පුත්තලම-හලාවත-කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ 19 ක ඇදිරිනීතීය පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ 11 කට , හලාවත පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ 7 කට සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරීනිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 18 March 2020
ඔලිම්පික් පුහුණුවීම් කිහිපයක් නවතා දමයි ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උලෙළ සහ පැරලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් කෙරෙන ජාතික මට්ටමේ පුහුණුවීම් අත්හිටුවීමට රටවල් කිහිපයක් පියවර ගෙන තිබේ. 18 March 2020
’දේශපාලනඥයින් වයිරසයේ දරුණුබව අවතක්සේරු කළා’ විවිධ රටවල දේශපාලන නායකයන් කොරෝනා වයිරසයේ දරුණු බව කිසිදු සැලකිල්ලකට නොගෙන අවතක්සේරු කළ බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන්ඩ ලියන් මහත්මිය පැවසුවාය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සිය දේශ සීමා වසාදැමීමට යුරෝපා සංගමය පියවර ගැනීමත් සමඟ ඇය මේ බව සඳහන් කළාය. 18 March 2020
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සියලු විභාග කල්දමයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා දැනුම් දෙයි. 18 March 2020
බුස්ස නාවික හමුදා කඳවුරේ මහල් 4 ක් නිරෝධායනයට නව කෙරෝනා හෙවත් ‘කොවිඩ් - 19’ වයිරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට බුස්ස නාවික හමුදා කඳවුරේ ද මහල් හතරකින් යුත් නව නිරෝධාන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පවසයි. 18 March 2020
මැතිවරණය කල් දමන්නැයි කැෆේ ඉල්ලයි නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි. 18 March 2020
ඉතාලියේ සිට ආ වෙන්නප්පුවේ 280 ක් ස්වයං නිරෝධායනයට ඉතාලියේ සිට පෙබරවාරි 1 දා සිට මාර්තු 10 වැනිදා දක්වා පැමිණි වෙන්නප්පුව ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 52 ක සිටි ශ්‍රි ලාංකිකයන් 280 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර දැඩි පරික්ෂාවෙන් සිටින බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි. 18 March 2020
කම්කරු දෙපාර්තමේන්තුව සපයන සේවා තුනක් අත්හිටුවයි කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සේවාවන් තුනක් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවීමට කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.වීමලවීර මහතා තීරණය කර තිබේ. 18 March 2020
දඹදිව වන්දනාකරුවන් ගෙන්වා ගන්න විශේෂ ගුවන් යානා දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද (18) සවස ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානා පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය කියා සිටී. 18 March 2020
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව ගිහින් චීනයෙන් ආරම්භ වී යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ්-19 වයිරසය මේ වනවිට ඇමෙරිකාවේ සියලු ප්‍රාන්ත(50) කරා පැතිර ගොස් ඇතැයි වාර්තා වේ. 18 March 2020
කොරෝනා ආසාදිතයින් සිටින වැලිකන්ද රෝහලට පැය 24 න් අලි වැටක් කොරෝනා ආසාදිතයින් රඳවා සිටින වැලිකන්ද රෝහල වන අලින්ගෙන් ආරක්ෂා කිරිම සඳහා රෝහල වටා පැය 24 ක් තුළ අලි වැටක් ඉදි කිරිමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වනජිවි සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එම්.කිර්ති චන්ද්‍රරත්න මහතා අද (18) පැවසිය. 18 March 2020
කොරෝනා දැයි සැක ලන්ඩන් සිට පැමිණි කතක් යාපනය මහරෝහලට ලන්ඩන් නුවර සිට යාපනය කන්දර්මඩම් ප්‍රදේශයට පැමිණි යාපනයේ පදිංචි කාන්තාවක් කොරෝනා වයිරසය අසාදනය වී ඇතයි සැකපිට යාපනය ශික්ෂණ රෝහලට අද (18) උදෑසන ඇතුළත් වී ඇත. 18 March 2020
එලිසබෙත් රැජිණ ස්වයං-නිරෝධායනයට කොරෝනා වයිරසය සම්බන්ධයෙන් රජය ලබාදුන් උපදෙස් පිළිපදිමින්, ස්වයං- නිරෝධායනයට යොමුවීමට එංගලන්තයේ දෙවන එලිසබෙත් මහරැජිණ තීරණය කර තිබේ. 18 March 2020
යුරෝපයෙන් ආ පිරිසක් කෝට්ටේ නිවාස 40ක ස්වයං නිරෝධායනයේ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක සිට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා බල ප්‍රදේශයට පැමිණ නිරෝධානයට යොමු නොවී සිටි බව කියන පිරිස් සිටි නිවාස 40 ක පුද්ගලයන් සිය නිවෙස තුළදීම නිරෝධායනයට යොමු කළ බවත් සැක සහිත නිවාස දහයක් ජීවානුහරණය කළ බවත් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතා පැවසීය. 18 March 2020
අයිඩීඑච් අවට ත්‍රිරෝද රථ විෂබීජහරණයට අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යාතනය අවට පෞද්ගලික ත්‍රීරෝද රථ විෂබීජහරණය කිරීම අයි.ඩී.එච් මංසන්ධියේ දී අද (18) පෙරවරුවේ සිදුකෙරිණි. 18 March 2020
ප්‍රවේශපත්‍ර-ආසන වෙන්කිරීම්-පාර්සල් ගැනීම් කොටුව-මරදාන පමණයි කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල පමණක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම, ආසන වෙන්කිරිම හා පාර්සල් බාරගැනීම අද (18) උදේ 9.00 සිට ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. 18 March 2020
කල්පිටියේ නිරෝධායනය නොවු 58 ක් හඳුනා ගනිති කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාර්තු 1 වැනිදා සිට මේ දක්වා ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයින් 58 ක් හඳුනාගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසයි. 18 March 2020
සංචාරකයින්ට දේශසීමා වහන්න යුරෝපා සංගමය තීරණය කරයි කොරෝනා වෛරසය හේතුවෙන් පිටතින් පැමිණෙන සංචාරකයින්ට සිය දේශ සීමා වසා තැබීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. 18 March 2020
ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වයිරසය මැඬලීමේ උපකරණ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියට ප්‍රදානයක් කළේය. 18 March 2020
වයිරසෙයන් බැට කන ව්‍යාපාරවලට බ්‍රිතාන්‍යයෙන් පවුම් බිලියන 330ක පැකේජයක් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැටකන ව්‍යාපාරවලට සහාය වීමක් ලෙස ස්ටර්ලිං පවුම් බිලියන 330ක සහන පැකේජයක් ලබාදෙන බව බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය රිෂි සුනාක් මහතා ප්‍රකාශ කළේය. 18 March 2020
යුරෝපීය නායකයෝ කොරෝනා මඬින්න සාකච්ඡා අරඹති කොරෝනා වයිරසයට එරෙහිව ඒකාබද්ධ උපායමාර්ගයක් සැකසීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල නායකයෝ අද (17) පස්වරුවේ විඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා ආරම්භ කළහ. 17 March 2020
විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කෙරේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය පවතින තත්ත්වය හේතුවෙන් මසකින් දීර්ඝ කිරීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා තීරණය කර ඇත. 17 March 2020
ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට චමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ. 17 March 2020
පරිප්පු - සැමන් මිල අඩු කරයි කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම රටවැසියන්ට හැකිතාක් ගමන් බිමන් වලින් වැළකි සිටින ලෙස උපදෙස් දුන්නේය. 17 March 2020
මැලේසියාව අත්‍යවශ්‍ය සේවා හැර සියලු කටයුතු නවතා දමයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති දෙකකට කාලයක් රටේ අත්‍යවශ්‍ය සේවා හැර රටේ සියලු කටයුතු නවතා දැමීමට පියවර ගන්නා බව මැලේසියාවේ අග්‍රාමාත්‍ය මුහිදින් යසීන් නිවේදනය කළේය. 17 March 2020
යුද හමුදාවේ සංචාරක නිවාස 12 ක් නිරෝධායනයට විදේශ රටවල සිට පැමිණෙන මගී ජනතාව නිරෝධායනය කිරීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි යුද හමුදා සංචාරක නිවාස 12 ක් අද (17) සිට නිරෝධායන කටයුතු වෙනුවෙන් ලබාදී ඇතැයි පොලිසිය පැවසීය. 17 March 2020
ඇමෙරිකාවෙන්-බ්‍රිතාන්‍යයෙන් ආ 76 ක් දියතලාවට විදේශ රටවල සිට පැමිණි දේශීය මගීන් 76 දෙනෙකු අද (17) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි. 17 March 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුටත් කොරෝනා කොරෝනා වයිරස වසංගතයට එරෙහි ගෝලීය සටනට නායකත්වය දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි එම සංවිධානය පවසයි. 17 March 2020
කොරෝනා යැයි සැක කුඩා දරුවෙක් බදුල්ල රෝහලට දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුඩා දරුවෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද (17) සවස බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය. 17 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026