දඹදිව වන්දනාකරුවන් 300 ක් මහාබෝධි මධ්‍යස්ථානයේ ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 300 කට අධික පිරිසක් නවදිල්ලියේ පිහිටි මහාබෝධි මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය. 18 March 2020
ඇල්ලේ 53 දෙනෙක් ස්වයං නිරෝධායනයට ඇල්ල නගරයේ ප්‍රධාන සංචාරක හෝටල් හතරකට අයත් 53 දෙනෙකු අද (18) සිට දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතැයි ඇල්ල පොලිසිය පැවසීය. 18 March 2020
බඹරකන්ද ඇල්ල ආශ්රිත සංචාරක කලාපය වහයි කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් බඹරකන්ද ඇල්ල ආශ්රිත සංචාරක කලාපය අද ( 18 ) සිට නැවත දැනුම් දෙන දෙන තුරු තාවකාලිකව වසා දමනු ලැබූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවසීය . 18 March 2020
කොරෝනා ගැන දැනගන්න විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අංක 4 ක් ලොව පුරා ව්‍යාප්තව යමින් පවතින කෝවිඩ් -19 හෙවත් කොරෝනා වයිරසය සහ එහි ව්‍යාප්තිය පිළිබඳව සත්‍ය සහ නිවැරදි තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබේ. 18 March 2020
වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට පොලිස් නිලධාරීහු ආචාර දක්වති චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍ය සේවකයන් පිරිසකට පොලිස් නිලධාරීන් ආචාර කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ප්‍රංශ පුවත් සේවය අද (18) ප්‍රසිද්ධියට පත් කළේය. 18 March 2020
යුරෝපා දේශසීමා වසා දමයි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපා දේශසීමා වසා දැමීමට එම රටවල නායකයෝ අද (8) පියවර ගත්හ. 18 March 2020
කොරෝනා යැයි සැක ප්‍රංශ ජාතිකයෙක් කරාපිටිය රෝහලට කොරෝනා වෛරසය ආසාදනය වු බව කියන ප්‍රංශ ජාතිකයෙකු අද (18)සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 18 March 2020
මාධ්‍ය හමු පැවැත්වීම අවදානම් කොරෝනා වයිරසය ව්‍යාප්තවෙමින් පවතින අවස්ථාවක මාධ්‍යහමු පැවැත්වීම අවදානම් සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවැසීය. 18 March 2020
වයිරසයෙන් ඉරානයේ 1,135 ක් මිය ගිහින් ඉරානයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1,135 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ මරණ 147 ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 18 March 2020
කොරෝනා ආසාදිත තිදෙනකු නවාතැන්ගෙන සිටි හෝටල් 3 ක් වසා දමයි කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක හෝටල් තුනක් අද (18) වසා දැමීමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති විතාරණගමගේ උපුල් මහතා පැවසීය. 18 March 2020
මහජන දින-පොලිස් සහන දින සතියක් නවත්වයි කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් පොලිස් මූලස්ථානයේ පවත්වනු ලබන මහජන දිනය හා පොලිස් නිලධාරීන් වෙනුවෙන් පවත්වන සහන දින සති දෙකක කාලයක් නොපැවැත්වීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. 18 March 2020
වැලිකන්ද රෝහලෙත් ආසාදිතයන්ට නවතින්න පහසුකම් කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරිමට වැලිකන්ද මුලික රෝහල අති නවීන පහසුකම් සහිතව රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සදහා අද (18) ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් එහි කටයුතු කඩිනමින් සිදු කරමින් පවතී. 18 March 2020
‘මේ වෙලාවේ වන්දනාවේ නොගියට බුදුහාමුදුරුවෝ අමනාප වෙන්නේ නැහැ‘ කොරෝනා වයිරස් තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේදී නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් , වන්දනාවේ නොගියා කියා බුදුහාමුදුරුවන් අමනාප නොවන්නේ යැයි අචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (18) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ. 18 March 2020
නිරෝධායනයට යොමු නොවී සැඟවී සිටි ප්‍රංශ ජාතිකයකු දැලේ ප්‍රංශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් නොවී කොළඹ ලැගුම්හලක නැවතී සිටි ප්‍රංශ ජාතිකයකු අද (18) පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. 18 March 2020
බෙල්ජියමට ඇතුළුවීම-පිටවීම තහනම් කරයි බෙල්ජියමේ පුරවැසියන්ට නිවාසවලට වී රැඳී සිටින්නැයිද, පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා සීමා කරන්නැයිද පවසමින් බෙල්ජියමට ඇතුළුවීම සහ පිටවීම වළක්වා, හුදකලා රටක් බවට පත්කිරීමට තීරණය කරමින් බෙල්ජියමේ අගමැතිවි සොෆී විලියම්ස් මහත්මිය නිවේදනය කළාය. මෙම තීරණය අද (18 වැනිදා) දහවල් සිට ක්‍රියාත්මක වීමට නියමිතය. 18 March 2020
වයිරසයෙන් ඉන්දුනීසියාවේ 19ක් මිය ගිහින් - ආසාදිතයන් 227යි ඉන්දුනීසියාවේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේවනවිට ආසාදිත පුද්ගලයෝ 227දෙනෙක් සිටිති. 18 March 2020
කොරෝනා පරීක්ෂණයට පෞද්ගලික රෝහල් සඳහා කොන්දේසි සහිත අවසර කොරෝනා වයිරසය වැළදී ඇත්දැයි සිදු කෙරන පී.සී.ආර් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල්වලට ඉඩ ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (18) පැවසීය. 18 March 2020
’ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ’ ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුළු අග්නිදිග ආසියානු රටවල් දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද සමාජයක් ලෙස එක්ට එක්ව කටයුතු කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. 18 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළට කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 9දෙනකු අද(18) හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 18 March 2020
නිරෝධායන මධ්‍යස්ථානවලින් කොරෝනා ආසාදිතයන් 19 ක් මේ වන විට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19 ක් බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 18 March 2020
අමිතාබ් බච්චන් ස්වයං නිරෝධායනයේ නිවාසවලදී ස්වයං-නිරෝධායනය වන පුද්ගලයන් හඳුනාගෙන තහවුරු කරගැනීම සඳහා ඉන්දියාවේ, මහාරාෂ්ට ප්‍රාන්තයේ බලධාරීන් තීරණය කර තිබේ. 18 March 2020
මුඛ ආවරණ - විෂබීජ නාශක ආනයනික බදු ඉවත් කරයි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරිමට රජය තීරණය කර තිබේ. 18 March 2020
එදිනෙදා රාජකාරියට මුහුණු ආවරණ පැළඳ යන මිනිසුන් කොරෝනා වයිරසයේ ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් මුඛ ආවරණ පැළඳ තම එදිනෙදා කටයුතු වල නිරතවන අයුරු දක්නට ලැබේ. 18 March 2020
ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි, මරණ 8000ත් පනී කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් තවත් රෝගීන් 110ක්ද, ඔස්ට්‍රියාවෙන් 139ක්ද, ඇ.එ.ජනපදයෙන් 113ක්ද, දකුණු කොරියාවෙන් 93ක්ද වාර්තා වී ඇත. 18 March 2020
’නාසා’ හි සේවකයන්ට නිවසේ සිටින්නැයි දන්වන්න යයි ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය වන නාසා ආයතනයේ කටයුතු කරන සියලු සේවකයන් සහ කොන්ත්‍රාත්කරුවන්ට සිය නිවාසවල සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතුවල නිරතවන ලෙස දැනුම් දීමට එම ආයතනයේ පරිපාලන අංශ තීරණය කර තිබේ. 18 March 2020
නිරෝධායනයට ලක් නොවූ 1,411 ක් පුත්තලමේ පහුගිය සති දෙකේදී ලංකාවට පැමිණ කිසිඳු නිරෝධායනයකට ලක් නොවුවන් 1,411 දෙනෙකු සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි. 18 March 2020
නාවික හමුදාව ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පොළ-බස් රථ විෂබීජ හරණය කරයි ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොළ විෂබීජ හරණ කළේය. 18 March 2020
වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය ගණන 70 ඉක්මවයි කොරෝනා වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති අතර, 1,950දෙනෙකුට වයිරසය ආසානය වී තිබේ. 18 March 2020
රටපුරා දන්ත ශල්‍යාගාර ප්‍රතිකාර සීමා කරයි මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා සියලු දන්ත ශල්‍යාගාරයන්හි ප්‍රතිකාර සීමා කිරීමට පියවර ගෙන තිබේ. 18 March 2020
සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය අත්හිටුවයි මැනිලා නුවර පිහිටි සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 18 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026