වැලිකඩ බන්ධනාගාරයේ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම වැලිකඩ බන්ධනාගාරයේදී අද (03) සිදුකෙරිණි.
‘පවර්වර්ලඩි‘ කායවර්ධන මධ්‍යස්ථාන ජාලයේ අධිපති තලව් අලි ලීමා මහතාගේ අනුග්‍රහය මත මෙම කායවර්ධන මධ්‍යස්ථානය සඳහා උපකරණ පිරිනමා ඇති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ,ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී එම්.එෆ්. ලාහීර්, ප්‍රධාන ඡේලර් මොහාන් කරුණාරත්න ,පවර්වර්ලඩි කායවර්ධන මධ්‍යස්ථාන ජාලයේ අධිපති තලවි අලි ලීමා , ජාත්‍යන්තර හාවස්ටි ආයතනයේ සභාපති දේවගැති රොඩිනි පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදී තලවි අලි ලීමා , රොඩ්නි පෙරේරා මහත්වරු වෙත තිලිණ පිරීනැමීමක්ද සිදුකෙරිණි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩම තමයි. ජනතාවගේ බදු සල්ලි වලින් කාලා බීලා ෆන් එකේ, ඇඟත් හදන් ඉන්නයි තියෙන්නේ !
හොඳයි කරන්න පුළුවන් සේරම නීතිවිරෝධී දේවල් කරලා ඇතුලට යන අයට අපේ බදු සල්ලි වලින් තව තව සහන සලසන්න. දැන්නම් කරදරයක් නැතුවම අපරාධකාරයින්ට කැමැත්තෙන්ම හිරේට යන්න පුළුවන් වේවි...!!!
සිංහලෙන් පනින රිලවුන්ට ඉනිමන් තියනවා කියන්නේ මේකටයි. රටේ මිනිසුන්ට පොලු මුගුරු වලින් ගහලා හිරේ වැටෙන එවුන් හිරබත් කාල එක්සයිස් කරලා මස්පිඩු හදාගෙන ඉස්සෙල්ලාම ජෙලර්ලට ගහලා වැඩ අල්ලාවි. කරන්න තිබෙන්නේ වේට් සෙට් එකක් දෙන එක නොවෙයි ඇඟ දුර්වල වෙන්න දිනපතා ඉන්ජෙක්ෂන් එකක් දෙන්න.
හිරකාරයින්ට ඇමරිකාවේ විදිහට සලකන්න එපා සයිබීරියාවට යැවූ අයට සලකන ආකාරයට සලකන්න.
බරපතල වැඩ ඇතිව හිරේට යවන අය කෙලින්ම මේකට යැව්වා නම් හරි. අපේ දුමින්ද මහත්තයා එහෙමත් ඇතිනේ සපෝර්ට් එකක් දෙන්න.
අපරාදකාරයන්ට මොන කාය වර්ධනද? ඒ අය එළියට පැමිණ අපරාද කිරීමට කය ශක්තිමත් කිරීමටද?...
දුමින්ද සිල්වා විවෘත කරානම් හොඳයි.
ඉදිරියේදී පාර්ලිමේන්තු සභාවත් විවෘත කරන්න වෙනවා.
අනේද කියන්නේ! මේ මිනිසුන්ව යොදවලා ඔය අස්සක් මුල්ලක් නෑර තියෙන පුරන්වෙච්ච කුඹුරුටික අස්වැද්දුවනම්, අඩුම තරමේ මෙවුන්ට වෙන්කරන ණය බරෙන් නිදහස් විය හැකිය......................
මිනිහෙක් ඇඟ හදාගන්නවට ඉරිසියා මහා කුහකයෝ ටිකක් අදහස් දක්වලා
බරපතල වැරදි කරලා යන්නේ ඇඟ හදාගෙන එලියට ඇවිල්ලා ඊට වඩා වැඩක් දෙන්නද? තව රෙස්ටෝරන්ට්, බාර්, කැසිනෝත් දාන්නකෝ. මටත් දැන් නම් යන්න හිතෙනවා අවුරුදු විස්සකට විතර ඇතුලට මෙහෙම ආදර්ශ දකිනකොට.