ඌවේ පුද්ගලයින් 110 ක් නිරෝධායනයට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු ඌව පළාතෙන් හමු විමෙන් එම රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් 110 ක් නීරෝධායන ක්‍රියාදාමයට යොමුකර තිබෙන බවත් ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා ලංකාදීපය ට පැවසීය. 20 March 2020
වැලිමඩ ආසාදිත තරුණයා සේවය කළ හෝටලයේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට වැලිමඩ මිරහවත්ත ගම්මානයෙන් හමුවු කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයා සේවය කළ බණ්ඩාරවෙල නගරයේ හෝටයක කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමුකර ඇති බව බණ්ඩාරවෙල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පැවසීය. 20 March 2020
දඹදිව ගොස් ආ වන්දනාකරුවෝ 113 ක් නිරෝධායනයට දඹදිව වන්දනාවට ගිය ශ්‍රී ලාංකික වන්දනා කරුවන් 113 දෙනෙකු අද (20) නිරෝධායන කටයුතු සදහා අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවේ රැඳවු බව අනුරාධපුර පොලිසිය කියයි. 20 March 2020
සියලු දුම්රිය සවස 3 සිට අවලංගුයි කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව කියයි. 20 March 2020
ඩොලරය 189ත් පනී ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ මේ සතියේ තෙවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 20 March 2020
කොළඹ කොටස් වෙළඳපොළේ කටයුතු නවතයි කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දහවල් 12.00 සිට නවතා දමා තිබේ. 20 March 2020
අධිවේගී මාර්ග වසා දමයි සියලුම අධිවේගී මාර්ග අද(20) සවස 6සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය කියයි. 20 March 2020
රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට යොමුකිරීම සඳහා රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය සඳහන් කළාය. 20 March 2020
’අපේක්ෂා රෝහලට එන්න එපා’ මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර සිටිති. 20 March 2020
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන් කළ වැලිකන්ද රෝහල විවෘත කරයි කොරෝනා ආසාදිතයින්ට පමණක් ප්‍රතිකාර කිරිමට සුදානම් කළ වැලිකන්ද මුලික රෝහල අද ( 20 ) සිට විවෘත කළ බව පොළොන්නරුව මහරෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසිය. 20 March 2020
ප්‍රදේශ 5 කට යළිත් ඇඳිරිනීතිය පුත්තලම, හලාවත, මීගමුව කොච්චිකඩේ බල ප්‍රදේශයන්ට සහ ජා ඇල සහ වත්තල යන පොලිස් බල ප්‍රදේශයන්ට අද(20) දහවල් 12 සිට යළි ඇඳිරි නීතිය ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි. 20 March 2020
ජනමාධ්‍ය-අතවශ්යසේවා සඳහා විශේෂ අවසරයක් මාධ්‍ය සේවා සහ අතවශ්‍ය සේවා සඳහා ඇදිනීතීය ක්‍රියාත්ම වන කාල සීමාවේදී එම බල ප්‍රදේශ හරහා ගමන් කිරීමට විශේෂ අවසරයක් ලබා දී ඇතැයිද වැඩබලන පොලිස්පති සීඩි වික්‍රමරත්න මහතා පැවසීය. 20 March 2020
ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 65 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් හය දෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 20 March 2020
කොරෝනා යැයි සැක බන්ධනාගාර රැඳවියෙක් ගැන පරීක්ෂණ බදුල්ලේ බන්ධනාගාර රැඳවියෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක මත පරීක්ෂණයක් යොමු කර තිබේ. 20 March 2020
අද සිට රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අවලංගුයි අද රාත්‍රියේ සිට සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇතැයි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ් ඩී පද්මලාල් මහතා පවසයි. 20 March 2020
මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි දිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය ( ජමියතුල් උලමා සංගමය) ප්‍රකාශ කරයි. 20 March 2020
පස්වරු 6.00 සිට දිවයිනටම ඇදිරිනීතිය මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි අද (20) පස්වරු 6 සිට සදුදා උදෑසන 6 ඇඳිරි නීතිය පන වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි. 20 March 2020
චීනයට වඩා ඉතාලියේ කොරෝනා මරණ වැඩි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (19) වනවිට ඉතාලියේ මියගිය පිරිස චීනයේ මියගිය පිරිසට වඩා වැඩි වී ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය. 20 March 2020
‘‘නව කොරෝනා වයිරසයෙන් මිලියන ගණනක් මිය යන්න පුළුවන්‘‘ නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (19) ලොවට අනතුරු ඇඟවීය. 19 March 2020
මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කරයි මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් අද (19) මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කළේය. 19 March 2020
වත්තලට - ජාඇලට පොලිස් ඇදිරි නීතිය වත්තල සහ ජාඇල පොලිස් බලප්‍රදේශ සඳහා අද (19) රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 19 March 2020
බණ්ඩාරගමින් කොරෝනා ආසාදිත රෝගියෙක් හමුවෙයි කොරෝනා ආසාදිත රෝගියෙකු අද (19) හමුවූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය. 19 March 2020
කොරෝනා වයිරසය මඬින්න ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි කොරෝනා වයිරසය මඬින්න ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි. 19 March 2020
බදුල්ලේ ප්‍රථම කොරෝනා ආසාදිත රෝගියා අයි.ඩී.එච් රෝහලට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයෙකු අද (19) රාත්‍රීයේ කොලඹ අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ආරංචිමාර්ග පවසයි. 19 March 2020
ඉතාලියෙන් පැමිණි පුද්ගලයින්ගේ නිවෙස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට දංකොටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 47 ක් තුළ ඉතාලියෙන් සහ වෙනත් විදේශ රටවලින් පැමිණි පුද්ගලයින්ගේ නිවෙස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) පරීක්ෂාවට ලක් කළේය. 19 March 2020
මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳ සැලක් වටලයි මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ කිරිබත්ගොඩ ඖෂධ අලෙවි සැලක් අද (19) පස්වරුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් වැටලු බව එම අධිකාරිය පවසයි. 19 March 2020
අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක් හදිසි සහ අත්‍යවශ්‍ය යැයි විනිසුරු විසින් තීරණය කරනු ලබන නඩු හැර වෙනත් කිසිදු නඩුවක් ලබන 27 වැනිදා තෙක් අධිකරණයේ නොකැඳවන ලෙසට දැනුම් දෙමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විශේෂ චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ. 19 March 2020
දුම්රිය ගමන් වාර නැවත දැනුම්දෙන තුරු සීමාකරයි රටේ පවතින තත්ත්වය හමුවේ ධාවනය වන දුම්රිය වාරගණන අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 19 March 2020
‘වයිරසය ගැන ජනතාවගේ සැලකිලිමත් භාවය මදි‘ කොරෝනා වයිරසය (කොවිඩ්-19) සම්බන්ධයෙන් ජනතාව තවමත් ඒ තරම් සැළකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය. 19 March 2020
ගුවන් යානා 16 කින් ආ 1500 ක් නිවෙස් වල සිට නිරෝධායනයට පුද්ගලයින් 1500 දෙනකු ඊයේ (18) දිනයේදී ගුවන් යානා 16 කින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතු වල නියැලෙන ලෙස විශේෂ උපදෙස් ලබා දී ඇති බවත් කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 19 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026