IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


දේශපාලනයේ තිත්ත ඇත්ත

(බදුල්ලේ පාලිත ආරියවංශ)
දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැතැයි යන්න ප්‍රකට කතාවකි. දේශපාලනය කරන සියලු දෙනා අතරේ එක්වීම්, වෙන්වීම්, විරසකවීම්, නැවත ලංවීම් අමුතු දෙයක් නොවේ.

එක් එක් දේශපාලන මතිමතාන්තර අනුව බෙදී වෙන්වී සිටින්නේ ජනතාව පමණි. දේශපාලනයේ නිරත වන්නන් තමන්ගේ ප්‍රතිවාදියාට පහර ගසමින් ජනතාව ඉදරියේ විරසකවීම් මවා පෑවත් ඔව්හු එකට එක්ව කති, බොති, ප්‍රීති වෙති. දේශපාලනයේ කටුක යථාර්ථය එයයි.

බදුල්ලේ හෝටලයක පැවැති සාදයකදී  ඒකාබද්ධ විපක්ෂයේ   උදිත් ලොකුබණ්ඩාර, චාමික බුද්ධදාස , 16 දෙනාගේ කණ්ඩායමේ ඩිලාන් පෙරේරා සහ ඌව මහ ඇමති  චාමර සම්පත් දසනායක යන මහත්වරු සිය දේශපාලන මතවාද අමතක කරදමා අවස්ථානුකූලව විනෝද වෙමින් සිටියේ මෙසේය.




අදහස් (13)

දේශපාලනයේ තිත්ත ඇත්ත

Raveendra Saturday, 30 June 2018 08:15 AM

අපගේ මාතෘ භූමියේ ආරක්ෂාව, දියුණුව වෙනුවෙන් ඕනෑම පාටක, පක්ෂයක විරසක වුනු කෙනෙක් සමග " අවංකව " මිත්‍රවිමෙන් රටේ සුබසිද්ධියට එය හොඳ රුකුලක් වෙනු නියතය. නමුත් මේ අය තම තමන්ගේ බඩගෝස්තරය, පැවැත්ම, රට විනාශ කිරීමට වැනි අසීලාචාර වැඩ සඳහා මෙන්ම කෑමට බීමට පමණක් මිත්‍රවිම රටේ අභාග්‍යයක් නොවන්නේද? " කාලකන්නි පාට පක්ෂ ගැන නොසිතා " අවංකව සිතන මෙන් සියල්ලන්ටම මෙයින් ආරාධනා කරන්නෙමු. ඔබ, අප මෙම ඡායාරූප වල තිබෙන රූපකායන් හොඳින් නිරීක්ෂණය කළහොත් අප සියල්ලන්ටම මෙම අම්බරුවන්ගේ පැටිකිරිය පහසුවෙන්ම පැහැදිලි වන්නේය.

:       11       629

Bamunuarachchi Saturday, 30 June 2018 08:48 AM

අපි මේ ගොල්ලන්ගේ කතාබහ රණ්ඩු ගැන අවදානය යොමුකළ යුතු නැත. දවස අවසානයේ රටට මොනවද කලේ කියන එකයි බලන්න ඕනේ...

:       26       156

RaveendraSaturday, 30 June 2018 11:34 AM

බමුණු මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. දවස අවසානයේ මේ අම්බරුවන් රැල රුපියල් ලක්ෂ ගණනින් රටට අහිමිකර ඇති බවනම් ස්ථිරය. නමුත් රටට ලැබුණු දෙයක් නැත. මේ කාබාසිනියා කරන්නේ මහජන මුදල් මෙන්ම මිලකළ නොහැකි වටිනා කාලය නොවේද ?

:       16       325

casmir Saturday, 30 June 2018 09:21 AM

...අපේ නායකත්වයට හොදටම සුදුසුකම් තියනේ මිනිස්සුටික පෞද්ගලික අංශයේ ඉදිද්දී කිසිමදෙයක් දන්නේ නැති හොරු ටිකකකට පාර්ලිමේන්තුවටයි රාජ්‍ය සේවයි බාරදීල රට නැති වෙනකම් අපි බලාගෙන ඉන්නවා

:       0       172

රවින් Saturday, 30 June 2018 12:45 PM

මේකනේ අපිට හැමදාමත් වෙන්නේ . "ඌමට ගහනවා මට ඌ ගහනවා ". බලද්දී ගුටිකාලා තියෙන්නේ මමනේ... මේ ඔක්කොටම ජනතාව ගහනකන් ගුටි කකා ඉම්මු.

:       2       67

de silva Saturday, 30 June 2018 01:35 PM

අපේ රටට මේ නස්පැත්තිය වෙලා තිබෙන්නේ අපේ ඡන්ද දායකයෝ කිසිම උගත්කමක් නැති කෝච්චියේ වඩේ විකුණපු වඩේ කාරයින්ට, කෝච්චියේ මාල කඩපු රත්තරන්ලාට, රස්තියාදු කාරයින්ට, චන්ඩි මල්ලිලාට, මනාපේ ගහලා ප්‍රාදේශීය සභාවට පළාත් සභාවට පාර්ලිමේන්තුවට යවපු නිසාය.

:       12       384

PA - RA Saturday, 30 June 2018 02:30 PM

අනේ අපි වගේ අය, ඡන්දෙ දෙන්න යනකොටත් එහෙමයි. කාලෙ ගෙවෙනකොට අමු සුද්ද වන්තයෝ, කියන්නේ අපි නම් ඡන්දය දුන්නේ නැහැ කියලා, අපිනේ පිටරටවල ඉඳන් දුන්නේ, අනේ දුප්පත් හිඟන යාචකයෝ මේවට ආත්ම ගණන් පව් ගෙවන්න වෙනවා.

:       0       130

කුමාර් (ගල්ෆ්) Saturday, 30 June 2018 03:56 PM

රටේ සාපය එක පොදියට එක තැනකට එකතුවෙලා.

:       0       194

d.upul Sunday, 01 July 2018 04:56 AM

එනකොට නම් බෙල්ල තිබුණ. දැන් නැහැනේ.

:       0       75

lashan Sunday, 01 July 2018 08:04 AM

ඌව මහා ඇමති ම කියලා තිබ්බ එය වඩේ විකුණුව කෝච්චියේ. මෙහෙම අයද රට හදන්නේ?

:       0       42

nihal Monday, 02 July 2018 02:51 AM

ඉස්කෝල නෝනාව දන ගස්සපු ඉස්කෝලේ ගිය නැති කෙනත් ඉන්නවා නේද

:       0       17

gallage Monday, 02 July 2018 03:09 AM

කොහොමද කේවට්ට රෑලගේ මුඋනු ටික. හොර තක්කඩි.

:       0       19

උමේෂ් Monday, 02 July 2018 12:19 PM

අදහස් ඔක්කොගේම වගේ කරලා තියෙන්නේ මේ අයට බනින එක. ප්‍රවෘත්ති බලන්න වැඩි වුන ගමන් මේ අයට බනිනවා. පාරට බහින්න බෑ... හම්බෙන කෙනා බනිනවා. දැන් මේ අය බලෙන් පාර්ලිමේන්තු ගියාද? නෑ නේ? ඔයාලමනේ එතනට යවල තියෙන්නේ. ඒ නිසා තම තමන්ටම බැනගත්තා නම් තමයි වැඩිය සාධාරණ. ලංකාවේ තියෙන්නම පාට දෙකයි වගේ... කොළපාට එපා වුනාම නිල්පාටට දෙනවා. නිල් පාට එපා වුනාම කොළ පාටට දෙනවා. තව පාට බර ගානක් තියෙනවානේ. මාරු කර කර ඒවටත් ජන්දේ දීලා බලමු මොකද වෙන්නේ කියලා. මගෙන් ණය අරන් නොදී ඉන්න කෙනා අයේ සල්ලි ඉල්ලන් අාවට මම නම් දෙන්නේ නෑ. ගහල පන්නනව මිසක්. හැබැයි ඔයාල එහෙම නෑ නේ? අායේ අායේ සල්ලි දෙනවා. දිදී බනිනවා.

:       0       184

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1841 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1488 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site