බෞද්ධ දර්ශනය විෂය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ කුමන්ත්‍රණය වහා නවතන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය දින 36 ක් පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහය අද (22) පස්වරුවේ අවසන් කෙරිණි.
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබීම හේතුවෙන් උපවාසය අවසන් කරන ලදී.
ටවුන්හොල් වටරවුමේ ඔවුන් උපවාසයේ යෙදී තිබුණි.
(ජායාරූප: ගයාන් අමරසේකර)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය අවසන්
vidya Friday, 22 June 2018 03:54 PM
අපරාදේ වැඩක් කිරීමට පුළුවන් තරුණ මිනිස් ශ්‍රමය අපතේ යන හැටි. අපි ඉගෙන ගන්න කාලේ පාන්දර පටන් රෑ වෙනතුරු කුඹුරු කෙටුවා.
LapayaSaturday, 23 June 2018 04:04 AM
අධ්‍යාපනයකට ගිය කලක්. පිනට රජයේ රෝහලේ ඉපදීම, පිනට රජයේ විදුහලේ ඉගෙන ගැනීම, පිනට විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීම, පිනට රජයේ රැකියාවක් ඉල්ලා උද්ගෝෂණය කර ලබා ගැනීම. අවරුදු 25 ක් පිනට රජයේ රැකියාවක් කිරීම. පිනට විශ්‍රාම වැටුපක් ලැබීම, අන්තිමේ පිනටම රජයේ කනත්තක වැළලීම. ඉපදිලා තියෙන්නෙම පිනට කන්න මයි. හරියට දියවන්නාවේ ගාලේ සම හරක් වගේ මයි.
DarshanaSunday, 24 June 2018 10:10 AM
මේ රටේ දැන් වෙන බෞද්ධ විරෝධි වැඩ නිසා අරගල කරන්නත් සිද්ධ වෙලා තියෙන්නේ........
sirimal Sunday, 24 June 2018 08:54 AM
මෙහෙම ගියොත් ශාසනෙත් ඉවරයි... පඬු හැලියත් ඉවරයි.
dhamneth Sunday, 24 June 2018 11:06 AM
මෙරට විශ්වවිද්‍යාලයක් ආරම්භ කලේ 1940 දශකයේ....... ඊට පෙර අවුරුදු 2500 කටත් වැඩි කාලයක් බුදුදහම ආරක්ෂා වුණේ කොහොමද අපේ හාමුදුරුවනේ. මම හිතන්නේ ඒ කාලයේ හිටපු හාමුදුරුවරුන්ගේ කැපකිරීම හා දක්ෂතාවය නිසා.
kumar (galf) Sunday, 24 June 2018 12:32 PM
කොහෙද ලංකාවේ බුද්ධ සාසනයක් තියෙන්නේ? පන්සිල් පද 5 රකින මිනිස්සු 100 හොයාගන්න පුලුවන්ද ?