IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වැලිකඩ බන්ධනාගාරට කායවර්ධන මධ්‍යස්ථානයක්

වැලිකඩ  බන්ධනාගාරයේ  කායවර්ධන  මධ්‍යස්ථානය  විවෘත කිරීම වැලිකඩ බන්ධනාගාරයේදී  අද  (03) සිදුකෙරිණි.

‘පවර්වර්ලඩි‘  කායවර්ධන මධ්‍යස්ථාන ජාලයේ  අධිපති   තලව්  අලි  ලීමා මහතාගේ අනුග්‍රහය මත මෙම කායවර්ධන මධ්‍යස්ථානය  සඳහා   උපකරණ පිරිනමා  ඇති අතර   බන්ධනාගාර  කොමසාරිස්  ජනරාල්  නිශාන් ධනසිංහ,ජ්‍යෙෂ්ඨ  බන්ධනාගාර   අධිකාරී  එම්.එෆ්. ලාහීර්, ප්‍රධාන  ඡේලර් මොහාන්  කරුණාරත්න ,පවර්වර්ලඩි කායවර්ධන මධ්‍යස්ථාන ජාලයේ අධිපති තලවි අලි ලීමා , ජාත්‍යන්තර  හාවස්ටි ආයතනයේ   සභාපති  දේවගැති රොඩිනි  පෙරේරා   යන   මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.  

මෙහිදී  තලවි අලි ලීමා , රොඩ්නි  පෙරේරා  මහත්වරු  වෙත  තිලිණ පිරීනැමීමක්ද  සිදුකෙරිණි.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර



අදහස් (11)

වැලිකඩ බන්ධනාගාරට කායවර්ධන මධ්‍යස්ථානයක්

pakeer Tuesday, 03 July 2018 03:58 PM

ගොඩම තමයි. ජනතාවගේ බදු සල්ලි වලින් කාලා බීලා ෆන් එකේ, ඇඟත් හදන් ඉන්නයි තියෙන්නේ !

:       3       77

wije Tuesday, 03 July 2018 04:12 PM

හොඳයි කරන්න පුළුවන් සේරම නීතිවිරෝධී දේවල් කරලා ඇතුලට යන අයට අපේ බදු සල්ලි වලින් තව තව සහන සලසන්න. දැන්නම් කරදරයක් නැතුවම අපරාධකාරයින්ට කැමැත්තෙන්ම හිරේට යන්න පුළුවන් වේවි...!!!

:       5       32

Bamunuarachchi Tuesday, 03 July 2018 05:11 PM

සිංහලෙන් පනින රිලවුන්ට ඉනිමන් තියනවා කියන්නේ මේකටයි. රටේ මිනිසුන්ට පොලු මුගුරු වලින් ගහලා හිරේ වැටෙන එවුන් හිරබත් කාල එක්සයිස් කරලා මස්පිඩු හදාගෙන ඉස්සෙල්ලාම ජෙලර්ලට ගහලා වැඩ අල්ලාවි. කරන්න තිබෙන්නේ වේට් සෙට් එකක් දෙන එක නොවෙයි ඇඟ දුර්වල වෙන්න දිනපතා ඉන්ජෙක්ෂන් එකක් දෙන්න.

:       4       64

Bamunuarachchi Tuesday, 03 July 2018 05:15 PM

හිරකාරයින්ට ඇමරිකාවේ විදිහට සලකන්න එපා සයිබීරියාවට යැවූ අයට සලකන ආකාරයට සලකන්න.

:       2       19

pathum Tuesday, 03 July 2018 05:46 PM

බරපතල වැඩ ඇතිව හිරේට යවන අය කෙලින්ම මේකට යැව්වා නම් හරි. අපේ දුමින්ද මහත්තයා එහෙමත් ඇතිනේ සපෝර්ට් එකක් දෙන්න.

:       0       15

බලන් කඩ තුර ඔය දෑසේ Tuesday, 03 July 2018 06:01 PM

අපරාදකාරයන්ට මොන කාය වර්ධනද? ඒ අය එළියට පැමිණ අපරාද කිරීමට කය ශක්තිමත් කිරීමටද?...

:       0       1

sa Tuesday, 03 July 2018 07:24 PM

දුමින්ද සිල්වා විවෘත කරානම් හොඳයි.

:       0       11

Hafeel Wednesday, 04 July 2018 07:59 AM

ඉදිරියේදී පාර්ලිමේන්තු සභාවත් විවෘත කරන්න වෙනවා.

:       0       11

isurandi Thursday, 05 July 2018 03:56 AM

අනේද කියන්නේ! මේ මිනිසුන්ව යොදවලා ඔය අස්සක් මුල්ලක් නෑර තියෙන පුරන්වෙච්ච කුඹුරුටික අස්වැද්දුවනම්, අඩුම තරමේ මෙවුන්ට වෙන්කරන ණය බරෙන් නිදහස් විය හැකිය......................

:       0       12

Sasanka Thursday, 05 July 2018 10:21 AM

මිනිහෙක් ඇඟ හදාගන්නවට ඉරිසියා මහා කුහකයෝ ටිකක් අදහස් දක්වලා

:       5       1

පිටිගල මිලානෝ Thursday, 05 July 2018 02:25 PM

බරපතල වැරදි කරලා යන්නේ ඇඟ හදාගෙන එලියට ඇවිල්ලා ඊට වඩා වැඩක් දෙන්නද? තව රෙස්ටෝරන්ට්, බාර්, කැසිනෝත් දාන්නකෝ. මටත් දැන් නම් යන්න හිතෙනවා අවුරුදු විස්සකට විතර ඇතුලට මෙහෙම ආදර්ශ දකිනකොට.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site