(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ උත්සවය සඳහා මේ දිනවල දිවයිනේ නන් දෙසින් හින්දු බැතිමතුන් පාද යාත්‍රා මගින් සහභාගී වීම සිදු කරනු ලබයි.
මස්කෙළිය ප්‍රදේශයේ තේවතුවල වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් අද (1) මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාද ස්වාමි හින්දු කෝවිලේ විශේෂ දේව පූජාවකින් පසුව ප.ව. 3.00 ට පමණ කතරගම දේවාලය බලා ගමන් කරන පාද යාත්‍රාව ආරම්භ කෙරිණි.
මෙම හින්දු බැතිමතුන් පිරිස ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලෙන් ගමන් ආරම්භ කර මස්කෙළිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති තපෝවනයේ සුසීත හිමියන්ගේ ආශීර්වාදය ලබාගැනීම විශේෂ සිද්ධියකි.
පසුව මෙම පිරිස මස්කෙළිය නගරයේ විදී සංචාරය කර කුඩා මස්කෙළිය, නෝර්වුඩ්, දික්ඔය නගරයේ පිහිටි අම්මාන් හින්දු කෝවිල බලා ගමන් කර අද රාත්‍රීය එහි ගත කරන බව සංවිධායකයෝ පවසති.
මෙම පා ගමන ජූලි (13) වැනි දා කතරගම පූජා භූමිය වෙත පා ගමනින් ළඟා වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අහිංසක මිනිසුන්ගේ සිතුම් පැතුම් ඉටුවේවා.
"අව්‍යාජ සහජීවනයේ නොනවතින මෙහෙවර" ට සොම්නසින් සුභාශිංසන!!!.
මේ අයට ඉතින් හැමදාම දෙයියන්ගේම පිහිට තමා....