IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වතුකම්කරුවෝ කතරගමට පාද යාත්‍රා කරති


                                                          
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

 
කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ උත්සවය සඳහා මේ දිනවල දිවයිනේ නන් දෙසින් හින්දු බැතිමතුන් පාද යාත්‍රා මගින් සහභාගී වීම සිදු කරනු ලබයි.


මස්කෙළිය ප්‍රදේශයේ තේවතුවල වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් අද (1) මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාද ස්වාමි හින්දු කෝවිලේ විශේෂ දේව පූජාවකින්  පසුව ප.ව. 3.00 ට පමණ කතරගම දේවාලය බලා ගමන් කරන පාද යාත්‍රාව ආරම්භ කෙරිණි.


මෙම හින්දු බැතිමතුන් පිරිස ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලෙන් ගමන් ආරම්භ කර මස්කෙළිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති තපෝවනයේ සුසීත හිමියන්ගේ ආශීර්වාදය ලබාගැනීම විශේෂ සිද්ධියකි.


පසුව මෙම පිරිස මස්කෙළිය නගරයේ  විදී සංචාරය කර කුඩා මස්කෙළිය, නෝර්වුඩ්, දික්ඔය නගරයේ පිහිටි අම්මාන් හින්දු කෝවිල බලා ගමන් කර අද රාත්‍රීය එහි ගත කරන බව සංවිධායකයෝ පවසති.


මෙම පා ගමන ජූලි (13) වැනි දා කතරගම පූජා භූමිය වෙත පා ගමනින් ළඟා වීමට නියමිතය.



අදහස් (3)

වතුකම්කරුවෝ කතරගමට පාද යාත්‍රා කරති

vidya Sunday, 01 July 2018 06:21 PM

මෙවන් අහිංසක මිනිසුන්ගේ සිතුම් පැතුම් ඉටුවේවා.

:       0       126

Thilina Sunday, 01 July 2018 07:11 PM

"අව්‍යාජ සහජීවනයේ නොනවතින මෙහෙවර" ට සොම්නසින් සුභාශිංසන!!!.

:       48       321

abaran Monday, 02 July 2018 11:25 AM

මේ අයට ඉතින් හැමදාම දෙයියන්ගේම පිහිට තමා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site