂයකින් කැලණියේදී දුම්රිය නවතී කොළඹ කොටුව දක්වා ගමන් ගත් දුම්රියක් කැළණිය දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත් වුහ. 28 June 2018
ලංකාදීප සදහම් චාරිකාව තන්තිරිමලේදී මාසිකව සංවිධානය කෙරෙන ලංකාදීප සදහම් චාරිකා වැඩසටහන යටතේ මෙවර යුගාසන කාව්‍ය ධර්ම දේශනාව තන්තිරිමලේ විහාරස්ථානයේ පිහිටි අෂ්ටඵල බෝධීන් වහන්සේ ඉදිරිපිට දී අද (27) පස්වරුවේ ආරම්භ විය. 27 June 2018
මිහින්තලේ පොසොන් අසිරිය අනුබුදු මිහිදු මා හිමියන් ලංකාවට වැඩම කරවිම සිහිකරමින් දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් අදට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝය දින සිල් සමාදන් වුහ. 27 June 2018
ජයශ්‍රී මහා බෝධිය පොසොන් සිරියෙන් බැබළේ අදට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට සහ පෙහෙ වස් සමාදන් වීම සඳහා බැතිමත්හු විශාල පිරිසක් පැමිණ සිටියහ. 27 June 2018
උතුර-දකුණ ඒකාබද්ධ කිරිමේ සාම චාරිකාවන් වවුනියාවෙන් අරඹයි සර්ව ආගමික බැතිමතුන්ගෙන් සැදුම්ලත් උතුර දකුණ ඒකාබද්ධ කිරීමේ සාම චාරිකාවක් අද (26) උදෑසන වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ සිට දකුණ බලා නැවත පිටත් විය. 26 June 2018
නිලාවේලි මුහුදේ කොරල් සිටුවීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය,නිලාවේලි අවට මුහුදේ විනාශ වී යන කොරල්පරය රැක ගැනීම සඳහා කොරල් සිටුවීමේ ව්‍යාපෘතියක ආරම්භ කර ඇති බව නාවික හමුදාව කියයි. 26 June 2018
දැහැන දොරට වඩී චිත්රකලාවේදිනී චම්පානි දේවිකා දේවරාජ මහත්මිය විසින් රචනා කරන ලද ‘‘දැහැන‘‘ කාව්‍ය ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය අද (25) කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේදී පැවැත්විනි. 25 June 2018
මාතර පොලිස් වීරයා අවසන් ගමන් යයි මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙදසැලක් කොල්ලකෑමට පැමිණී පාතාල කල්ලියක් සමඟ වික්‍රමාන්විතව සටන් කර ගිනි අවිය ක්‍රියා විරහිත වීම නිසා කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ (33) මහතාගේ දේහය මාතර පොදු සුසාන භූමිය වෙත අද (24) සවස රැගෙන ගියේය 24 June 2018
‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’ යුද්ධය හේතුවෙන් වැලිඔය ප්‍රදේශයේ විනාශ වු විහාරස්ථාන 50කට සනීපාරක්ෂක ගොඩනැගිලි , ද්‍රව්‍යාධාර සහ ගැබිණි මව්වරුන් ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත ද්‍රව්‍යාධාර බෙදාදීමේ වැඩසටහනක් පැපිලයාන සුනෙත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති මහචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිගේ ප්‍රධානත්වයෙන් වැලිඔය හැළඹ වැව ප්‍රදේශයේදී පැවැත්විණ. 24 June 2018
ඥානසාර හිමියෝ ආගමික වතාවත්වල නියැලෙති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා හෝමාගම අධිකරණයෙන් පිටතට පැමිණ අධිකරණය ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත්හි නිරත වුහ. 22 June 2018
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය අවසන් බෞද්ධ දර්ශනය විෂය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ කුමන්ත්‍රණය වහා නවතන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය දින 36 ක් පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහය අද (22) පස්වරුවේ අවසන් කෙරිණි. 22 June 2018
මීනගයා දුම්රියට ඇතින්නියක් හැපී තුවාල කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ’’මීනගයා’’ නගරාන්තර රාත්‍රී දුම්රියට අද (22) අලුයම වැලිකන්දේ දී ඇතින්නක හැපී තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 22 June 2018
කල්පිටියේ ගෙවත්තක ගැට කිඹුලෙක් කල්පිටිය අම්මාතෝටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි ගැට කිඹුලෙකු, අල්ලා කල්පිටිය වනජීවී කාර්යාලයට බාර දීමට අද (21) ගම්වාසීහු එක්ව කටයුතු කළහ. 21 June 2018
බුද්ධිය පතිරණ ඇමැති ධුරයේ වැඩබාර ගනී කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නාරහේන්පිට පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩබාර ගැනීම අද (21) සිදුවිය. 21 June 2018
ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹදී සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ’’ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම’’ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාලයේදි අද (20) පැවැත්විණි. 20 June 2018
ඥානසාර හිමිට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක් සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ප්‍රාර්ථනා කරන සත්‍යග්‍රහයක් අද (18) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැතිවිණි. 18 June 2018
තැපැල් වර්ජනයෙන් ලෝටස් පාර වැසෙයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතා පාගමන හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත. 18 June 2018
ඥාණසාර හිමිට සෙත් පතා නුවරඑළියේ පාගමනක් සිරගතව සිටින බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සෙත්පතා සංවිධානය කරනු ලැබු පා ගමනක් අද (17) දහවල් නුවරඑළිය නගරයේදි පැවැත්විණි. 17 June 2018
දෑස නොපෙනෙන සරසවි දියණියෝ ජනපති හමුවෙති පුත්තලම - මුන්දලම සිංහල මහා විද්‍යාලයේ ඉකුත් වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් හා බී සාමාර්ථ 3 ක් ලබා ගෙන විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත් දෑස් නොපෙනෙ සහෝදරියෝ දෙදෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. 17 June 2018
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025