කොරෝනා යැයි සැක තිදෙනෙක් හම්බන්තොට රෝහලේ කොරෝනා වයිරසය වැළදී ඇතැයි සැක පිට තිදෙනකු අද වන විට හම්බන්තොට රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ නොවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරී සුරංග ඔබේසේකර මහතා පැවසීය. 21 March 2020
රිමාන්ඩ් කළ පුද්ගලයා ඉතාලියෙන් ආ බව හෙළිවී කෑගල්ල බන්ධනාගාරය කැළඹෙයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ. 21 March 2020
රත්නපුර ඔසුසල්-ආහාර අලෙවිසල් පමණක් විවෘත කරන්නැයි උපදෙස් ඇඳිරි නීතිය ඉවත් කළ වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධහල් හා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල පමණක් විවෘත කිරීමට කොරෝනා වයිරස මර්ධන රත්නපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ. 21 March 2020
ඇඳිරි නීතිය කඩකළ සෙබළු තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරිය බව කුරුණෑගල පොලීසිය පවසයි. 21 March 2020
කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි. 21 March 2020
ඉන්දියාවෙන් ආ තවත් වන්දනාකරුවන් පිරිසක් නිරෝධායනට දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 21 March 2020
ලොව පුරා කොරෝනා මරණ 11,000 පනී අද දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,266 කි. 21 March 2020
පැය 24 ක් තුල ඉතාලියේ 627 ක් මරුට පසුගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 627ක් බව වාර්තා වේ. මේ අනුව ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 4,032 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට වාර්තා වූ විශාලතම මරණ සංඛ්‍යාව බවත් බලධාරීහු පවසති. 20 March 2020
වගකීම් සහගත වෙන්න මුහුණු ආවරණ භාවිතයේදී වගකීම් සහගත වෙන්න. රෝගයට නිරාවරණය වීමේ අවදානමක් සහිත පිරිසට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඒවා අත්‍යවශ්‍යය. 20 March 2020
කොටුව දුම්රිය ස්ථානය - වරාය පරිශ්‍රය යළි විෂබීජහරණය කරයි නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් අද (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කෙරිණි. 20 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 72 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය. 20 March 2020
පුස් කෑ පරිප්පු විකිණු වෙළඳසැල් හිමියකු අත්අඩංගුවට කොරෝනා වයිරසය නිසා මහජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ පරිභෝජනයට නුසුදුසු පුස් කෑ පරිප්පු අලෙවි කරමින් සිටි මොරවක වෙළඳසැල් හිමියෙකු අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලය පවසයි . 20 March 2020
කොරෝනා යැයි සැක 5 ක් බදුල්ල මහ රෝහලට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැකකරන පුද්ගලයන් පස් දෙනෙකු බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (20) ඇතුළත් කර තිබේ. 20 March 2020
ඉරානයට පැනවූ සම්බාධක ඉවත්කරන්නැයි පාකිස්තානු අගමැති ඉල්ලයි කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (20) ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය. 20 March 2020
’ඇඳිරි නිතිය කඩකරන්නන්ට පොලිසියෙන් සමාවක් නෑ’ දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබියදීත් එම නීතිය කඩකරමින් හැසිරෙන හා මාර්ගවල වාහනවලින් ගමන් ගන්නා පුද්ගලයන්ට පොලීසිය කිසිදු අනුකම්පාවක් නොදක්වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 20 March 2020
ජෝර්දානයටත් හෙට ඇඳිරිනීතිය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම බලපවත්නා පරිදි හෙට (21) ඇඳිරි නීතිය පැනවීමට ජෝර්දානය පියවර ගෙන ඇත. 20 March 2020
දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ඉහළට දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52 සිට 202 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ස්වෙලි ම්කිසේ මහතා අද (20) ප්‍රකාශ කළේය. 20 March 2020
බ්‍රිතාන්‍යය විශ්‍රාම ගිය සෞඛ්‍ය නිලධාරීන් 65,000ක් කැඳවයි බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය පසුගිය වසර තුන තුළ විශ්‍රාම ගිය වෛද්‍යවරුන් සහ හෙදියන් 65,000කට කොරෝනා වයිරසය නමැති ගෝලීය සෞඛ්‍ය තර්ජනයට මුහුණ දීම සඳහා පැමිණෙන්නැයි දන්වා සිටී. 20 March 2020
කොරෝනා රෝගියාට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් කොරෝනා වයිරස ලක්ෂණ මතුව ඇති බව දැන දැන හෘද රෝගයක් බව පවසමින් රාගම රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 20 March 2020
ඇදිරිනීතිය නොතකා මුහුද මගින් මන්නාරමට පැන යාමට ගිය 20 ක් අත්අඩංගුවට කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබියදී බෝට්ටුවක් මගින් මන්නාරම බලා පලා යාමට උත්සාහ කළ පුද්ගලයන් 20 දෙනෙකු නාවික හමුදාව විසින් බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 20 March 2020
ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන දහස ඉක්මවා ඇත. 20 March 2020
නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට බණ්ඩාරවෙල දී නිරෝධායනය කඩ කළ පුද්ගලයෙකු අද (20 ) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල නාගරික ප්‍රධාන මහජන සෞඛ්‍යය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය. 20 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් පස් දෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවාය. 20 March 2020
කොරෝනා යැයි සැක අයෙක් මාරවිලින් කුරුණෑගල රෝහලට කොරෝනා ආසාදිතයකු බවට සැක මාරවිල ප්‍රදේශයේ අයකු කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයා අද ( 20 ) පෙරවරුවේ කටයුතු කර තිබුණි. 20 March 2020
පුත්තලම අධිකරණය - බන්ධනාගාරය විෂබීජ හරණය කරයි පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා කඳවුරේ නිලධාරීහු පිරිසක් අද (20) පුත්තලම අධිකරණය හා පුත්තලම බන්ධනාගාරය විෂබීජ හරණය කළහ. 20 March 2020
දඹදිව සිට පැමිණි තවත් 97 ක් නිරෝධායනයට දඹදිව වන්දනාවේ ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 97 දෙනෙකු අද(20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් මගින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 20 March 2020
තැපැල් කටයුතු තාවකාලිකව අත්හිටුවයි සියලු තැපැල් මෙහෙයුම් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 20 March 2020
වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කරගන්න ඇමෙරිකාවෙන් ඩොලර් ට්‍රිලියනයක් පැකේජයක් ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා එක්සත් ජනපද ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය තීරණය කර ඇත. 20 March 2020
කොරෝනා මරණ 10,000 පනී කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 182 ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් තිබේ. 20 March 2020
ඇල්බට් කුමාරයාටත් කොරෝනා මොනෑකෝ රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන II වන ඇල්බට් කුමාරයාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මොනෑකෝහි රාජ්‍ය නිවේදනයකින් කියැවේ. කෙසේ වෙතත් කුමාරයාගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමක නැතැයි ද එම නිවේදනයෙන් කියැවේ. මධ්‍යධරණී මුහුද ආසන්නයේ පිහිටි මෙම ප්‍රාන්ත රාජ්‍යයේ නාම මාත්‍රික රාජ්‍ය නායකයා සිය පුද්ගලික නිවසේ සිට රාජකාරි කටයුතු කරනු ඇත. 20 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026