කොරෝනා යැයි සැක විදේශීය යුවළක්-මඟ පෙන්වන්නෙක් හම්බන්තොට රෝහලට දින කිහිපයක් තිස්සේ සැඟව සිටි බව කියන කොරෝනා ආසාධිත බවට සැකකරන විදේශීය ජාතික යුවළක් සහ ලාංකික මඟපෙන්වන්නෙකු රන්න කහඳමෝදර ප්‍රදේශයේ සංචාරක නවාතැන්පළක සිටියදී අද(19) හම්බන්තොට මහ රෝහල වෙත යැවීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් ගජධීර මහතා පවසයි. 19 March 2020
පුත්තලමට-කොච්චිකඩේට යළිත් ඇඳිරිනීතිය පුත්තලම සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද (19) සවස 2.30 සිට යළිත් ඇඳිරිනීතිය පැනවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 19 March 2020
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනකු පිළිබඳව අද අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (18) පැවසීය. 19 March 2020
මුද්දූව මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ-දියණියටත් කොරෝනා රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි කොරෝනා වයිරසය ආසාදිත කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ දියණියටත් කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කේ.බී.කන්නන්ගර මහතා පවසයි. 19 March 2020
වයිරසයෙන් තොර එක ම මහද්වීපය ඇන්ටාක්ටිකාව පමණයි ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක් නොවූ එකම මහද්වීපය ඇන්ටාක්ටිකාව බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත. 19 March 2020
වයිරසයෙන් ලොව පුරා මිලියන 25කට රැකියා අහිමිවීමේ අවදානමක් කොරෝනා වයිරසයෙන් ආර්තික සහ කම්කරු ක්ෂේත්රවලට එල්ල වන බලපෑම හේතුවෙන් ලොව පුරා මිලියන 25ක රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් පවතින බව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසයි. 19 March 2020
මෙක්සිකෝව- රුසියාව පළමු කොරෝනා මරණ වාර්තා කරයි කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 19 March 2020
ඕස්ට්‍රේලියාව විදේශිකයන්ට සිය දේශසීමා වසා දමයි කොරෝනා වයිරසය ආසාදිත මරණ 6 ක් ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති අතර වයිරස් ආසාදනය වූ පුද්ගලයන් 600 දෙනෙකු පමණ සිටින බව තහවුරු කරගෙන ඇත. 19 March 2020
මහ මැතිවරණය කල් යයි මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය 19 March 2020
‘අයිඩීඑච් රෝහලේ උපකරණ හිඟ නෑ’ මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන කොළඹ අයි.ඩී.එච්.රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් සඳහා අවශ්‍ය උපකරණවල හිඟතාවක් ඇතැයි ඇතැමුන් මුදල් එකතු කිරීමේ යෙදී සිටින බවත් ඒවාට නොරැවටෙන ලෙසත් එම ආයතනයේ අධ්යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. 19 March 2020
ග්‍රීසිය මිනිසුන් කණ්ඩායම් ලෙස ගැවසීම තහනම් කරන්න යයි පුද්ගලයන් 10දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් රැස්වී එළිමහනේ ගැවසෙමින් සිටීම තහනම් කිරීමට ග්‍රීසිය තීරණය කර ඇත. 19 March 2020
හුබෙයි ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් කිසිවෙකු හමු වී නැහැ චීනයේ, හුබෙයි ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු රෝගියකු වාර්තා නොවූ බව චීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති. 19 March 2020
ඉන්දියාවේ ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයකුට කොරෝනා වැළඳෙන අගය හඳුනාගැනේ ඉන්දියාවේ, සෑම ආසාදිත පුද්ගලයකුගෙන් ම තවත් පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමේ සාමාන්‍ය අගය 1.7%ක් බව චෙන්නායිහි ගණිත සහ විද්‍යාව පිළිබඳ උසස් ආයතනයේ විද්‍යාඥවරුන් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 19 March 2020
කොරෝනා වයිරසය රටවල් 176 කට පැතිරෙයි කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇ.එ.ජනපදයෙන් තවත් කොරෝනා රෝගීන් 205ක් වාර්තා වේ. 19 March 2020
රාජ්‍ය-පෞද්ගලික අංශයන්ට සතියක් නිවසේදී රැකියා කටයුතු කරන්නැයි උපදෙස් හෙට(20) සිට ලබන සිකුරාදා(27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරී කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ. 19 March 2020
ඇමෙරිකාව තරුණ පරපුරට අනතුරු අඟවයි කොරෝනා වයිරසය වැඩිහිටියන් අතර පමණක් නොව, තරුණ පිරිස අතරද ව්‍යාප්තවෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු සහ විශේඥවරු අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. 19 March 2020
මිනිසුන් නොමඟ යවන තොරතුරුවලට ට්විටර් වැට බඳී වයිරසය මැඬලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නොතකා හරිමින්, ඊට විරුද්ධව ජනයා උසිගන්වන ආකාරයට පළවන තොරුතුරු සිය ගිණුම්වලින් ඉවත් කරගන්නා ලෙස ට්විටර් සමාගම ජනයාගෙන් ඉල්ලීමක් කරයි. 19 March 2020
කොරෝනා ආසාදිත ඉතාලි ජාතිකයෙක් රැදී සිටි හෝටල් කාමරයකට සීල් කොරෝනා වසංගතය ආසාදනය වි ඇති බවට තහවුරු වු ඉතාලි ජාතිකයකු වෙන්නප්පුව වයික්කාල කම්මල සුඛෝපභෝගි සංචාරක හෝටලයක, කාමරයට සිල් තැබිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත. 19 March 2020
කොරෝනා හේතුවෙන් මහජනතාවට රජයෙන් සහන වියළි කාලගුණයෙන් කුඩා තේවතු හිමියන්ට සිදු වූ පාඩුවට රුපියල් බිලියන 3 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. 19 March 2020
කොරෝනා මඬින්න අතිරේකව මිලියන 500ක් කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් අතිරේකව මිලියන 500 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. 19 March 2020
බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වහන්න යයි කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පාසල් වසාදැමීමට සහ ජාතික මට්ටමේ විභාග කල්දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. 19 March 2020
ඖෂධ හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක් පසුගිය වසරේ( 2019) ශ්‍රී ලංකාවට ගෙන්වූ ඖෂධවල හිග මුදල් බිල්පත් ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය තිබේ. 19 March 2020
කොරෝනා යැයි සැක ප්‍රංශ ජාතිකයකු ඇල්ලේ නවාතැන් ගෙන කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති ප්‍රංශ ජාතිකයකු ඇල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක දින දෙකක් නතර වී සිටි බව අනාවරණය වී තිබේ. 19 March 2020
’දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා’ කොරෝනා වසංගතය ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් එරට චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය ප්‍රකාශ කළාය. 19 March 2020
විදෙස් රටවල සිටින ලාංකිකයන්ගේ වීසා දීර්ඝ කරන්නැයි ඉල්ලයි දැනට සංචාර සඳහා විදේශ රටවල් වලට ගොස් සිටින , කොරෝනා වයිරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන්නැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 19 March 2020
ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය . 19 March 2020
ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට කොරෝනා වයිරසය හේතුවෙන් අද (18) දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 475ක් වාර්තා වූයේ යැයි එරට බලධාරීහු කියති. 19 March 2020
පුද්ගලයින් 65 දෙනෙකුට නිවෙස් තුළ රැඳී සිටින ලෙස නියෝගයක් ඉතාලිය ඇතුළු විදේශ රටවල් කිපයකින් පැමිණ ඇති පුද්ගලයින් 65 දෙනෙකුට දින 14 ක් යන තුරු නිවෙස් තුළ රැඳී සිටින ලෙස මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් හේෂාන්තද මෙල් මහතා තහනම් නියෝගයක් අද (18) නිකුත් කළේය. 18 March 2020
රටවල් 170ක් පුරා කොරෝනා වෛරසය පැතිරයයි කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් ඉරානයෙන් 1192ක්ද, ජර්මනියෙන් 1935ක්ද, ඇ.එ.ජනපදයෙන් 1127ක්ද, ස්පාඤ්ඤයෙන් 2084ක්ද වාර්තා වී ඇත. 18 March 2020
ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් ගෙවල්වල ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට පාසල්, විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපනික ආයතනවලට යෑමට නොහැකි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය අද (18) ප්‍රකාශ කළේය. 18 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026