(එච්.චන්දන)
විල්පත්තු අභය භූමියට අයත් කුදිරමලේ තුඩුව පිහිටි ප්‍රදේශයේ ඇති ඉපැරණි අශ්වයකුගේ රුවක් සහ මුස්ලිම් සාන්තුවරයකුගේ සොහොන තිබූ ස්ථාන දිනෙන් දින විනාශ වෙමින් පවතියි.
මන්නාරම් බොක්ක ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානයේ විවිධ පුරාවිද්‍යා වටිනාකම් රැසක් කියා පාන ස්ථානයක් වන අතර එම ස්ථානය කිසිදු සංරක්ෂණයක් සිදු නොකිරීම නිසා එහි පුරාවිද්‍යා වටිනාකම්ද පොළවට පස්වෙමින් තිබේ.
ක්‍රි:පූ: 543 වකවානුවේ විජය කුමරු සිය පිරිවර සමඟ මෙම ප්‍රදේශයෙන් ලක්බිමට පය තැබූ බව ඉතිහාසයේ සඳහන් තම්බපණ්නියද මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ.
කුදිරිමලේ තොට හෙවත් අශ්ව කන්ද යන නමින් අතීතයේ මෙම ස්ථානය නම් කර ඇති අතර ඉදිරියට පාදය ඔසවා ගෙන සිටි අශ්වයකුගේ විශාල රුවක් මෙම ස්ථානයේ තිබී ඇති අතර එය එල්.ටි.ටි ත්‍රස්ත්‍ර ක්‍රියා වලින් විනාශවී තිබේ.
මෙම ස්ථානයේ යකඩ ආවර්ණයකින් ආරක්ෂාවක් යොදා ඇති නමුත් එම ස්ථානය මේ වන විට විනාශවී තව නොබෝ දිනකින් මුහුදට බිලිවිය හැකි බව දක්නට ලැබෙන අතර මුස්ලිම් වෙළඳ ප්‍රජාව මෙම ස්ථානය භාවිතා කර වෙළදාම් කළ බවටද අතීත තොරතුරු වල සඳහන් වෙයි.
පහලින් මුස්ලිම් සාන්තුවරයකුට අයත් යැයි සැලකෙන සොහොනක්ද ඇති අතර එයද කිසිදු සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වෙමින් පවතින බව දක්නට ලැබේ.
මෙම ස්ථානයේ විශාල පැරණි ගඩොල් රැසක්ද තැනින් තැන විසිරී ඇති අතර වර්තමානයේ මේ ප්‍රදේශවල විවිධ ස්ථාන වල නාවික හමුදා නිලධාරීන් පමණක් සිටින ආකාරය දක්නට ලැබෙන අතර වෙනත් කිසිවකු දක්නට නොලැබේ.
මේ ආකාරයෙන් විල්පත්තු අභය භූමිය තුල පිහිටා ඇති මෙවැනි ස්ථාන දිනෙන් දින විනාශ වීමට ඉඩ නොදි එවා ආරක්ෂා කිරීමට මේ පිළිබඳ වග කිවයතු නිලධාරීන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.
පෞරාණික වටිනාකමකින් යුත්ත ඉපැණි කරුණු රැසක් අණාවර්නය කර ගැනීමට හැකි මෙම ස්ථානය සංරක්ෂණය කොට ඉදිරි පරපුරට ආරක්ෂා කර දීම ජාතික වගකීමකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුදිරමලේ නොහොත් අශ්ව කන්ද කියන ස්ථානය ,ඒ කාලවල සේම බ්‍රහස්පතින්දා රාත්‍රියකම දහස් ගණන් මුස්ලිම් වෙළෙන්දන් ඇවිත් වෙළඳාම් කරපු තැනකි...........
පුරාවිද්‍යාත්මක ස්ථාන නියමාකාරයෙන් ආරක්ෂක අංශ වෙත පැවතිය යුතුය.සංරක්ෂණය එකවර කල නොහැකි විය හැක එතෙක් ආරෂා කලයුතුය.
ඉස්ලාම් ආගමේ සාන්තුව්රයෝ නැත. හිටියත් ලංකාවේ කොහෙන්ද? මේක අනාගත මුස්ලිම් පල්ලියක් සාදා ගැනීමේ මූලික අඩිතාලමක් දැමීමක්. අසුවෙන්න එපා ඔය ගැටයට. ඩෝසර්කර දමන්න.
මෙය බොරුවක්, අපේ සිංහල බෞද්ධ ශ්‍රී ලංකාව පනමෙන් රැකගමු.
වල් වැදිලා තියන දෙයක් වෙනත් කවුරු හෝ, අයිතිවාසිකම් සංරක්ෂණය කරන්න පටන් ගත්තාම තමයි සමහරුන් ගේ ඇස් දෙක ඇරෙන්නේ?