රොමේෂ් මධුෂංඛ
යාපනය සුලිපුරම්හි ඝාතනය කෙරුණු 06 හැවිරිදි පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ට උපරිම දඬුවම වූ මරණ දඬුවම ලබාදිය යුතු බව පවසමින් අද (3) මන්නාරම මාන්තෙයි නැගෙනහිර විරෝධතාවක් සංවිධානය කෙරිණි.
මාන්තෙයි නැගෙනහිර අරනේරි පාසලේ සිසු දැරියන් හා ප්‍රදේශවාසීන් එක්ව විරෝධතාව සංවිධානය කර තිබිණි.
මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම් එස්.ආර්.මන්සන්ධියේ සිට මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් ද සංවිධානය කෙරිණි.
විරෝධතාවයේ යෙදී සිටි පිරිස මෙසේ පැවසීය.
‘යාපනයේ ඝාතනයට ලක් වූ ශිවනේස්වරන් රෙජීනා දැරියත් පුන්කුඩතිව්හී විද්‍යා දැරියත් අකාලයේ මියගිය බවටත් විද්‍යා දැරියගේ ඝාතකයින්ට මරණ දඩුවම නියම වූ අයුරින් රෙජීනා දැරියගේ ඝාතකයින්ටද මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවටත්ය.
එමෙන්ම රෙජීනා දැරියගේ නඩුව ද විද්‍යා දැරියගේ නඩුව මෙන් මහාධිකරණයට පවරා නඩු ඇසීම ඉක්මන් කර වරදකරුවන්ට නිසි දඬුවම් දීමට රජය පියවර ගත යුතු බවටද මෙහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයකලා විද්‍යා ඝාතකයන්ව නිදහස් කෙරුවා මතකද? කණුවේ ගැට ගහල ඉන්නකොට?