( ක.ග කරුණාරත්න )
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ "මීනගයා" නගරාන්තර රාත්‍රී දුම්රියට අද (22) අලුයම වැලිකන්දේ දී ඇතින්නක හැපී තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
ඒ ඇතින්නට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විසින් මේ වන විට ආරම්භ කර ඇත.
ඇතින්නගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවද වනජීවී නිලධාරීන් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ වනජීවී ඇමති නිදිද?
ඔය මඩකලපුව කෝච්චිය පදවන කෙනාව ඔතැනින් අයින් කරන්න. දැන් අලි කී දෙනෙක් හප්පලා මැරුවද? වුවමනාවෙන් රටෙන් පළිගන්න කරන තිරිසන් වැඩ...
ඉබ්බෙක් වගේ හෙමින් ඔය පැත්තේ යන්න කියලා තියෙද්දීත් හයියෙන්ම ගිහින් හප්පනවා.
කෝච්චි පදින්නට නොදී වෙන වැඩක් බාර දෙන්න... දැන් අලි කොච්චර මැරුවද?
මෙයා ගැබිනියක් වගේ මට පෙනෙන්නේ. ඉක්මන් සුවය පතනවා.
අපොයි දෙයියනේ අපේ මිනිසුන්ගේ මොළගෙඩියේ තරම. හුලන් ගහපු රෝද හතරක් උඩ දුවන වාහනයක් වාගේද දුම්රියක් කියන්නේ. අනික වේග සීමාවක් හා දෙපස නීති රීති පිළිපදිනවනම් මෙහෙම දේවල් අවම කරගන්නත් පුළුවන් කමකුත් තියෙනවා. රාත්‍රී පදවන දුම්රියක් කියන්නේ ඝන අදුරක් මතින් දුවන යකඩ කඳක්. ඒ කොහොම නමුත් අපේ වන/සතුන් සම්පතට දෙයියන්ගේම පිහිටයි.