(ඉන්දිකා රාමනායක)
ප්‍රංශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් නොවී කොළඹ ලැගුම්හලක නැවතී සිටි ප්‍රංශ ජාතිකයකු අද(18) පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
මොහු ලැගුම්හලින් පිටව යන අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශිකයාගේ ඡායාරූපයක් ද සමග මාධ්‍ය මගින් කළ ප්‍රචාර හේතුවෙන් මහජනයාගේ සහයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
සැකකරු අද දින නිරෝධායන කටයුතු සඳහා යොමුකළ බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
මාධ්‍ය මගින් ලබා දුන් සහය හා මහජනයාගේ විමසිලිමත් බව හේතුවෙන් මෙම විදේශිකයා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන හා විමසිලිමත් වු මහජනයාට පොලිස් දෙපාර්තමේන්තුව ස්තුතිය පුදකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණීමේ පර්යන්තය එකම අවුල් ජාලයක්..., එතන ඉන්න සෞඛ්‍ය නිලධාරීන් දන්නේ නැහැ.. සහායට ඉන්න ගුවන් හමුදා භටයින් සහ ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන්ගේ සහයෙන් වැඩේ ඉක්මණට පිළිවෙලකට කරගන්න. අධ්‍යක්ෂක ජාසිංහ මහත්මයා නම් ලොකුකතා කියනවා.. කියනවා නමුත් වැඩේ අවුල්...