නිකවැරටියේ කොරෝනා ගැන දැනුම් දෙන්න අංකයක් කොරෝනා වයිරස් ආසාධිත රෝග තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට සහ තොරතුරු දැන ගැනීමට 076-4247001 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ජනතා වෙනුවෙන් ක්‍රියාත්මක බව නිකවැරටිය රෝහල් සෞඛ්‍ය අංශය කියයි. 21 March 2020
ගම්පහ රෝහලට දින තුනකින් කොරෝනා ප්‍රතිකාර ඒකකයක් හදන්න යයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණෙන සාමාන්‍ය රෝගීන් සහ කොරෝනා වයිරස් රෝග තත්ත්වයේ රෝගීන් පරීක්ෂාවට ලක් කිරීම දැනට බාහිර ප්‍රතිකාර අංශය මගින් සිදු කරනු ලබන බැවින් කොරෝනා රෝග තත්ත්වයේ රෝගී පරීක්ෂාව පිනිස වෙනම ඒකකයක් සැකසීමට පියවර ගෙන ඇත. 21 March 2020
පාසල් නිවාඩු කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉ- තක්සලාවක් එළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක් කර සිටී. 21 March 2020
වරාය සේවකයින් දිගටම වැඩ මෙරට පරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂණ සේවා මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව රටතුළට ගෙන්වීමට හා අඛණ්ඩව සැපයීමේ ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා දිගටම සේවයේ නිරත වීමට වරාය සේවකයින් කැමැත්ත පලකළ බව වරාය හා නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 21 March 2020
කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගි වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමගම එම පූජාවට සහභාගී වූ යාපනයේ බැතිමතුන් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි. 21 March 2020
හෝටල්කරුවන්ගෙන් වෛද්‍ය කාර්යමණ්ඩලයට නිරෝධායන කාමර කොරෝනා වයිරසය ආසාදිතයන් හෝ එසේ සැක කරන්නන් සමග විවෘතව රාජකාරි කිරීම නිසා තමන්ගේ සේවයෙන් පසුව නිවෙස් වලට යා නොහැකි අයට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා නවාතැන් දීමට ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය කැමැත්ත පලකර තිබේ. 21 March 2020
ගලඋඩින්-වැලිමඩින් කොරෝනා බවට සැක දෙදෙනෙකු බදුල්ලට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකරන දෙදෙනෙකු බදුල්ල මහරෝහලට අද (21) ඇතුළත් කර තිබේ. 21 March 2020
යක්කලමුල්ලේ 14ක් ස්වයං-නිරෝධානයට විවිධ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන් 14දෙනෙකු අද(21) යක්කලමුල්ල පොලිස් වසමේ නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි යක්කලමුල්ල පොලිසිය කියයි. 21 March 2020
වතුකරයේ 76ක් ස්වයං නිරොධානයට කොවිඩ් 19 වයිරසය පැතිර යාමත් සමග විදෙස් ගතව සිට මෑතකදි මෙරටට පැමිණ වතුකරයේ රැඳී සිටින පුද්ගලයින් 76 දෙනෙකු ස්වයං නිරොධානයකට යොමු කර ඇත. 21 March 2020
පාරිභෝගිකයන්ට හිඟ නැතිව අත්‍යවශ්‍ය ආහාර ලබාදෙන්න වැඩපිළිවෙළක් සතොස වැලිසර ප්‍රධාන ගබඩාව වෙත හාල්,පිටි, සීනි, ලූණු,අල,පරිප්පු, සුදු ලූණූ ,සැමන්,වියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ වනවිට රැගෙන එමින් පවතින බව එහි ප්‍රකාශකයෙකු කීය. 21 March 2020
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු කොරෝනා මරණ 2 වාර්තා කරයි නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වන්නේ යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (21) පළමු වරට නිවේදනය කළේය. 21 March 2020
පිලිපීනයේ කොරෝනා ආසාදිතයන් ගණන 200 ඉක්මවයි පිලිපීනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 32 කු පිළිබඳව තොරතුරු වාර්තා වන බවත් ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 262ක් බවත් පිලිපීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 21 March 2020
ඇඹිලිපිටිය රෝහලේ ආසාදිතයන්ගේ වාට්ටුවට උපකරණ පරිත්‍යාග කරයි ඇඹිලිපිටිය මූලික රොහලට ඇතුළත් කෙරෙන කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකකෙරෙන රෝගීන් සඳහා වෙනම වාට්ටුවක් විවෘත කර තිබේ . 21 March 2020
තරුණ පිරිසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවිමක් තරුණ තරුණියන්ට කොරෝනා වයිරසය ආසාදනය නොවන බවට මිත්‍යා මතයක් සමාජගත වී තිබීම හේතුවෙන් ලොව පුරා තරුණ තරුණියන් කොරෝනා වයිරසය සම්බන්ධ අනතුරු ඇඟවීම් නොසලකා හරින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 21 March 2020
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන 4 ක 496 ක් කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සඳහා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක බවත් එහි පුද්ගලයන් 496 දෙනෙකු රඳවා නිරෝධායන කටයුතු සිදුකරන බවත් පොලිසිය කියයි. 21 March 2020
නිකවැරටිය රෝහලේත් ආසාදිතයන්ට විශේෂ ප්‍රතිකාර ඒකකයක් නිකවැරටිය රෝහලට දිනපතා සැකකටයුතු රෝගීන් පැමිණෙන බැවින් ඒ සඳහාම ප්‍රතිකාර ඒකකයක් සහ වාට්ටුවක් සකස් කිරීමට අද (21) වෛද්‍ය කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරමින් සිටියහ. 21 March 2020
කොරෝනා ආසාදිතයන්ට මාතලේ- දඹුලු රෝහල්වල විශේෂ වාට්ටු කොරොනා බවට සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා මාතලේ සහ දඹුල්ල මහ රෝහල්වල විශේෂිත වාට්ටු සකස් කර ඇති බවත් මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය (21) අද පැවසුවාය. 21 March 2020
විදේශ රටවල සිට අක්මීමනට පැමිණි 59ක් නිරෝධායනයේ අක්මීමන පොලිස් බල ප්‍රදේශය තුල විදේශීය රටවල සිට පැමිණි පුද්ගලයින් 59 දෙනෙකු මේ වනවිට සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව අක්මීමන පොලිසිය පවසයි. 21 March 2020
පැරගුවේ පළමු කොරෝනා මරණය වාර්තා කරයි දකුණු ඇමරිකානු රටක් වන පැරගුවේ සමූහාණ්ඩුවේ පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වී තිබේ. 21 March 2020
ගුවන් හමුදාවෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථාන තුනක් වන්නි ප්‍රදේශයේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 3 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. 21 March 2020
ඥාති නිවසක සැඟව සිටි සංචාරක මග පෙන්වන්නෙකු නිරෝධායනයට ඉන්දියානු ජාතිකයින් සමග ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වු මගපෙන්වන්නෙකු නිරෝධායනයට යොමු නොවී, පිළිහුඩුගොල්ල පෙදෙසෙහි ඥාති නිවසක රැඳී සිටියදී අද(21) නාඋල පොලිසිය විසින් සොයාගෙන නිරෝධායනයට යොමු කර තිබේ. 21 March 2020
කොරෝනා ආසාදිතයන්ට ඇල්පිටිය රෝහලේත් විශේෂ වාට්ටුවක් කොරෝනා බවට සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා ඇල්පිටිය රෝහලේද විශේෂිත වාට්ටුවක් සුදානම් කරමින් පවතින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 21 March 2020
රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුවට බස් රථ 100 ක් අතවශ්‍ය සේවා යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් දිවයින පුරා රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුව වෙනුවෙන් බස් රථ 100 පමණ යොදවා තිබේ. 21 March 2020
ඇදිරිනීතියෙන් ගම්පහ පාලුවට යයි කොරෝනා වයිරසය පැතිරීම වළකාලීමට රජය මගින් දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් ගම්පහ නගරය දැඩි පාලු ස්වභාවයකට පත්ව ඇති ආකාරය අද (21) දහවල් නිරීක්ෂණය විය. 21 March 2020
කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණ දෙක අද සිංගප්පූරුවෙන් වාර්තා විය. 21 March 2020
ගුවන් තොටුපොළට යන්න ඕනෑනම් පොලිසියට කියන්න සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිය රටවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන්ට ගුවන් තොටුපොළට යාමේදී ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකිව සිටින්නේ නම් ළඟම ඇති පොලිස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස ලංකා සංචාරක මණ්ඩලය දන්වා සිටී. 21 March 2020
බේරුවලින් හමුවූ කොරා්නා ආසාදිතයෙක් කොළඹට සංචාරක මාර්ගෝපදේශකයකුගේ රියදුරකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදන තත්ත්වයක් බව හඳුනා ගැනීමෙන් පසුව ඔහු කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (21) පැවසීය . 21 March 2020
කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට කොරෝනා වෛරසයෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇති අතර රෝගය වැළඳුනු තවත් ඥාතීන් තිදෙනෙකු රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. 21 March 2020
හෝමාගම රෝහල කොරෝනා ආසාදිතයින්ට පමණයි හෝමාගම මුලික රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට පමණක් ප්‍රතිකාර කරන බව හෝමාගම මුලික රෝහල් වෛද්‍ය අධ්යක්ෂ ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසිය. 21 March 2020
කොරෝනා වැළඳුනැයි සැක ජපන් තරුණිය බූස්සට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි 18හැවිරිදි ජපන් තරුණියක් කොරෝනා වයිරසය වැළදී ඇතැයි සැක සහිතව බුස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්යද්ථානයේ ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව කියයි. 21 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026