(ජයමාල් චන්ද්‍රසිරි)
රටේ මාධ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව විකිණීම නවතා දමන ලෙස හා ඊලාම වෙනුවෙන් සටන් වැදුණු ඊලාම්වාදීන්ට වන්දියක් ගෙවීමේ යෝජනාවට එරෙහිව විරුද්ධත්වය පළ කරමින් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධා තිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (29) සන්දේශයක් බාර දුන්හ.
සිංහලේ ජාතික පෙරමුණ ද ඊට එක්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර භික්ෂුන්වහන්සේලාව අපි දහස් වාරයකටත් වඩා රූපවාහිනිවලින් දැක තිබෙනවා. කවදාකවත් බණ කියනවා නම් පෙනෙන්නේ නැහැ.
එක්තරා නාලිකාවක් මිලදීගැනීමට නියමිත බවට කියන ලන්ඩන් සමාගමේ හිමිකරු ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෙකු වෙයි. බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රධානතම මූල්‍ය ආධාර ලබාදෙන මේ සමාගම මහින්ද රාජපක්ෂ රජය කාලයේ ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර ඇති බව "බස් ෆීඩ් නිවුස් " ආයතනය වාර්තා කර තිබුණි. ඩේවිඩ් කැමරන් අගමැතිව සිටි කාලයේ ඔහුගේ පක්ෂයට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2 ක් පරිත්‍යාග කර ඇති බවත් වෙනත් අකාරයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ කටයුතු සඳහා මේ දක්වා නිරතුරුව උපකාර කරන බවත් එම වාර්තාවේ දැක්වෙයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල් කුමරුගේ සමාජ සුභ සාධක කටයුතු සඳහාද මෙම සමාගම විශාල වශයෙන් මුල්‍ය ආධාර ලබාදෙයි. බ්‍රිතානයේ පලවී ඇති කිසිම වාර්තාවක මේ සමාගම කිසිවිටෙක ශ්‍රී ලංකාවේ එල් ටී ටී ඊ හෝ වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායමකට හෝ බෙදුම් වාදයට සම්බන්ධ බවක් දක්වා නැත. මෙහිදී හුදෙක් දෙමළ ජාතිකයෙකු වූ පමණින් කෙනෙකුට " කොටි" ලේබලය අලවා සිදුවිමක අග මුල සොයා නොබලා කටයුතු කරනුයේ රටට ඇති හිතවත්කමක් නිසා නොව පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් බව පෙනී යයි.
ලංකාවේ සංඝයා වහ්සේ ඉතිහාසය පුරාවට බන කීම විතරක් නොවෙයි කලේ. බරපතල ගැටළු අවස්ථාවල මැදිහත් වුවා. වසර 2500 ඉතිහාසය අඛණ්ඩව පැවතියේ ඔය විදියටයි.
ඔතන ඉන්න එක භික්ෂුවක් මුහුණු පොතේ ඉන්නවා. තනිකරම කරන්නේ ජාතිවාදය අවුස්සන එකතමයි.
සරණපාල මහතාණෙනි, පූජ්‍ය පක්ෂය රට හදන්නත්, රට කරවන අය බණ කියන්නත් වැඩ කළ යුතු අය මේවා බල බල ඉන්නත් ගිහින් තමයි මේ රටට වසර 2500ක ඉතිහාසය ගැන කියනු හැර.. වෙන මුකුත්ම ඉතිරිවෙලා නැත්තේ..
අපේ හාමුදුරුවනේ... දේපැත්ත බෙදී දේශපාලනේට කඩේ ගියාට... විවිධ සංවිධාන හදාගෙන විවිධ කණ්ඩායම් හා ගැටුණාට අාගම හෝ ජාතිය රැකෙන්නෑ. එ්ක නීති පොතෙන් කරන්නත් බෑ. එ්ක කරන්න පුලුවන් ඔබ වහන්සේලා ධර්මයට අනුකූල නිවැරදි අාදර්ශය, උපදේශය හා මග පෙන්වීම තුල මිනිසාගේ හදවතේ උපදින පැහැදීම හා ශ්‍රද්ධාව මත. ඔබ වහන්සේලා කරන දේවල් කීප දෙනෙක් අනුමත කළාට ගොඩක් අය අනුමත කරන්නෑ. දොස් පවරනවා. මේවා අහන දකින කුඩා දරුවන් තුළත්, එවිට අාගම හෝ ඔබ වහන්සේලා තුල ගෞරවයක් අැති වෙන්නෑ. එ්ක තමා විනාශයේ මුල. මිනිස්සු බස් එකේ සීට් එක දෙන්නත් නොදී බැරිකමට... එ් තරම් ගෞරවය පිරිහිලා. හැකිනම් බුදුන් වහන්සේ අනුදැන ලෙස ධර්මයේ හැසිර ධර්මය දේශනා කරන්න.
කොහාට හරි ගිනි පත්තු කර කරා ඇති ඉතින්... වෙන කරන්න දේකුත් නැහැනේ... බුදුන් වහන්සේ කිවා වගේ නිවන් දකින්න භාවනා කරන හාමුදුරුවරු කොහෙද දැන්..
සරණපාල මහත්තයෝ, 2500 කට පස්සේ අලුත්ගම මහනුවර වගේ තැන් වල අබ සරණයි කිය කියා බරපතල ගැටළු ඇති කරන්නත් මැදිහත් වුණා.
පටු ජාතිවාදී අදහස් ප්‍රචාරය කිරීමට සංඝයා මුල්වීම බරපතල සමාජ පරිහානියක් පෙන්නුම් කරන සිද්ධියක් සංඝයා මීට වැඩ බුද්ධිමත්ව වගකීමෙන් කටයුතු කළ යුතුය. සංඝයා මෛත්‍රිය පැතිරිය යුතුය. ජාතික සමගිය රටේ දියුණුවට ප්‍රධාන වශයෙන් බලපාන බව අමතක නොකළ යුතුය. දෙමල සහ සිංහල ජනතාව අතර වෙනස භාෂාව සහ ආගම පමණකි. අනෙක් සියලුම දෙයින් අප සමාන්‍ය ලෝකයේ සිංහලයාට කිට්ටුම ජාතිකයා දෙමළ ජාතිකයාය. නැවත වරක් විශ්වාසය බිඳ දමා සංහිඳියාව නැති කළොත් හැමදාම ලෝකයේ දුප්පත් ජාතියක් ලෙස අපට ජීවත් විය හැක. අපේ දරුවන් හැමදාම රට යාමට පෙරුම් පුරමින් රටට ආදරයක් නැතිව ජීවත් වෙනු ඇත. දුප්පත් නැති බැරි මිනිහා හැමදාම දරිද්‍රතාවයේ දුක් විඳින එක සාමාන්‍ය දෙයක් වෙනවාය. සංඝයාගේ වගකීම සියලුම ජාතීන්ට කරුණාවෙන් සැලකීමත් සියලු දෙනාගේ අයිතිවාසිකම් රැකීමත්ය. ආයෝජකයා දෙමළ වුණු පලියට ඔහුට විරුද්ධව සංඝයා නැගී සිටීම බරපතල බුද්ධි අවපාතයක සලකුණු කියාපායි. සංඝයා ආදර්ශමත් විය යුතු අතර බුද්ධිමත්ව තීරණ ගත යුතුය. සිංහල ජාතිය නියෝජනය කිරීමේ අයිතිය සිවුරට ලබාදී නැති බව වටහා ගත යුතු අතර සිවුරේ බලය අනවශ්‍ය ලෙස ක්‍රියා නොකළ යුතුය.
බුදු හාමුදුරුවොත් රාජ්‍ය පාලනයට මැදිහත් වුණේ නැහැ... තමන්වහන්සේ ලඟටවිත් විමසුවොත් රජුට, ඇමතියන්ට, වැසියන්ට අවවාදයක් දුන්නා හැර රජුන් තනන්නට රජුන් පන්නන්නට ක්‍රියා කලේ නැහැ !