( ඩයනා උදයංගනී)
මේ වන විට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19 ක් බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
පුද්ගලයින් 2287 දෙනකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන සඳහා පැමිණ ඇති බව යුද හමුදාපතිවරයා කීවේය.
ආසාදිත වූ පුද්ගයින් 19 දෙනාගෙන් එක් පුද්ගලයකු එක්සත් රාජධානියේ සිට පැමිණි අයකු වන අතර සෙසු පුද්ගලයෝ 18 දෙනාම ඉතාලියේ සිට පැමිණ නිරෝධායන කටයුතුවලට සම්බන්ධ වූ පිරිස බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙම සියලු දෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පිරිස බවද කීවේය.
මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 16 ක් පිහිටුවා තිබේ. ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වට මුහුණ දීම සඳහා තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කරන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම ඉන්දියාවේ සිට රැගෙන එනු ලබන සියලු දෙනා නිරෝධායන කටයුතුවලට යොමු කරන බවද කීවේය.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදාපතිවරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙනකොට අලුත්ම කොරෝනා ආසාදිතයින් ගණන 45යි. මේ ගාන දන්නේ නැත්තේ ඇත්ත හංගන්නද? ආණ්ඩුවට ඡන්ද උණ. හැබැයි අද වෙනතුරු එක මාධ්‍ය හමුවක්වත් නැහැ කොරෝනා ගැන කතා කරන්න. අන්තිම පිළිකුල් ලංකාවේ දේශපාලකයින්ගේ හැසිරීම...
චොවිඩ්-19 නිරෝධායන කටයුතු සඳහා වෙනත් රටවල් සෞඛ්‍ය ජෙනරාල්ලා පත්කර තිබියදී ලංකාවේ ඔවුන් පසුපසට කොට යුද කටයුතු සඳහා යොදවන හමුදාව එම කටයුතු කිරීමට ලංකාවේ රජය ක්‍රියාකර ඇත.
ලියනගේ මහත්මයා ජාත්‍යන්තර කෝණයකින් බලනකොට ඔබතුමාගේ කතාවේ යම්කිසි සත්‍යයක් තිබෙනවා. නමුත් ලංකාවේ රජයේ ඉස්පිරිතාලයකට ගිය කෙනෙක් දන්නවා ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එහි සේවකයින්ගේ ක්‍රියා පටිපාටිය්... ලංකාවේ රජයේ ආයතන ගත්තම යුද හමුදාව ක්‍රියාකාරිත්වය අතින් ඉහළින්ම තිබෙන දෙපාර්තමේන්තුවක්..., මේ වැඩේට යුද හමුදාව යෙදෙව්වේ නැතිනම්, මෙම තත්වය භායනක වෙන්න තිබුණා. ජනපතිතුමාට වෙන විකල්පයක් නොමැති නිසා එතුමා මෙම ප්රශ්නය විසඳන්න තමන් දන්නා කියන හමුදාව යෙදෙව්වා...